(ජයන්ත සමරකෝන්)
ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බව එම බන්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේය.
සී 3 සිර වාට්ටුවේ සිටි මරණීය දඬුවම නියම වූ සිරකරුවන් 84 දෙනෙකු පසුගියදා බූස්ස හා වටරැක බන්ධනාගාර වෙත හදිස්සියේ මාරුකර යැවූ අතර සී 3 වාට්ටුව හදිසි අලුත් වැඩියාවකට ලක්කර තීන්ත පිරියම් කිරීමද , එල්ලුම් ගහ පරීක්ෂා කිරීමද සිදුවෙමින් පැවැතීම පිළිබඳව සිරකරුවෝ කුකුසෙන් පෙලෙන්නට වූහ.
මෙම සිරගෙය තුළ කුමක් හෝ සිදුවන බවට සැකහැර දැන සිටි සිරකරුවන්ට අද (26) ලද පුවත අදහගත නොහැකි විය.
ඒ සමඟම 200 ක් පමණ මරණ දඬුවම නියම වූ සිරකරුවෝ දැඩි බියකින් පෙලෙන්නටත් , බලාගත් අත බලා සිටින්නටත් පෙළඹුණු බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රූපවාහිනි නරඹමින් නිදහසේ ගත කළ මරණ දඬුවම් නියමවූ සිරකරුවන්ගෙන් ඇතැමෙක් සිහි නැතුව ඇද වැටුණු බවද බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවැසීය.
මේ වන විට සී වාට්ටුවේ සිරමැදිරි 26 ක්ම හිස් කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ව මරණකොට ඒ මරණයට පත්වුන අයට දුන් භය වේදනාව ඒ මිනීමරු සිරකරුවන්ටත් ලැබිය යුතුයි. මත්ද්‍රව්‍ය වෙළඳාමෙනුත් කරන්නේ මිනිසුන් ව ටිකෙන් ටික මරණයට පත් කිරීමයි.
ජනාධිපතිතුමා සමග 100% ක් ම එකඟවෙන්න පුළුවන් දෙයක් කාලෙකට පස්සේ අහන්න දකින්න ලැබීම ගැන සතුටුයි.
මොකට භය වෙනවාද? තමන් සිටි සිංහ ලීලාවෙන්ම ඉන්න. ඔය භය මැරුම් කෑ මිනිසුන්ටත් තිබුනා.
නොමරා මෙි විදියට අවුරුද්දට දෙතුන් සැරයක් බය කිරිම මරණ දඩුවමටත් වැඩිය වටිනා දඩුවමක්. ඒ විදියට දිගටම කරන්න.
2018 ඔක්තෝබර් මස සිරිසේනගේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණ නාටකයේ දෙවන කොටස තමයි ඔහු දැනට රඟපාමින් සිටින්නේ..! අපරාධකරුවන් "ගස් යවන්න" අස්සන් කරා කිව්වට, හිරගෙදර තීන්ත ගාලා, රැඳවියන් එහෙමෙහෙ යැව්වට, අපේ රටේ එකම සිරකරුවෙකුගේ වත් බෙල්ලට තොණ්ඩුව දමනවා කියන කතාව නිකම්ම නිකම් විහිළුවක් වග ඒක අස්සන් කරපු එක්කෙනා වුණත් දන්නවා...! පළමුවැනි සිරකරුට රතු වදමල් පළඳා, දෑස් බැඳ එල්ලුම්ගස තිබෙන මැදිරියේ, ඔහු "අන්තිමවරට" සිය ආගම කියනවිට එතැනට දුවගෙන එන නිලධාරියෙක් අන්තිම මොහොතේ "ජනාධිපති සමාව" ලැබුණු නිසා සිරකරු මාර මුඛයෙන් නිදහස් වුණා කියා ඔහුගේ දෑස් ආවරණය ගලවා, යලිත් සිර මැදිරියට දක්කන් යාවි. එදාම සවස, දේශීය විදේශීය මාධ්‍යවේදීන් කැඳවා ජනාධිපතිවරයා ජාතිය අමතා මෙවැනි චූන් එකක් දමනු ඇත.. "මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ගේත්, දේශීය, විදේශීය නායකයන්ගේත් බලවත් ඉල්ලීම මත මා විසින් අස්සන් කරනලද මරණ දඬුවම ඉල්ලා අස්කරගත් බව සතුටින් දන්වා සිටිමි." අපේ රටේ මැතිවරණ සංදර්ශන නොදන්නා කවටයා කවුද?
