පොලිස් මාධ්‍ය ඒකකය ඉක්මණින් යළි ස්ථාපිත කර දෙන බව තමා කළ විමසීමක දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පැවසූ බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පැවසීය.
චාවචක්චේරි බෝම්බ සිද්ධිය ගැන ප්‍රකාශයක් මාධ්‍යකට ලබා දීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මාධ්‍යට තොරතුරු ලබා දීම නතර කැරුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දුරකතන අංකයද අක්‍රීය කැරිණි.
පසුගිය දා සිදුකළ කොකේන් වැටලීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් කළත් එය ඔවුන්ට නිසි ගෞරවයක් හිමි නොවීම නිසා ඒ ගැන මාධ්‍යයට වෙනමම දැනුම් දීමට විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පතිට සිදු විය. ඉන් පසු එය මාධ්‍ය සාකච්ඡාවක් ලෙස එළියට යෑම නිසා විශාල ආන්දෝලනයක් ඇති විය.
පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයෙන් ජනමාධ්‍ය වෙත ලිඛිතව දැනුම් දී නොතිබුණු අතර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයෙන් මාධ්‍යයට වාචික තොරතුරු ලබා නොදීම නිසා ඒ ගැන පොලිසියෙන් විමසීමට ද ජනමාධ්‍යයට නොහැකි විය.
ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බළකායට සිදුවූයේ ඔවුන් වැටලීම කළ බව මාධ්‍යයේ පළ නොවීම නිසා බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයෙන් මාධ්‍යයට වාචික තොරතුරු දීම නවත්වා ඇති නිසා වැටලීම ගැන විමසීමට මාධ්‍යවේදීන්ට හැකියාවක් නැති බවත්, තවමත් එය පිහිටුවීමට අපහොසත් වී ඇති බවත් කියමින් මාධ්‍යවේදීන් විමසද්දී ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ පොලිස් මාධ්‍ය ඒකකය විධිමත්ව පුළුල්ව පිහිටුවීමට සාගල ඇමැතිවරයා කටයුතු කරමින් සිටින බවයි.
ඒ වන තෙක් පොලිස්පතිට කතා කර පොලිසියේ තොරතුරු ලබා ගත හැකි බව ද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය විසිහතරෙන් විසුරවන්න පුළුවන්. හැබැයි පිහිටුවන්න තවම කටයුතු කරමින් සිටිනවා. තව මාස ගානක් සමහරවිත අවුරුද්දක් විතර කටයුතු කරමින් ඉඳියි (නි)
මේ අය කොහොමත් ඉක්මන් වෙන්නේ තිබුනු දෙයක් නැතිකරන්න මිසක් ඇතිකරන්න නෙමෙයි. ඇතිකරන්න නම් අවුරුදු ගානක් ලැහැස්ති වෙනවා. (නි)
හොඳ ලිපියක් (නි)
පොලිසිය කොතරම් කාර්යක්ෂම වුවත් අපේ සුදුවතින් සැරසුන අයට ක්‍රෙඩිට් එක ගියේ නැත්නම්, මොන වැඩේ වුණත් කුණු කූඩයට තමයි (නි)