ශ්රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය.
එස්.එල්.පී.එල්. තරගාවලිය නිල වශයෙන් ප‍්‍රචාරය කිරීම වෙනුවෙන් අද (16) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී මහේල එසේ පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රමාදවීම එස්.එල්.පී.එල්. තරගාවලියට බලපෑමක් ඇති වී තිබේදැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට මහේල මෙසේ පැවසීය.
‘‘ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම මේ දක්වා අත්සන් කර නෑ. ඒ පිළිබඳව සාකච් ඡාකරමින් සිටිනවා. එය අත්සන් කිරීමෙන් පසුවයි, මෙම තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව පිළිබඳව කටයුතු කරන්නේ’’
මෙම මාධ්‍යහමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව සංචාරවලට සහභාගි වී සිටි නිසා ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රමාද වූ බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
@සදරුවන්: නොදන්නා දේ ගැන කියන්න එපා. ක්‍රීඩකයින්ට මුදල් නොගෙවා සේවය ලබා ගැනීමට ද 'පරිපාලනය' කියන්නේ ? පැත්තක ඉන්න අර්ජුන මේවට පටලගන්න එපා. අර්ජුන ක්‍රිකට් පරිපාලනේ හිටිය කියල ක්‍රීඩකයින්ගේ ඕනේ එපා කම් ඉබේ ඉටුවෙනවා ද? අර්ජුන ක්‍රීඩකයෙක් වෙලා හිටියනම් අර්ජුන නොමිලේ සෙල්ලම් කරයි ද ?
ඒ ගොල්ලෝ අකුරට වැඩ වගේ...
එහෙම තමයි ඉන්න ඕන.. ඔහොම යං...
ඔබට මෙසේ ාත්ම ශක්තියක් තිබීම පිළිබද ඉතා සතුටුයි
එහෙම තමයි ඉන්න ඕනේ..අදායමෙන් සියයට විසිපහක් කියන්නේ එතරම් මුදලක් නෙමේ.මේ ක්‍රීඩකයෝ නිසා තමයි අද ලංකාවේ ක්‍රිකට් දුවන්නේ. පාලකයන්ට පුලුවන්ද ඒ පුරප්පාඩුව පිරිමහන්න.
මේ ඇත්තටම ක්‍රිකට් ඕනෙමද?
අර්ජුන ක්‍රිකට් පරිපාලනේ හිටිය නම් ක්‍රීඩකයන් මෙහෙම පරිපාලනේ නටවන්නේ නැහැ
@ රට වැසියා, ඔබත් සමග මම එකගයි... මේ ක්‍රීඩකයෝ ගොඩක් කෑපකිරීම් කරනවා රට වෙනුවෙන්... රටේ කීර්තිය වෙනුවෙන්... ඒ අයට ලෑබෙන මුදල අපේ රටේ තත්වය අනුව වෑඩි උනත් අනික් රටවල් සහ ක්‍රීඩකයන් හා සාපේක්ශව අඩුයි... අමතක කරන්න එපා මේ ක්‍රීඩකයෝ මාස ගනනාවක් පඩි නෑතිව සෙල්ලම් කළා රට වෙනුවෙන්... වචනයක්වත් නොකියා, නොබෑන...! ඒ අයට නෝක්කාඩු කියන, ඔය කතා කරන මිනිස්සු එහෙම කරන්න ලෑස්තිද කියලා තම තමන්ගේ හදවතට තට්ටු කරලා අහලා බලන එක තමයි වටින්නේ... අමතක කරන්න එපා ක්‍රිකට් තමයි අපේ ලෝක මට්ටමට ගිය ක්රීඩාව..!
ක්‍රීඩකයෝ එක පැත්තකට අදිනවා... ක‍්‍රිකට් ආයතනයේ බලධාරින් එකක් කියනකොට ක්‍රීඩා ඇමති තව එකක් කියනවා... අන්තිමට තරගයක ජය අපේක්ෂාවෙන් පිට්ටනියට ගොස් ක්‍රීඩකයන් දිරි ගන්වන ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිද වැටෙනවා... ක්‍රිකට් ක‍්‍රීඩාව දිනෙන් දින වල පල්ලට යනවා... වර්තමාන පාලකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ක්‍රිකට් විනාස කරලා වෙනින් ක‍්‍රීඩාවක් උස්සලා පෙන්වන්නද මන්දා...