ලන්ඩන් නුවර අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ කේන්ද්‍රය දෙවන වතාවටත් සංවිධානක කළ ලන්ඩන් එල්ලේ සැණකෙළිය අගෝස්තු 25 වන ඉරුදින පැවැත්විණි.
ශ්‍රී ලාංකිකයෝ මෙන්ම ලන්ඩන් නුවර පදිංචි වෙනත් ජාතීන්ද විශාල පිරිසක් මේ සැණකෙළියට එක් වුහ.
හීත්රෝ අතුල දස්සන විහාරස්ථානාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි බණ්ඩාර වෑකඩපොළ ප්‍රධාන කමිටු සාමාජිකයින්ගේ සංවිධායකත්වයෙන් පැවති මෙවර එල්ලේ සැණකෙළිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගි විය.
හිලින්ඩන් නගරාධිපති ඇලන් කෞෆ්මන් මහතා සහ බිරිය ලින් සමඟ සහකාර ශ්‍රී ලංකා මහකොමසාරිස් නෙවිල් ද සිල්වා මහතා ප්‍රධාන අමුත්තෝ වුහ.
සැණකෙළිය සඳහා සහභාගීවූ විශාල පිරිසකගේ සුවපහසුව සඳහා ඉරිදා දවස පුරාවටම උත්සව භුමියේ ශ්‍රී ලාංකික සංස්කෘතික අංග, ශ්‍රී ලාංකික ආහාර පාන සහ එළවළු ,පළතුරු සහ අනෙකුත් සිල්ලර බඩු බාහිරාදිය සැපයු වෙළඳසල් රැසක්ම විවෘතව පැවති අතර සැණකෙළිය සඳහා සහභාගීවූ දරු දැරියන් වෙනුවෙන් ළමා ක්‍රීඩා සහ තරග සංවිධානය කර තිබුණි.
තරඟ ජයග්‍රාහකයෝ තෑගී සහ කුසලාන ලදහ.
මෙවර තරගාවලියේ ජයග්‍රාහකයින් වුයේ ලෙස්ටර් නගරයේ "කටුනේරිය" කණ්ඩායමයි. දෙවැනි ස්ථානය දිනාගත්තේ හවුන්ස්ලෝ නගරයේ "වනබඹරෝ" කණ්ඩායමයි. තුන්වන තැන දිනාගැනීමට එජ්වෙයර් නගරයේ "එජ්වෙයර් කිඩ්ස්" කණ්ඩායම සමත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ක්‍රීඩාවකදී සෙල්ලම් කරන රට හෝ ඊට සහභාගි වන්නන්ගේ තරාතිරම මත ක්‍රීඩකයන්ගේ ඇඳුම් හා පාවහන් වල ගුණාත්මක භාවය රඳා පැවතීම සුදුසු නොවන බව එංගලන්තයේ සහ ඉතාලියේ පැවති එල්ලේ තරඟ සංසන්ධනය කිරීමේදී පැහැදිලි වෙනවා. (ස)
මෙහෙම හරි එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන එක ලොකු දෙයක් හැටියටයි මම නම් දකින්නේ
අදහස් හැටියට පාඨකයෝ මොනවද මේවට ලියන්න ඕනේ?(නදී)
හරිම ලස්සනයි. (ස)
නීල් රනාගේ සිංහල මට තේරෙන්නේ නැහැ. (දී)
හොඳ වැඩක්. සාර්ථකයි. ලංකාවෙ මෙහෙම දෙයක් තිබුණනම් ඇට්ටි හැලෙන්න අදහස් දාල වැඩ පෙන්වන අයගෙ මේ වෙලාවට බඩේ බිජු. (අ)
පුක්කුසයෝ...ඔයාට හිතෙන අදහසක් දක්වන්න.(නදී)