(අතුල බණ්ඩාර)
පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබේ.
එසේ සමාව හිමිවු සිරකරුවන් අතර එල්.ටි.ටී.ඊ සැකකරුවන් 16 දෙනකු ද ඇතුළත් වෙයි.
එම 16 දෙනා අතරින් අනුරාධපුර බන්ධනාගාරයේ 15 දෙනෙක් රඳවා සිටියේය. එක් අයෙක් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියේය. මෙම සිරකරුවන් අතරට වසර 15 වැඩි කාලයක් සිරගතව සිටි අයද ඇතුළත් වේ.
සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත වූ තවත් 77 දෙනකුට ද ජනපති පොදු සමාව හිමිව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද නිදහස් කිරීමට විරුද්ධ අය මෙතැනදී මොකක්ද කියන්නේ..?
මේ අය හිරේ දමලා තියෙන්නේ විනිසුරුවරුන්ගේ වරදින්...
දුමින්ද කරපු සුළු වැරැද්දට මෙච්චර කාලයක් හිරේ දාලා තිබුණු එක හරි වැරදියි. ඒ නිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරලා පොලිස් ඇමතිකම දෙමු..
දැන් දුමින්ද සිල්වා දාන්න ඕනේ මොන වැරදිකරුවන් ගණයටද? සුලු වැරදිද? එල්.ටී.ටී.ඊ ද? නැත්නම් වසර 15කට වඩා සිරගත වී සිටි අය ගණයටද? මම දන්න වීදිහට මොහුට මරණ දණ්ඩනය හිමි වුණෙත් 2016දී...
බටහිර රටවලත් මේ ක්‍රමය තියෙනවා.. ඒකට කියන්නේ පැරෝල් කියලා.. මේ අය හොඳින් හැසිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා.