(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් නිල ලාංඡනයක් සහිත ශරීර සුවතා ටීෂර්ට් එකක් හැඳ සිටි 24 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරකු කොළඹ ආර්. ඒ. ද .මෙල් මාවතේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

පොලිස් පරීක්ෂකවරයකු වන තම ඥාතියෙකුගෙන්පොලිස් නිල ලාංඡනය සහිත මෙම ශරීර සුවතා ටීෂර්ට් එක ඉල්ලා ගත් බවසැකකරු පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කරන පොලිස් ස්ථානය ගැන ද තොරතුරු මෙම සැකකරු විසින් හෙළි කරන ලදැයි පොලිසිය පවසයි.

මෙම ටී ෂර්ට් එක පැළඳ සිටි තරුණයා සමග සිටි ඔහුගේ මිතුරකුද ප්‍රශ්න කිරීම සඳහා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාම හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.