පසුගිය 25 වෙනිදා නාපෝලි නගරයේ පැවැත්විමට නියමිතව තිබු ආන්දෝලාත්මක එල්ලේ තරගාවලියේ උණුසුම තවත් පහවගොස් නොමැත. මෙම තරගාවලිය සදහා එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි වන බවට සංවිධායකයින් ඉතාලිය පුරා ප්‍රචාරය කළ නමුත් ඔහු ඊට කලින් පැමිණ ගියේය.
ඒත් සමග ඔවුන් නොයක් නගරවලින් ශ්‍රි ලාංකිකයින්ට මේ තරගාවලියට සහභාගි වීම සදහා රෝමයේ තානාපති කාර්යාලයෙන් නොමිලේ බස් රථ 12 ක් ඉල්ලා සිටි බවත් ඒ සදහා එකගත්වය පළකර සිටි බවත් නාපොලි නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛාව කියයි.
තරුණයින් පිරිසක් විසින් පෞද්ගලිකව සංවිධානය කරන එල්ලේ තරගාවලියක් වෙනුවෙන් රටේ විශාල මුදලක් නාස්ති කිරිමට විරුද්ධව තම සංවිධානය ජනාධිපතිට ලිපියක් යොමුකළ බවත් වැඩබලන තානාපතිනි ගෝතමී ඉඳිකඩහේන මහත්මියටත් ඉල්ලිම පිට එහි පිටපතක් යොමුකල බව එම සංවිධානය කියයි.
මේ අතර නාපොලි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සභාපති ඈන්ටනි රණසිංහ මහතා කියනුයේ තමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නිලධරයින්ටත් මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ ඉල්ලා තම සංවිධානය විදේශ ලේකම්ට යොමු කළ බවත්ය. මේ පිලිබදව විමසීමට ගෝතමි ඉදිකඩහේන මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කරගෑනිමට උත්සහ කළද එය සාර්ථක නොවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලෙ ගහන්නේ නැති අය එල්ලෙ ගැන මොනවද දන්නෙ? (නි)
නලින්, ඔයා කියපූ දේ නම් හරියටම හරි (නි)
ඇන්ටනී අයියේ, නාපෝලියේ ඔයා කාටද පෙත්සන් නොගැහුවේ? (නි)
ඇත්තටම මේක ජාතික ආලයෙන් කළා නම් ගොඩක් අගය කරනවා (නි)
ඇන්ටනි අයියෙ තර්ජන ගැන බොරු ප්‍රචාර කරන්නේ ඇයි ඔබ ජනප්‍රිය වෙන්න ආසයි නේද තරුණ අය කරන වැඩ වලට ඉරිසියා නොකරන්න (අ)
සමහර මිනිස්සු සමග කිසිම දෙයක් හරියට කරන්න බැහැ (නි)
තරුණ ක්‍රීඩා සමාජයට ඇයි ඔබ වෛර කරන්නේ? (නි)
ඔබ මහත් සේ ඉරිසියාවෙන් පෙලෙන කෙනෙක් කියලයි අපිට දැන් පෙනෙන්නේ (නි)
නාගදීපයට වත් යන්න තරම් උගත් කමක් නැති මිනිස්සු තමයි ඉතාලියට ඇවිත් ඉන්නේ. පෙනෙනවානේ කරන දේවල් වල තරම. (අ)
ඇත්ත කටත් තිත්තඊ.සාක්කුව පුරවා ගන්ඩ ගිය වැඩෙ හරිගියේ නැහැ (අ)
මම හිතන්නේ ඒ මහත්තයාට එතනට සම්බන්ධ වෙන්න බැරි වුන හින්දා වෙන්න ඇති (නි)
නාපොලියේ එල්ලේ ක්‍රීඩාව පටන් ගෙන අවුරුදු පහළොවකට වැඩි කාලයක් වුවත් එල්ලේ සම්මේලනය මගින් සංවිධානය කළ තරුණ ක්‍රීඩා සමාජයක් විසින් පවත්වන්නට ගිය මෙම තරගය ජනප්‍රිය වෙන බව සිතාද මෙලෙස ඊර්ෂ්‍යා කළේ? (නි)
තර්ජන ගැන කවුරු මොන ප්‍රචාර කළත් නීතියේ ඕනෑම තැනකට යාමට සුදානම් බව ප්‍රකාශ කරමි (නි)
ඉතාලියේ ඉන්නේ 90% ක්ම අඥානයෝ. තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. පස්සේ දවසක ලියමු (නි)
ඕනෑම හොද වැඩක් කරනකොට මැද්දට පැනලා අවුල් කරන එක අපේ වාසනාවන්ත ජාතියේ හැටියක්නේ (නි)
මෙහෙමත් නුගත් ශ්‍රී ලාංකිකයෝ... (නි)
ඉඳිකඩහේන මහත්මියට යවන ලද ලිපිය ඇය විසින් තරඟ සංවිධායකවරුන්ට පෙන්නු බව ඒ අය මා සමඟ පවසූවා. (ස)
ඉතාලි ඉන්න අපේ මිනිස්සු ගැන නම් මොන කතාද? දැන් එයාලට රැකියා ගොඩක් අඩුයි. 90% ඉන්නේ නුගත් අය. (නි)
නාමල් මහත්තයෝ, මිනිස්සුන්ට ඔහොම අපහස කරන්න එපා.නියම උගත්කමක් තිබෙන මහත්මයෙක් නුගත් කියලා ඒ අයට අපහාස කරන්නේ නැහැ. (නි)
දුප්පතාගේ ක්‍රීඩාවටත් දේශපාලනේ ගාගෙන නාගන්නෙක හොදමදී නේද ඇන්ටනි අය්යා (අ)
රටේ මුදල් නාස්තිවෙන එක පිටරටකදී හරි නවත්තන්න පුලුවන්නම්, ඉතා හොඳයි.අපේ රටේ කවදාවත් කරන්න බැරි දෙයක් නිසා. (ස)
ඇන්ටනි අයියේ, ඔයාට මතක තියෙනවද? මම මතක් කරලා දෙන්නද? තමන් කරන විදියට අනිත් මිනිස්සු ගැනත් හිතන්න එපා. (නි)
මේවා බොරු.මේවා මේ ලොකුකම පෙන්නන කියන කතා .මමත් නාපොලි වාසය කරන කෙනෙක්. (ස)
මෙතන මේ තියෙන්නේ ශාඛා සමිති ප්‍රශ්නයක්. මරණ තර්ජන එන්නේ වෙනත් ප්‍රශ්න හින්දා මිසක් එල්ලේ තරගාවලියේ ගැටළු නිසා නෙමෙයි කියලයි මට නම් පෙනෙන්නේ (නි)
කිසිම ලොකුකමක් නෙමෙයි තරඟයක් සංවිධානය කරනවා කියන්නේ.තමුන් මුදල් හොයාගෙන සංවිධානය කරලා ඒකේ ප්‍රතිපලයක් විදියට ලංකාවේ දුප්පත් එල්ලේ කණ්ඩායමකට උදව් කරන එකයි. ඒකට විරෝධයක් හෝ පැහැදිලි කිරීමක් කරපුවම ඒ ලියුම් පෙන්නලා ප්‍රශ්න ඇති කරන නිලධාරීන් ගැන කතා කරන්න දෙයක් නැහැ. වහාම පියවර ගන්න කියලා ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, විදේශ ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා. (නි)