පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළකු හෙරොයින් කුඩු ග්‍රෑම් 25 ක් සමඟ හික්කඩුව දේවාල පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය දූෂණ මර්ධන ඒකකය කියයි.

ඔහුගෙන් කුඩු ගන්නට ආ දෙදෙනකු සමඟ තිදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.