
(සුජිත් හේවාජුලිගේ)
එල්නිනෝ සමග මතුව ඇති දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 කට බලපා ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.
එම දිස්ත්‍රික්කවල පවුල් 25563කට අයත් පුද්ගලයන් 81605ක් පීඩාවට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
මින් පවුල් විසිදහසකට පමණ පානීය ජලය සපයා දීමට කටයුතු කර ඇතැයි පැවසු අමාත්‍යවරයා එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දේකම්වරුන් සමග සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළේය.
එල්ලිනෝ වලට මුහුණ දීම සඳහා සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ක්ෂේත්රයන් ඒකාබද්ධ කර ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරගෙන යන බවත් මෙම වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මස අග දක්වා පවතිනු ඇතැයි විශ්වාස කෙරෙන බවත් පරිසර අමාත්‍යවරයා කීය.
ඊට පසු වර්ෂා කාලයක් බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
වර්ෂා කාලය දෙසැම්බර් දක්වා පවතී වී යයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඔක්තෝබර් නොවැම්බර් කාලය තුළ දෙවෙනි අන්තර් මෝසම තුල වෙනදට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවත් ගොවීන්ට අවශ්‍ය කරන දැනුවත් කිරීම් පටන් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
වගා කටයුතු ආරම්භ කිරීමේ ඉල්ලීම කර ඇති බවද ඔහු කීය.
2027 පෙබරවාරි මාර්තු අප්‍රේල් නියෝග තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ඊට මුහුණ දීම සඳහා වර්ෂාව අධික කාලවලදී ජලය එක් රැස් කරගෙන මියගියට මුහුණ දීම සඳහා කටයුතු කරනවා. ජලාශවල ජලය අඩුකර සූදානම් කර තියාගන්නවා. වියලි කාලගුණය පවතින අවස්ථාවේදී වැව් ප්‍රතිසංස්කරණය කරනවා. රජය මේවා අත්හැරලා දාල නෑ. සියලු දෙනාම ඒ ගැන සාකච්ඡා කරන එක හොඳයි. අපි මේ සම්බන්ධයෙන් හොඳ සාකච්ඡාවක් හදාගමු. අපට මේ තත්ත්වයට සාමූහිකව මුහුණ දෙන්න සිදුවෙනවා. එල්ලිනෝ විපත් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම කරන්න හොඳ නෑ. එල්ලිනෝ විතරක් නෙවෙයි අපිට බලපාන්නේ තවත් සංසිඳිය එක්ක එකතු වෙලා තමයි බලපාන්නේ.ඉන්දියන් සාගරයේ නයිපෝල තත්ත්වය අපිට සුභවාදී ලෙස බලපා තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd