පානදුර මහානාම විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (23) ආරම්භ වූ තෙවැනි ‘සිංහ සංග‍්‍රාම’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙන එස්. ද එස්. ජයසිංහ විදුහල දෙවැනි ඉනිම සඳහා කඩුලූ දෙකක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය. මහානාම විදුහල් පන්දු යවන්නෝ ජයසිංහ විදුහල් පළමු ඉනිම ලකුණු 113 කට සීමා කරමින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමට ආරාධනා කළහ. ජයසිංහ විදුහල ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 145 ක් රැස්කළ යුතුය. හෙට (24) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. මහානාම විදුහල පළමු ඉනිම ඕවර 61.5 කදී 258 (කසුන් මධුරංග 77, සුපුන් මධුරංග 56, අකිල ධනංජය 62, සජාන් ප‍්‍රනාන්දු 24, හෂාන් හේවානායක 97/4, මහේෂ් පීරිස් 47/2) එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම ඕවර 23.5 කදී 113 (අසේල සම්පත් 26, හෂාන් හේවානායක 32, සුපුන් මධුරංග 47/3, අකිල ධනංජය 20/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 35 (ඉෂාර කුරුවිට නොදැවී 24, සුපුන් මධුරංග 25/2)
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්. ද එස්. ජයසිංහ විදුහල පරාජයෙන් ගැලවීමේ සටනක
සුමුදු සම්පත් Sunday, 25 March 2012 04:02 PM
අපි හැමදාම දිනනවා.
උපාලි Sunday, 25 March 2012 04:30 PM
මහානාමයට ජය වේවා !