(නිමන්ති රණසිංහ)
තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න හෙට (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ඊයේ (29) කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් විණී.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාමනිලධාරිනිය, යුද හමුදා කෝප්‍රල්වරයා ඇතු`ථ යුද හමුදා සාමාජිකයන් 14 දෙනකු ද අද (30) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන් ද හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙම සිද්ධියේ මරණයට පත්ව ඇත්තේ තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වන පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට අත්අඩංගුවට ලුතිතන් කර්නල් රිමාන්ඩ්
samantha Thursday, 30 September 2021 05:22 PM
හමුදා ලොක්කෝ මොනවද මේ කරන්නේ...?
rocky Thursday, 30 September 2021 06:56 PM
එක ඇමැති කෙනෙක් උත්සාහ කරනවා රටේ පුරවැසියන්ට හමුදා පුහුණුව දෙන්න... විනය උගන්වන්න...!!!
Kamasa Thursday, 30 September 2021 07:24 PM
ඔන්න වැඩ.. මේවගේ අනාවරණය නොවූ කොච්චර ඇද්ද?
kasun Friday, 01 October 2021 07:16 AM
මොනවද මේ ලංකවේ වෙමින් පවතින්නේ.
Perera Friday, 01 October 2021 11:11 AM
මෙන්න දඩයම් කරනවෝ...!!!
Sena Monday, 04 October 2021 10:23 AM
සමහරු කැමති හමුදා විනය මේක වෙන්න ඇති