මරණ දඬුවම අධිකරණයන් නියම වූ විට, සමහර අය එළියට ආවේ හිනහවෙමින්... දැන් වැඩේ ක්‍රියාවෙන්ම පෙන්වන්න.
කුසුමා මහත්මියගේ අදහස් 100% නිවැරදිය. මෙම අපරාධකාරයන්ව අපේ බදු මුදල්වලින් නඩත්තු කිරීමට අපද දායකවීම පිලිබදව අප කනගාටු වන්නෙමු.
කුඩු විකුණන පාපතරයින් එල්ලා මැරිය යුතුයි. තමන්ගේ මුදල් ඉපැයීමේ ගොදුරු බවට අහිංසක තරුණයින් පත්කර රටේ අනාගතය විනාශ කරන අය එල්ලා මරා දමා හෝ තරුණයින් බේරා ගතයුතුයි
මිනිසා ඇතුළු සෑම සත්වයෙකුටම දැනෙන ලොකුම බය මරණ බය බවට හොඳම උදාහරණය.
ඔවු ඔවු! කොයි කොයි කෙනත් මරණයට බයයි. ගනු කඩුව එනු සටනට, කීවාට සටනේදී තුවාල උනොත් මැරෙනවාට බයයි.
දැන් මේ මිනිසුන්ව සතුන් වගේ හිරකරගෙන තබාගෙන මරාදැමීම අප අදහන ආගම් වලට එකගද? කරුණාකරලා තවත් පුද්ගලයකුගේ ජීවිතය නසන්න දායකවන්න එපා.
අපේ සමහර ආගම් අදහන මිනිස්සු ආගමේ නාමයෙන් කිසිම හිරිකිතක් සහ පාපයට බය නැතුව ඉවක් බවක් නැතුව සත්තු මරණ හැටි අපි දැක ඇත. එහිදී මේ සතුන් කොතරම් වේදනාවක් විදිනවා ඇතිද? දැනෙන මරණ බිය කොපමණ ඇතිද? මේ දේ අපට ගලපාගෙන බලන්න. බුදුන්ගේ ධර්මය නිර්මල වන්නේ මේ ඉගැන්වීම් නිසා නොවේද ???
හරියට හරි. අපරාධ කරන කොට ඒ අයට ගාණක්වත් නැහැ.
හරියටම වැරදිකරුවන් එල්ලා මැරීම අනුමත කල හැකි දෙයක්. එහෙත් ලංකාවේ පොලිසියේ සමහර නිලධාරීන් වැරදිකරුවන් හොයන්න හදන්නේ පහර දීලා බලෙන් ප්‍රකාශ සටහන් කරගෙන නේද? කුඩු රජවරු නම් මරන්නම ඕනේ. විවාදයක් නැහැ.
තේරෙනවා නේද මරණය කියන්නෙ මොන තරම් බිය ගෙන දෙන කාරණයක්ද යන වග? ඇයි තවත් කෙනෙකුගෙ ජීවිතයක් නසන්නට කලින් මේ ගැන ඔයාලට මොහොතකටවත් සිතන්නට බැරි උනේ? සෑම සත්වයකුම මරණයට බිය ඇත්තෝය.. ඔබලා කරපු ඒ් පාපකර්මය කරන්නට මොහොතකට කලින් හරි ඒ් දේ මතකයට නැගුනා නම්..?
දෙතුන් දෙනෙකු ඉල්ලුවාම අපරාධ කරන්න ඉන්න අයත් හෙල්ලෙයි.
දේශපාලකයන්ගේ ගෝල බාලයොත් මරණීය දඬුවම නියම වූ සිරකරුවන් අතර ඉන්නවා , බලපෑමකින් තොරව කරන්න පුලුවන්ද මන්දා ? කොහොමද අපරාද කරුවන් ඉන්න විදිය "රූපවාහිනි නරඹමින් නිදහසේ ගත කළ මරණ දඬුවම් නියමවූ සිරකරුවන් " අපරාදයක් කරලා එළියේ හිටියත් වැරදි කරුවෙක් වෙලා සිරගත උනත් වෙනසක් නැ. ඉතින් කොහොමද ළමා අපචාර , ස්ත්‍රී දුෂණ , මිනි මැරීම , මත් ද්‍රව්‍ය වෙළදාම , නවත්වන්නේ .
