IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එවරස්ට් කන්ද උස ගිහිල්ලා

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

මේ බව අනාවරණය කළේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයන් කණ්ඩායමකි. එම විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් ශිඛරය මීටර් 15ත් 50ත් අතර ප්‍රමාණයකින් උසින් වැඩි වී තිබේ.

වසර මිලියන 40-50කට පෙර ඉන්දීය සහ යුරේසියා භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් හිමාල කඳු වැටිය නිර්මාණය වී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලි එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි.

එවරස්ට් ශිඛරය චීන සහ නේපාල දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස ඇත්තේ චීනය දෙසටය. එවරස්ට් ශිඛරය උස යෑම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අරුන් ගංගාව පාමුල ඇති පාෂාණ හා පස් ඛාදනය වෙමින් ඉහළට තල්ලු වීම බව, පර්යේෂකයෝ පවසති.



අදහස් (1)

එවරස්ට් කන්ද උස ගිහිල්ලා

ජයනාත් Sunday, 06 October 2024 09:39 PM

උස වැඩි වෙන්නේ ඛාදනය නිසාද..? මම හිතන්නේ භූ තැටි තෙරපීමේ ප්‍රතිඵල කියලා. ගංගා ඛාදනය නිසා කියන එක ගැටලුවක්...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site