යුද සමයේදී කොටි සංවිධානයට අවි ආයුධ ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් ඇමරිකන් ඩොලර් මිලයන ගණනක මුදලක් වංචනිකව රැස්කළ බව කියන එල්ටීටීඊ ක්‍රියාකාරීන් 13 දෙනෙකුට එරෙහිව ස්විස්ටර්ලන්ත නීතිපති දෙපාර්තමේන්තුව එරට අධිකරණයක නඩු පවරා ඇත.
මෙම 13 දෙනා අතරින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් බවත් සෙසු පිරිස් ජර්මනියේ හා ස්විස්ටරල්න්තයේ පිරිස් බවත් වාර්තා වෙයි.
ගෝලීය ද්‍රවිඩ සමිබන්ධීකරණ කමිටුව නමින් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හරහා ව්‍යාජ ලේඛණ සකස් කරමින් බැංකුණය ලබා ගැනීමත් යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවෙන් වංචනිකව මුදල් ලබා ගැනීම හා එලෙස රැස්කරගත් මුදල් කොටි සංවිධානයට අවිආයුධ ලබා ගැනීම සදහා වැය කිරීමත් යන චෝදනා සමිබන්ධයෙන් ස්විස්ටර්ලන්ත නීතිපති දෙපාර්තුමේන්තුව විසින් මොවුනට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකර තිබේ.
ස්විස්ටර්ලන්ත පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මොවුනට එරෙහිව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් නඩු පැවරීමට කටයුතු කර ඇති අතර මොවුන්ගේ නම් කිසිවක් හෙලිනොකිරීමටද එම දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම සංවිධානය කොටි සංවිධානය වෙනුවෙන් වංචනිකව මුදල් රැස්කිරීමේ මෙම ව්‍යාපාරය 2009 මැයි මස යුද්ධය අවසන් වීමෙන් පසු නවතා ඇති බවද හෙලිවී ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එල්ටීටීඊයට මුදල් සැපයීයැයි 13 දෙනකුට නඩු
සුසන්ත Thursday, 21 July 2016 05:42 PM
ඕක ලංකාවේ වුණා නම් සංහිඳියාවට බාධාවක් කියලා නඩුත් අකුලලා නඩු දාපු හමුදාවට නඩු දමාවි! (නි)