IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එස් අයි ඝාතන සැලැස්ම ගෙදරින්ම?

පානදුර මිනුවන්පිටියේදී සාහසිකයකුගේ පිහි පහරකින් ඝාතනයට ලක්වූ බණ්ඩාරගම පොලිසියේ නඩු අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පළිහවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කණ්ඩායම් 6 ක් පරීක්ෂණ සඳහා යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුකරන ලද එකක් යැයි පොලිසිය සැකකරන බවත් පොලිස් නිල සුනඛ වූෂි ඝාතනයට යොදා ගත්තැයි සැකකරන මන්නා පිහියක් ඉවකර පොලිස් නිලධරයාගේ නිවසටම යාම නිසාත් තවත් සැකසහිත යතුරක් ඉවකර ඒ ඔස්සේ එම නිවසේම ඉහළ මහළේ කාමරවලට යාම නිසාත් ඝාතනයට නිවසේ අයකු සම්බන්ධ යැයි පොලිසිය සැකකරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. පර්යේෂණ සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් පවතින බවද පොලිසිය කියයි.

මියගිය පළිහවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (8) බෙක්කේගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

vlcsnap-2015-04-08-18h13m10s202 vlcsnap-2015-04-08-18h13m39s240 vlcsnap-2015-04-08-18h13m52s79 vlcsnap-2015-04-08-18h14m11s255 vlcsnap-2015-04-08-18h14m32s223

 

 

 

 

 

 



අදහස් (0)

එස් අයි ඝාතන සැලැස්ම ගෙදරින්ම?

මිනිහ Thursday, 09 April 2015 04:24 PM

දැන් තනියම නිදා ගැනීමේදී ඝාතනයට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බැවින්, පොලිසිය තනියම නිදා ගැනීම තහනම් කරයිද දන්නේ නෑ. (ස)

:       0       0

ශිකර් Thursday, 09 April 2015 09:08 AM

ඇත්තටම ඔව්. (බ)

:       0       0

නාමල් ධම්මික Wednesday, 08 April 2015 04:12 PM

අනිවාර්යයෙන්ම මේක නෝනාගේ වැඩක් වෙන්න ඕන (බ)

:       0       0

ශානිකා Thursday, 09 April 2015 09:29 AM

ශා... මාරයිනෙ මෙතන බුද්ධි අංශ සාමාජිකයන්නේ ගොඩක් ඉන්නෙ.පොලිසියටත් කලින් ප්‍රශ්න විසදලා...(ම)

:       0       0

රුවන් Wednesday, 08 April 2015 05:03 PM

ඊයේ දැකපු vidio එකෙන් මට පොඩි සැකයක් අවා එයාගේ බිරිද කතාකරපු විලාසය සැකසහිත බව (ස)

:       0       0

සහන් Thursday, 09 April 2015 05:28 PM

සමහරු පොරවල් වගේ අදහස් දාලා තියෙන්නේ.අනුන්ට මඩගහනවට වැඩිය දෙයක් නැහැ. මරණය වෙනවා දැක්කා වගේනේ කතාව (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 08 April 2015 05:14 PM

කට උත්තර ගන්න තව කට්ටිය ඉන්නවා. (ස)

:       0       0

චමිර Wednesday, 08 April 2015 06:01 PM

ගෙදර උන්වත් විශ්වාස කරන්න බෑනෙ. (ස)

:       0       0

වීරරත්න Thursday, 09 April 2015 09:50 AM

සෑම අපරාධයකම කුමක් හෝ සාක්කියක් ඉතිරි වෙනවා.ලංකාවේ පොලිසිය මෙ අපරාධයත් සොයා ගනීවි.එතෙක් ඉවසමු.(දිල්)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 08 April 2015 11:21 PM

ලංකාවේ සෑම ඝාතනයකම පරීක්ෂණ සඳහා මෙවැනි වටිනාකමක් ලැබෙනවා නම් ඉතා හොඳයි (නි)

:       0       0

ජස්මින් Thursday, 09 April 2015 01:17 AM

මේක ඉතාම පැහැදිලිය. නෝනා උඩුමහලත්, මහත්තයා පහත මහලෙත් නිදන මේ අලුත් ක්‍රමවේදය සාදාරණ සැකයක් ඇති කරන අතර පාන්දර හතරට මහත්තයා මියගිය බව නෝනා දැනගන්නවා. මෙහෙම වෙන්න පුළුවන් ද ? (ස)

:       0       0

රුවන් Thursday, 09 April 2015 01:27 AM

මේ දරුවෝ දෙන්න තමා අන්තිමට තනිවෙන්නේ (ස)

:       0       0

නිමල් Thursday, 09 April 2015 01:42 AM

මේ අපරාධ සහමුලින්ම තුරන් කළයුතුයි (නි)

:       0       0

සරෝජ පතිරන Thursday, 09 April 2015 02:04 AM

මෙතන ඉන්න සමහර කීබෝඩ් වීරයෝ තමන් නොදන්නා දේවල් ප්‍රසිද්ධියෙ කියන එක අනුමත කරන්න බැහැ. රටේ පොලිසිය සහ අධිකරණය මේ දේවල් ගැන තීරණ ගනීවි.අමතක කරන්න එපා මේ ළමයින්ට පාසල් යන්න ඕනෑ සහ සමාජයට මුහුණදෙන්න ඕනෑ. (නි)

:       0       0

භානු Thursday, 09 April 2015 02:14 AM

හරියට කරුණු නොදැන අපිට මොනවත් ලියන්න බැහැ. අපි ඒ ගෙදර පදිංචිවෙලා හිටියේ නැහැනේ . මේ කාරණාව මේ අහිංසක දරුවන්ටයි අනාගතයේ බලපාන්නේ. විවාහ යෝජනාවකදී වුණත් ඒ අයට අනාගතයේ මේ දේවල් බලපාන්නේ පියාගේ මරණය සැකසහිත මිනීමැරුමක් වුණ නිසා. (නි)

:       0       0

ජනක Thursday, 09 April 2015 04:24 AM

අනේ උඩ මහල වැඩ ඉවර නෑ... බිරිඳ නිදියගන්නෙත් පහළ මහලේ. බිරිඳට සහොදරයෝ නෑ. මම මැරුන දවසෙම මේ මහත්තය බලන්න ගිය මටත් බිරිද ෂුවර් නෑ එයා මිනිය ගේන වෙලාවේ අැඬුවෙවත් නෑ ..... බිරිඳට ගොඩක් සල්ලි තියෙනවා (බ)

:       0       0

නාලනී රත්නවීර Friday, 10 April 2015 04:01 AM

අනේ මන්ද මේ සතියේ අහපු මරණ දෙකම ගෙදරින් සිදු වුනා කියල නේද කියන්නේ. දැන් මිනීමරුවෝ ඉන්නේ ගෙදරමද. ගෙදර ඉන්නත් බයයි කෙසේ වෙතතත් අපි ඔහුට නිවන් සුව පතමු...(බ)

:       0       0

වොට්සන් Thursday, 09 April 2015 05:16 AM

වෙලාව රාත්‍රී 11.20, මුළු බෙකෙර් වීදියම නිශ්ශබ්දය හොර්ම්ස් මහත්තය පුටුවකට වෙලා දුම් බටේ උරමින් පැය ගානක් තිස්සේ බර කල්පනාවක. මම කියවමින් සිටි පොත පසෙකට කරලා ආලින්දයේ තිබෙන ගින්දර උධුනට දර ටිකක් දමන්න සැරසුණා පමණි, හොර්මෙස් මහත්තය දිගු නිහැඩියාව බිදලා යමක් කියන්න පටන් ගත්තා, "වට්සෝන්ට මතකද අර ලංකාවේ කහවත්තේ පහුගිය අවුරදු කිහිපයේ උන නොවිසිදුන මිනීමැරුම් පෙළ, ගිය සතියේ අයෙත් ඒ පැත්තේ කාන්තාවක් මරළලු, ඊයේ තවත් කාන්තා මිනීමැරුමක් මාදම්පේ, ඒ මදිවට පෙරේදා උපපොලිස් පරිකෂකවර්යෙක්ව මරල. වොට්සෝන් මහත්තය මට හිතා ගන්න බැහැ මේ සිද්වීම් පෙළ ගැන, සතියක් ඇතුලත මිනීමැරුම් තුනක්. තාමත් ලංකාවේ පොලිස්සිය අසමත් වෙලා තියෙනවා මේ ගැන හොයන්න.." මෙතෙක් වෙලා ඔහු කලපනා කරේ කුමක් ගැන දැය් දැන් මට වැටහුණි, හොර්ම්ස් මත්තය දැන් අපි මොකක්ද කරන්න යන්නේ? මම යලිත් පුටුවට බර වෙන ගමන් ඔහුගෙන් ඇසුවෙමි. "කරන්න යන දේ මම හෙට යන ගමන් කියන්නන්, දැන් අපි නිදා ගමු හෙට දුර ගමනක් යන්න තියනවනේ" යැයි ඔහු මට පවසා නින්දට ගියේය. මේ ගමනත් කලින් සැරේ මෙන් පගාවට බෝතෙලට යටවෙන්න බැරුව කලිකිරීමෙන් ආපසු එන්න වෙන ගමනක් වේ දැයි සිතමින් මම නින්දට වැටුණි. (බ)

:       0       0

කීර්ති Thursday, 09 April 2015 05:42 AM

කරුණාකරලා දන්නේ නැති දේවල් ලියන්න එපා ඒ දරුවන්ට සමාජයට මුණ දෙන්න බැරි කරන්න එපා (දිල්)

:       0       0

ජනිත් Friday, 10 April 2015 04:11 AM

මම මේ නිලධාරියාව පුද්ගලිකවම දන්නවා.මේ මගේ තාත්තාගේ යාලුවෙක්.මමත් පානදුරේ.මෙයා එහෙම නරක කෙනෙක් නෙමෙයි. කොයිකාගේත් වැරදි ඇති. අපි දැනුවත්ව නම් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. (නි)

:       0       0

පහන් Thursday, 09 April 2015 05:55 AM

ගෙදර කවුරුම හරි සම්බන්ධ ඇති මේ කියන විදියට (දිල්)

:       0       0

සමන්තලාල් Thursday, 09 April 2015 06:08 AM

වොට්සන්, ඔබ ඉතා නිර්මාණශීලී කෙනෙක්. මේ සම්බන්ධයෙන් අපිට කළහැකි දෙයක් නැතිවුණත් නීතියේ මේ සම්බන්ධයෙන් ඇති අලසබව සහ සිදුවීමේ ගුප්ත බව ඔබ ඉතා හොඳින් ලියා තිබෙනවා (නි)

:       0       0

පහන් Thursday, 09 April 2015 06:23 AM

වොට්සන් නරකද රහස්පරික්ෂක්යෙක් උනොත්. (ස)

:       0       0

වරුණ Thursday, 09 April 2015 06:41 AM

මට මතකයි දැනට අවුරුදු 15 කට 20 කට කලින් පානදුරේ බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ සංගීත සංදර්ශනයකදිත් මේවගේම කඩු ප්‍රහාරයකට ලක් උනා මොහු ඒ තරම් හොද නිලධාරියෙකුත් නෙවෙයි (බ)

:       0       0

විද්‍යා Thursday, 09 April 2015 06:54 AM

දැන් බලනකොට ගෙදර ඉන්නත් බයයිනේ (නි)

:       0       0

විශ්ව Thursday, 09 April 2015 06:54 AM

මේ වගේ දේවල් ප්‍රශ්නාර්ථයක් සහිතව ඉතුරුවීමෙන් අහිංසක දරුවන්ට සහ නි‍ර්දෝෂී අයට ලොකු ප්‍රශ්නයක් වෙනවා (නි)

:       0       0

අනුර Thursday, 09 April 2015 07:05 AM

තමාගෙන් සිදුවුණ බරපතල අත්වැරැද්දක් ගැන පසුතැවෙන කෙනෙක් මෙතන ඉන්නවා වෙන්න පුලුවන් (නි)

:       0       0

රසිත් Thursday, 09 April 2015 07:08 AM

අපි අපි අපේ වැඩක් බලාගත්තොත් නේද හොඳ? (නි)

:       0       0

අසංක Thursday, 09 April 2015 03:37 PM

හොද මනුස්සයෙක් , ඒ බව මම හොදටම දන්නවා.ඔබට නිවන් සුව දයාබර අය්යේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site