කොටදෙණියාවේදී අතවරයට ලක් කර මරා දැමුණු සේයා සදෙවුමි දැරියගේ නිවසට මිනුවන්ගොඩ මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිවරයා විසින් ලිපියක් යොමු කර ඇත. මේ දැරියගේ අවසන් කටයුතු 15 වැනි දා සිදුවිය.
එහි සඳහන් වුණේ 2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට සැප්තැම්බර් 28 වැනි දින පෙරවරු 10.30 ට පැමිණෙන ලෙසයි.
මේ අතර මිනුවන්ගොඩ රජමහ විහාරයේ මේධංකර දහම් පාසලේ සිසුහු අද මිනුවන්ගොඩ නගරයට පා ගමනින් යමින් ඇගේ ඝාතකයන් සම්බන්ධ පරික්ෂණ සාධාරණව කළ යුුුතු යැයි උද්ඝෝෂණයක් ද කළහ.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එලොව ගිය දැරියට පාසලෙන් ලියුමක්
ඉලේපෙරුම Sunday, 20 September 2015 06:09 AM
නිශ්චිත වශයෙන්ම ඇය වෙනුවෙන් දෙමාපියන් මෙම පාසලට ඉල්ලුම් පත් ඉදිරිපත් කරන්න ඇති. මෙම දැරියගේ මරණය ගැන ඇගේ දෙමාපියන් පාසලට දැනුම් දීමක් නොකිරීම නිසා මෙසේ සිදු වී තිබෙන බව පැහැදිලියි. මෙය අරුමයක් නොවෙයි. මිය ගිය අය වෙනුවෙනුත් ඡන්ද පත්‍රිකා ලැබෙනවා. මරණය ගැන දැනුම් දීමක් ලැබෙන තෙක් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් එම වැටුප් ගෙවන කාර්යාලවලට යවනවා. රජයේ ආයතන පත්තර වාර්තා රූපවාහිනී පුවත් පදනම් කර තීරණ ගන්නේ නෑ. ඒක ලංකාවේ රජයේ ආයතනවල ස්වභාවයයි.(ම)
ධර්ම ජයවික්‍රම Sunday, 20 September 2015 07:37 AM
විදුහල්පතිතුමා නීත්‍යානුකූලව දරුවාගේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දැක්වීම වරදක් නෙමෙයි. (නි)
සෑම් Sunday, 20 September 2015 07:43 AM
මේක හරිම සංවේදී අවස්ථාවක් (නි)