ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය කොළඹ ලුම්බිණි විද්‍යාලයය අතර අද එස්එස්සී පිටියේ පැවති මහා ක්‍රිකට් තරඟයෙන් පසු දෙපිරිසක් පිටිය මැදට පැන කලබලයක් ඇති විය.
සිසුහු සහ ආදි සිසුහු පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් ද කැඳැවිණි.
අද පැවති මහා ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය පන්දු වාර 48කදී සියල්ල දැවී ලකුණු 151ක් ලබා ගත් අතර ලුම්බිණි විද්‍යාලයය පන්දු වාර 48ක දී ලකුණු 152ක් ගනිමින් ජයග්‍රහණය කළේය.
ඉන් පසු දෙපිරිසක් පිටිය මැදට පැනීමෙන් පසු කලබලය ඇරැඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ක්‍රිකට්ද මෙයාලට (බ)
කලබල කරපු අය අත්අඩංගුවට ගන්න . (ර)
ඔය ලුම්බිණිය මුලින්ම බිග් මැච් ගැහුවේ අපේ පාසල වන හොරණ ශ්‍රී පාලිය එක්ක. එ් කාලෙත් ලුම්බිණිය ඔහොමමයි. එ්කයි අපි බිග් මැච් නැවැත්තුවේ (නි)
ක්‍රිකට් කියන්නේ මහත්මා ගුණ දන්නා අයට පමණක් සීමා විය යුතු ක්‍රීඩාවක්. බලන්න ගිය සතියේ රාජකීය-සාන්ත තෝමස් තරගය ඔය ක්‍රීඩාංගනේම තිබුනා . තෝමස් ලා දවස් දෙකක් ඉදිරියෙන් හිටිය නමුත් අන්තිම දවසේ ඇන ගත්තා. රාජකීයයන් දිනුවා. එක වැලි කැටයක්වත් විසිකරලා කරදර කෙරුවේ නැහැ. තරගයට බාධා කෙරුවේ නැහැ. තරගෙන් පස්සේ කණ්ඩායම් දෙකම එකතු වෙලා එකට විනෝද වුණා. (ර)
පාසල් ක්‍රිකට් තරඟ වලින් පස්සේ මේ කුලල් කා ගැනිල්ල දැන් මෝස්තරයක් වෙලා . අනිත් හැම දෙයකින්ම වගේ ක්‍රීඩාවෙනුත් විනය පිරිහීගෙන යන හැටි හරිම ශෝචනීයයි (බ)
මී හරක් මී හරක් පිට්ටනිය මැද්දේ ඇරගෙන. බලන්න රාජකීය ශාන්ත තෝමස් , ආනන්ද නාලන්ද වගේ ලංකා ක්‍රිකට් පිටියට ක්‍රීඩකයින් රැසක් තිලින කරමින් වසර සියයකට වැඩ එසේත් නැතිනම් වසර සියයකට අසන්නව තරඟ කරන පාසල්. කොපමණ විනයක් ඔවුන් සතුද ? (හේ)