පානදුර මහානාම විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (23) ආරම්භ වූ තෙවැනි ‘සිංහ සංග‍්‍රාම’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙන එස්. ද එස්. ජයසිංහ විදුහල දෙවැනි ඉනිම සඳහා කඩුලූ දෙකක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය. මහානාම විදුහල් පන්දු යවන්නෝ ජයසිංහ විදුහල් පළමු ඉනිම ලකුණු 113 කට සීමා කරමින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමට ආරාධනා කළහ. ජයසිංහ විදුහල ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 145 ක් රැස්කළ යුතුය. හෙට (24) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. මහානාම විදුහල පළමු ඉනිම ඕවර 61.5 කදී 258 (කසුන් මධුරංග 77, සුපුන් මධුරංග 56, අකිල ධනංජය 62, සජාන් ප‍්‍රනාන්දු 24, හෂාන් හේවානායක 97/4, මහේෂ් පීරිස් 47/2) එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම ඕවර 23.5 කදී 113 (අසේල සම්පත් 26, හෂාන් හේවානායක 32, සුපුන් මධුරංග 47/3, අකිල ධනංජය 20/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 35 (ඉෂාර කුරුවිට නොදැවී 24, සුපුන් මධුරංග 25/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමදාම දිනනවා.
මහානාමයට ජය වේවා !