ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් විවාදයේදී ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ මහතා අදහස් දක්වමින් ඉදිරිපත්කළ ප්‍රකාශයේදී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලික පරමාර්ථය වී ඇති ලාංකික සියලු ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ක්‍රමෝපාය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් වාර්තාව අමරිකාව, කොරියාව, ජපානය, එංගලන්තය ඇතුළු රටවල් 25ක් වැනි ප්‍රමාණයක් ඇගයීම, සම අනුග්‍රහය දැක්වීම හා එය පිළි ගැනීමම අද මේ යහපාලන ආණ්ඩුව ලද ජයග්‍රහණයක් බව ග්‍රාමීය ආර්ථික ආමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
‘දැන් විපක්ෂයක් නැති විපක්ෂයේ ජාතිවාදී කල්ලි හයිබ්‍රිඩ් කෑල්ලක් බදාගෙන කෑගහනවා. ජාත්‍යන්තර විනිසුරුවන් කිය කියා හීනෙන් බයවෙලා කෑගහනවා. අද එල්ලෙන්න වැලක් නැතිව හයිබ්‍රිඩ් වැලේ එල්ලීගෙන රට දෙකඩ කරන්න දගලනවා. දැන් විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා කොටි එනවෝ කියලා කෑගැහුවට වැඩක් වුණේ නෑ. කොටි ආවෙත් නෑ. මේ හාදයොන්ගේ අලේ තැම්බුණෙත් නෑ. කියන තරම් යකා කළු නෑ කියලා අපි අද හිතන්න ඕන. අපේ රටට චෝදනා රැසක් තියෙන කොට රට වෙනුවෙන් අද ඇමරිකාව ඇතුළු රටවල් රාශියක් එකඟතාවය පළකර ඇති මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියනවා මානව හිමිකම් වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ප්‍රඥා ගෝචර නෑ කියලා. මම දැක්ක එස්. බී. ඇමතිතුමත් කියල තියෙනවා. දෙමළ ජාතික සංවිධානයට විපක්ෂ නායක ධූරය දීමෙන් ඇති වූ යහපාලන ක්‍රියාදාමයට දැන් මුළු ලෝකයම ප්‍රතිචාර දක්වා තිබෙනවා කියලා. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට වඩා දැන් අපි මානව හිමිකම් පිළිබඳ කටයුතු කිරීම, වෙනත් රටවල් ඇගයීමට ලක් කිරීම රට ලැබූ ජයග්‍රහණයක්‘ යැයිද අද එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හැරිසන් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමතිතුමනි අදහස් දැක්වීමේදී ඔබතුමා ආවේගශීලි වෙනවා වැඩියි. හැම දෙයක් පිළිබඳව හැමෝම එක මතයක නැහැ. එකනේ ලෝකේ ආගම් විශාල ප්‍රමාණයක් තියෙන්නේ, අපි ඉවසාගෙන බලමු . (ස)
සිංහලයන්ට තරු පේන දවස අත ළඟයි (ම)
අනේ මන්දා... (ර)