පලවෙනි වරට සුළු වරදක් කරන අයටත් , දෙවෙනි වරට දරුණු වරදක් කලා නම් මරණ දඩුවම දිය යුතුයි
නීතියට අවනතව වැඩ කරන්න බැරිනම් මේ දුක විදින්න වෙන බව අපරාධ කරන්න සැලසුම් කරන අයත් මේකෙන් තේරුම් ගනීවි. මේ සමාජය හදන්න වෙන ක්‍රමයක් නෑ. ටිකක් හරි මේ වැඩෙන් මිනිසුන් මෙල්ල වේවි. හැබැයි ඒත් එක්කම අපේ නඩුකාර හාමුදුරුවරුන්ගේ සහ නීතීඥයන්ගේ වෘත්තීයත් ඉතා අපක්ෂපාතිව විනයගරුකව සිදුවිය යුතුයි. නැත්නම් සල්ලි බලෙන් අපරාධ කරුවා නිදහස් වී නිවැරදි කරුවා එල්ලා මැරීටම ඇති ඉඩකඩ ලංකා සමාජයේ ඉතා වැඩියි. එහෙම උනොත් ඒක මහාම මහ අපරාධයක්. හරි තීන්දුව දීම අපක්ෂපාතිව කරනව නම් අපරාධරුවාට දඩුවම් දීම සාධාරණයි. මොකද ඔහු හෝ ඇයගේ අපරාධය නිසා වින්දිත පාර්ශවය මුළු ජීවිතයම විදවමින් සිටිනවා විය හැකියි.
අනිවාර්යෙන් එල්ලන්න ඕන.
මේ රටේ අපරාධ වැඩි වෙන්න එක හේතුවක් තමයි එල්ලුම් ගහ නවතපු එක. එල්ලා මැරීම කොහොම උනත් එවැනි දඩුවමක් තිබුන නිසා මිනිස්සු දැනගෙන හිටියා අපරාධයක් කලොත් ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙන බව. අද පොඩි දරුවාගේ පටන් කවුරුත් දන්නවා මොන විදියේ අපරාධයක් කරලා සිරගත වුනත් ඇප පිට එලියට එන්න හෝ පොඩි සිරගත වීමකින් නැවත සමාජගත වෙන්න පුළුවන් බව. මේ මාසය විතරක් අරන් බැලුවොත් මිනි මැරුම් කියක් වුනාද? ඒ මැරුණ මිනිසුන්ට මානව හිමිකම් නැද්ද? ඒ අයගේ පවුල් වලට මානව හිමිකම් නැද්ද? මේ ප්‍රතිචාරයටත් අකමැත්ත පල කරන අය ඉන්න පුළුවන්. නිවැරදි මිනිසුන් එල්ලුම් ගස් යන්න පුළුවන් බවට තර්ක කරන්නත් පුළුවන්.. නමුත් එවැනි අවස්ථා ප්‍රතිශතය ගත්තම කොපමණ සුළු ද කියලා තේරේවි. ඇත්ත අපරාධකරුවන්ට නිදැල්ලේ තව තවත් අපරාධ කරන්න මේ සුළු ප්‍රතිශතය උලුප්පලා දක්වලා තමයි අද රට මේ තරම් සරලව මිනි මැරුම් කරන්න පුළුවන් තැනට ඇවිත් තියෙන්නේ. එල්ලා මැරීම කොහොම උනත් එල්ලුම් ගස නිත්‍යානුකුල විය යුතුමයි .
දැන් වත් අනිත් අය දෙපාරක් හිතයි අනුන්ගේ පණ නසන්න පෙර
මේක තමයි වෙන්න ඕනේ. මෙයාලා බරපතල අපරාධ කරලා බය නැතුව ටීවි බල බල ඉන්නේ මරණ දඩුවම නැති නිසානේ. දැන් බලන්න මේ පුවත හින්දම හිරකාරයො කොච්චර බය වෙනවද. ඒ් බය හින්දම අනිත් අය අපරාධ කරන්න පෙලඹෙන ඒක අඩු වෙයි.
හය හතර නොදන්නා පුංචි ළමුන් මරා දමන විට වින්දිතයන්ට ලැබුණු වේදනාව කලන්තෙට වඩා ලොකුයි. ජනපතිට ජය!
ඒ ඒ අය කරපු වැරදි වලට ඒ අයම දඩුවම් විදවයි. කිසිම සත්වයෙක් මරනවට වචනයකින්වත් අනුබල දෙන්න එපා. ඒක විශාල පවක්. හැමෝම මරණයට බයයි. මරණයට බය නැත්තේ රහතන් වහන්සේලා විතරයි. වැරැද්ද තියෙන්නේ මේ රටේ පාලනය කරන පාලකයෝ නිසයි. ඔව්න් අවන්කවම බුදු දහමට අනුව මේ රට පාලනය කරන්න ගත්ත දාට හිර ගෙවල් හිස් වෙයි. තෙරුවන් සරණයි.
