ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) තරගාවලියේ කණ්ඩායම් සඳහා කී‍්‍රඩකයන් තෝරා ගන්නා රැස්වීම මේ මස 20 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය පිළිබඳව ‘ලංකාදීප’ කළ කළ විමසුමකදී එස්. එල්. පී. එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ අජිත් ජයසේකර මහතා පැවසුවේ මෙවර තරගාවලිය යොදාගත් පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.
”මෙය ක‍්‍රීඩකයන් වෙන්දේසියක්ම නොවෙයි. ඒත් ඒ ඒ ක‍්‍රීඩකයන්ට වටිනාමක් තියෙනවා, ඒ අනුව මෙහිදී සිදුවන්නේ කණ්ඩායම් අයිතිකරුවන් ඔවුන්ට අවශ්‍ය ක‍්‍රීඩකයන් තෝරා ගැනීමක් පමණයි”
”මෙම රැස්වීමට සියලූම කණ්ඩායම අතිකරුවන් සහභාගිවිය යුතුයි” යයිද ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
2012 තරගාවලියේ ඇතැම් කණ්ඩායම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් මේ දක්වා ගෙවා නොමැති බවත් ඒ හේතුවෙන් එම කණ්ඩායම්වල සහභාගිත්වය 2013 තරගාවලිය සඳහා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වේ.
පසුගිය වසරේ ඇතැම් කණ්ඩායම් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ජයසේකර මහතා පවසා සිටියේ සියලූම අයිතිකරුවන්ට මුදල් ගෙවන ලෙස දැනුම්දී තිබෙන නමුත් මේ දක්වාම ගෙවීම් නොකළ අයිතිකරුවන්ද සිටින බවයි.
එස්. එල්. පී. එල්. තරගාවලි මාලාවේ පළමුවැන්න 2012 වසරේ අගෝස්තු මස විදේශිය ක‍්‍රීඩකයන් රැුසකගේ සහභාගිත්වයෙන් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගාවලියට කණ්ඩායම් 7 ක සහභාගි විය. එම තරගාවලියේදී ඌව කණ්ඩායම විසින් ශූරතාව දිනාගන්නා ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන් කරන දේ කරනන් ගියොත් නම් අපිත් වදුරන් වෙනවා (දී)
මමත් මේ තරඟය නම් අනුමත කරන්නේ නැහැ.මුදල් නාස්ති වෙන වැඩ. (දී)
අනේ බැරී දේවල් නොකර රටේ සල්ලි කන්නේ නැතුව ඉන්නවද? ගියපාර දැක්කා ආපු සෙනග.ග්රවුන්ඩ් එකේ හිටියේ සත්තු විතරයි (දී)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වලු ජනග්‍රහණය ගොඩක් ඉන්න රටවල් කරන දේවල් අපට කරන්න බෑ තව වෙන ක්‍රමයක් ගැන හිතන්න බලන්න විකාර ලජ්ජා නැති වැඩ නොකර (අ)
මේ පාරත් විදෙස් ක්‍රීඩකයන්ට පොලු තමා. නමක් නැති දෙවන පෙළ කණ්ඩායමක ක්‍රීඩකයන් ගෙනල්ලා ගස්සවයි. ඕවා බලන්න සෙනගත් නැහැනේ. ගිය සැරේ වගේ ක්ලබ් මැච් වගේ තියේවි (දී)
සමහර මැච් වලට 50ක් වත් හිටියේ නැහැ.ඉන්දියාවේ මැච් වලට ග්‍රවුන්ඩ් එක පිරෙන්ඩ සෙනග .ලැජ්ජාවේ බැහැ. (දී)
මොන එස්.එල්.පී.එල් ද ? දකුනු අප්‍රිකානු කණ්ඩායම ලංකාවේ. තව දවස් 5 කින් මැච් එක. ඒත් අපේ කණ්ඩායමවත් තාම නම් කරලා නැහැ. තේරුම් කමුටුව නිදිද ? කිත්රුවන් විතානගේ, ඇන්ජිලෝ පෙරේරා, තිසර පෙරේරා කණ්ඩායමට දාන්න. ඒ වගේම අඩුම ගානේ තරඟ 3 ක් වත් එක දිගට අවස්ථාව දෙන්න, ජීවන් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න හරියන්නේ නැහැ. ලහිරු ටෙස්ට් වලට විතරක් දැනට තිබ්බානම් හොදයි කියල තමා මගේ හැගීම. දකුණු අප්‍රිකානු තරගාවලියට මගේ කණ්ඩායම , කුසල් ජනිත් ,උපුල් තරංග ,කිත්රුවන් විතානගේ ,කුමාර සංගක්කාර ,මහේල ජයවර්දන ,ඇන්ජෙලෝ මැතිව්ස් ,ඇන්ජෙලෝ පෙරේරා ,තිසර පෙරේරා ,සචිත්‍ර සේනානායක ,රංගන හේරත් ,ලසිත් මාලිංග හෝ නුවන් කුලසේකර (සනිප නම් ).(නදී)
වෙන්දේසියක් නෙමෙයි නම් මොකක්ද. කටින්ද කතාකරන්නේ?කන්නේ බත්ද. අපේ අය අයි.පි . එල් යන කොට කියපු කතා පිටරට වලිත් ආ ක්‍රීඩකයන්ට කීවොත් මොකද වෙන්නේ? (දී)
බලමුකෝ මොකද වෙන්නෙ කියල (අ)
අනේ අපේ කට්ටිය මැච් ගහල හොයන සල්ලි ටික මුන් බෙදාගන්න යන්නේ.(අ)
ඉන්දියාවේ ක්‍රිකට් පිස්සෝ හිටියට ලංකාවේ අපිට වැඩ තියෙනවා (දී)