පානදුර මිනුවන්පිටියේදී සාහසිකයකුගේ පිහි පහරකින් ඝාතනයට ලක්වූ බණ්ඩාරගම පොලිසියේ නඩු අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පළිහවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කණ්ඩායම් 6 ක් පරීක්ෂණ සඳහා යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුකරන ලද එකක් යැයි පොලිසිය සැකකරන බවත් පොලිස් නිල සුනඛ වූෂි ඝාතනයට යොදා ගත්තැයි සැකකරන මන්නා පිහියක් ඉවකර පොලිස් නිලධරයාගේ නිවසටම යාම නිසාත් තවත් සැකසහිත යතුරක් ඉවකර ඒ ඔස්සේ එම නිවසේම ඉහළ මහළේ කාමරවලට යාම නිසාත් ඝාතනයට නිවසේ අයකු සම්බන්ධ යැයි පොලිසිය සැකකරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. පර්යේෂණ සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් පවතින බවද පොලිසිය කියයි.

මියගිය පළිහවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (8) බෙක්කේගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

vlcsnap-2015-04-08-18h13m10s202 vlcsnap-2015-04-08-18h13m39s240 vlcsnap-2015-04-08-18h13m52s79 vlcsnap-2015-04-08-18h14m11s255 vlcsnap-2015-04-08-18h14m32s223