දෙන්න එපා කිසිම සමාවක්! මේ ගෞතම බුදුන්ගේ දේශය උනාට! මානව හිමිකම් ඔය එකී මෙකි නොකී සංවිධාන කෑ ගැහුවට, ණය ආධාර ටික කලකට නොලැබුනාට, රට යන මේ ව්‍යසනයෙන් ගලවගන්න මේක එක හොඳ ක්‍රියාමාර්ගයක්. 1. ළමා දුෂණ මරණ, 2.ස්ත්‍රී දුෂණ මරණ, 3. මත් ද්‍රව්‍ය, 4. මිනී මැරුම්, පිළිවෙලට දඬුවම් දෙන්න. අනික අග සිට මුලට දඬුවම ක්‍රියාත්මක කරන්න, මොකද අගදී අහුවුන අය තමයි උපරිම දාමරික ම්ලේච්ච ක්‍රියාවල යෙදිලා තියෙන්නේ
"කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ" කියන්නෙ ඕවට තමා
සමාජයක් යහමග යැවීමට ආකාර දෙකකි. එක සද්ධර්මය. එය නොඅසන නොදැණෙන මිනිසුන්ට දැඩි දඬුවම්. ලංකාවේ හරි හමන් දඬුවම් නොමැති වග දැනගත් අසත්පුරුෂ මිනිස්සු තමන් කැමති පරිදි වැරදි කරති. කාලයක් දඬුවමින් සමාජය බිය වූ විට වැරදි කිරීමට පෙළඹීම අඩු වනු ඇත. මානව හිමිකම් නමින් කෑමොර දෙනවුන් වැරදි කරුවන් සමාජයට කරන අගතීන් ගැන කතා නොකරති.
ජනපති මේ සියවසේ ගත් හොදම තීරණය
මත් ද්‍රව්‍ය, මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ හෝ කුමන හෝ වරදකට වැරදිකරු වී අධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටින සියලුම සිරකරුවන් හට මෙම දඬුවම ක්‍රියාත්මක කළ යුතු යි
බය වෙන්නේ නැතුව ඉන්න අනේ. ඡන්ද කිට්ටු වෙනකොට කියන දේවල් කවුද ගණන් ගන්නේ. ඔය කියන සති දෙක අනිවාර්යයෙන් මාස 6 කට වඩා දිගයි .
මිනීමරුවෙක් කල අපරාධයට දඬුවමක් විදියට, ඒ අපරාධකරු මරන්න අනුබල දෙන උදවියත් අර අපරාධකරුත් අතර වෙනස මොකක්ද? එහෙම මැරීමෙන් යුක්තිය ඉටුවෙනවා නම් උඩින් කුසුමා කියන මෝඩ ස්ත්‍රිය කියා ඇති පරිදි දඬුවමේ වේදනාව, විඳවීම අනුව යුක්තිය ඉටුවනවා නම් මධ්‍යකාලීන යුගයේ තිබු නින්දිත දඬුවම් ක්‍රම ආයෙත් කරලියට ගෙනෙමු,
රුපවාහිනි නරඹමින් සිටි මරණ දඬුවම් ලද සිරකරුවෝ? මේ හිරගේ තියෙන්නේ කොහෙද? පිටරටවලින් කරදර එන්න කලින් මේ වැඩේ ප්‍රසිද්ධ නොකර ඉවරයක් කරන්න.
කර්මය දිට්ටධම්මවේදනීය ලෙස පල දීම. සියල්ලෝම මරණයට බියවෙති. එබෙවින් සියල්ලෝ පව් වලින් වැලකි වහ වහා පින් රැස් කර ගැනීමට සිත් පහල වෙත්වා.
මම නම් කිසිසේත් අනුමත නොකරමි, වැරැද්දක් කර තිබේ නම් ජීවිතාන්තය දක්වා සිරගත කරාට කමක් නැත. මේක මහා අපරාදයක්.
ජනාධිපති වීරයෙක්!
එල්ලුම් ගහ කියන්නෙත් ඉතින් සිරි ලංකාවේ නීතියක්නේ.
මේක බෞද්ධ රටක්... ඒක නිසා එම තීරණය ඉවත් කළ යුතුයි.