
(අංජුල මහික වීරරත්න)
එල්නීනෝ තත්ත්වයට මුහුණ දෙන්න කඩිනම් කාර්ය සාධන බලකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විවිධ නාලිකාවල එල්නීනෝ ලානීනා ගැන ලොකුවට දැන් කතා වුවත් ඒ සම්බන්ධයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අප්‍රේල් 7 වැනිදා ප්‍රථම වරට කතා කළ බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.
එහිදී විවිධ රාජ්‍ය ආයතන විශේෂඥයන් කැඳවා සාකච්ඡා කළ බවත් දෙස් විදෙස් විශේෂඥයන් කියන ආකාරයට එල්නීනෝ සහ ඉන් පසු ලානීනා යන තත්ත්වය භයංකාර විය හැකි බවට අනාවැකි පළ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටක් ලෙස පරිස්සමින් මෙයට මුහුණ දිය යුතු බව කී විපක්ෂ නායකවරයා සුපර් එල්නීනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට 63%ක සම්භාවිතාවක් ඇතැයි අනාවැකි පළවන්නේ යැයිද මේ නිසා බරපතල වියළි කාලයක් හා වැසි සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි. කෘෂිකාර්මික ගැටලු, ජල ගැටලුව, වනසත්ව මිනිස් ගැටුම වර්ධනය වීම ඇතුළු ගැටලු සේම පසුව ලානීනා තත්ත්වය නිසා නිශ්චිත කාල වකවානුවෙන් බැහැරව තද වැසිවලටත් මුහුණ දෙන්න සිදුවන නිසා මිනිසාට සතුන්ට සහ පරිසරයට බරපතල තර්ජනයක් විය හැකි බවත් මේ නිසා ජල ගැටලු වැඩි වී විදුලි උත්පාදනය පවා ගැටලුකාරී විය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd