කොටදෙණියාවේදී අතවරයට ලක් කර මරා දැමුණු සේයා සදෙවුමි දැරියගේ නිවසට මිනුවන්ගොඩ මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිවරයා විසින් ලිපියක් යොමු කර ඇත. මේ දැරියගේ අවසන් කටයුතු 15 වැනි දා සිදුවිය.
එහි සඳහන් වුණේ 2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට සැප්තැම්බර් 28 වැනි දින පෙරවරු 10.30 ට පැමිණෙන ලෙසයි.
මේ අතර මිනුවන්ගොඩ රජමහ විහාරයේ මේධංකර දහම් පාසලේ සිසුහු අද මිනුවන්ගොඩ නගරයට පා ගමනින් යමින් ඇගේ ඝාතකයන් සම්බන්ධ පරික්ෂණ සාධාරණව කළ යුුුතු යැයි උද්ඝෝෂණයක් ද කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශ්චිත වශයෙන්ම ඇය වෙනුවෙන් දෙමාපියන් මෙම පාසලට ඉල්ලුම් පත් ඉදිරිපත් කරන්න ඇති. මෙම දැරියගේ මරණය ගැන ඇගේ දෙමාපියන් පාසලට දැනුම් දීමක් නොකිරීම නිසා මෙසේ සිදු වී තිබෙන බව පැහැදිලියි. මෙය අරුමයක් නොවෙයි. මිය ගිය අය වෙනුවෙනුත් ඡන්ද පත්‍රිකා ලැබෙනවා. මරණය ගැන දැනුම් දීමක් ලැබෙන තෙක් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් එම වැටුප් ගෙවන කාර්යාලවලට යවනවා. රජයේ ආයතන පත්තර වාර්තා රූපවාහිනී පුවත් පදනම් කර තීරණ ගන්නේ නෑ. ඒක ලංකාවේ රජයේ ආයතනවල ස්වභාවයයි.(ම)
විදුහල්පතිතුමා නීත්‍යානුකූලව දරුවාගේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දැක්වීම වරදක් නෙමෙයි. (නි)
මේක හරිම සංවේදී අවස්ථාවක් (නි)