(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ගුවන් යානා විකිණීමේදී අදාළ සමාගමට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවැසීය.
කුඩා සේවයක් හා කුඩා ආර්ථිකයක් සහිත එමෙන්ම ප්‍රධාන පෙළේ මූල්‍ය අර්බුදවලට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඒ. 350-900 වර්ගයේ ගුවන් යානා 8ක් විකිණීමේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන ‘එයාර්බස් ඒ.සී’ සමාගමට ද වගකීමක් තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ඇඩ්වොකාටා ආයතනය සංවිධානය කළ ආර්ථික නිදහස සමුළුවේ, සෞභාග්‍ය සඳහා ප්‍රතිපත්ති රාමුවක් ලෙස ආර්ථික නිදහස යන මැයෙන් කොළඹ ග්ලෝබල් ටවර්ස් හෝටලයේ පැවැති ප්‍රධාන සැසියේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එම කරුණු කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
“මම හිතනවා ‘එයාර්බස් ඒ.සී’ සමාගමට ද වගකීමක් තිබුණා කියලා. කුඩා දළ දේශීය නිෂ්පාදිතයක් සහිත, කුඩා රටකට ඒ වගේම ජාත්‍යන්තර සමඟ තරග කරන කුඩා ගුවන් සේවයක් තිබෙන රටකට එම ගුවන් යානා විකිණීමේදී සමාගමටත් හිතන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට වැඩි අවධානයක් යොමු කරන්න තිබුණා. ආර්ථිකයකදී ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් යන දෙපාර්ශවයටම වගකීමක් තිබෙනවා”.
ගුවන් යානා හතරක ගනුදෙනු අවසාන කිරීමේදී ශ්‍රී ලංකා රජයට එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්‘‘ යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි ගුවන් යානා හතරේ ගනුදෙනු ද අවසන් කළ යුතුව තිබෙන බව ද කීවේය.
ඒ. 350-900 වර්ගයේ ගුවන් යානා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමට සුදුසු නැති බව ද රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි පෙන්වා දුන්නේය.
මෙම ගැටලුව ආර්ථික හෝ මූල්‍ය හෝ ගැටලුවක් නොවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙය දේශපාලන ප්‍රශ්නයක් බව ද කීවේය.
“දේශපාලන ප්‍රශ්නවලට අවශ්‍ය වන්නේ දේශපාලන පිළිතුරු. ඇතැම් විටෙක අපිට දේශපාලන තීරණ ද ගැනීමට” සිදුවෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකෙටම හොද 350-900 ලංකාවට හොද නෑලු.. අනේ අපොයි කියලා තමයි කියන්න වෙන්නේ.. ඉන්ධන පිරිමැස්ම අතින් ඉහලම් ගුවන් යානයක්.. මේවා තිබ්බනම් දිගුදුර ගමනාන්ත වලට ගමන් කරන්න අපිට හැකියාවක් තිබ්බා...
ඒ වගේම තමයි බිලියන ගානක බැදුම්කර හොරකම් කරන්න කලිනුත් ඒ ගැන හිතුව නම් අද ඔය යානා ටික ගන්න තිබුණා.
එයා බස් වෙත වැරැදී පැටවීම මහා මෝඩ කතාවකි. A350 අනවශ්‍ය බව ඔබ දැනගත්තේ 2015 ටත් කලිනි. ඒවා ඇනවුම් අවලංගු කිරීමට ඔබලා මෙතරම් ප්‍රමාද වූ නිසා, පාඩුව වැඩිවූ බවත් එයට ඔබතුමා ඇතුළු ඔබ රජය වගකිවයුතු බව ඔබ පිලිගත්යුතුය.
බයියන්ට අනුව බිලියන 1 කට ලංසු ඉල්ලා බිලියන 10 ක් ණයට ගත්කළ, පොලී අනුපාතිකයේ 2% ක වෙනසක් වූවානම්, අවුරුදු 30 බැඳුම්කරයේ පාඩුව බිලියන 10,000,000,000 කි. (මෙය බැඳුම්කර වංචාව සාධාරණීකරනය කිරීමක් නොවේ)
ඇයි අනේ තරු 4ක් හම්බ වුනාලු නේද ඇයි මේ බය? අර එමිරේට් එක්ක එකතුවෙලා කරගෙන ගියානම් අද ගොඩ. ලෝකේ හැම ගුවන් සේවයක්ම කරන්නේ එකතුවෙලා. අපේ අය තනියම කරන්න හදනවා
ඒ විදිහට ගත්තොත් ලංකාව වගේ රටේ ණය වාරික ගෙවාගන්න තව තවත් ණය ගන්න සහ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ ලෝකේ පහසුකමක් නැති හිඟන රටක ඇමතියන්ට සහ මන්ත්‍රීන්ලට ලෝකේ දියුණුම රටවල ඇමැතිවරුන්ටවත් නොදෙන තරම් සැපවාහන ගෙන්වද්දීත් ඒ වාහන සමාගම් හිතල බලල නොවිකුණ ඉන්න එපැයි එරාන්! ඉස්සරහට කියයිද දන්නේ නෑ කෝටි ගණන් වියදම් කරලා හැටහුටහමාරක් අමතියන්ටයි මන්ත්රීන්ලටයි පෝලිමේ සුපිරි වාහන ගෙන්වන එකේ වැරැද්ද වාහන නිපදවන සමාගම් අතේ කියල.
කරන්න බැරිනම් ආපහු ඒ අයට බාරදෙන්න මහත්තයෝ.
ඇමතිතුමා, 2014 අයවැයේදී ජනාධිපති වියදම රුපියල් මිලියන 9600 ක් කියල මැරෙන්න හදල ගෙනාපු සරල නායකගේ 2018 සදහා යෝජිත ජනාධිපති වියදම රුපියල් මිලියන 9984. මේක යහපාලන ආණ්ඩුවේ වියදම් පෙන්වන එක උදාහරණයක් පමණයි. 'තමන්ගේ බඩ ගන්නවා වගේම රට ගැනත් හිතන්න මහත්තයෝ'.....ඔබ හිතනවට වඩා ලෝකේ දැන් හරි දියුණුයි.... අන්තර්ජයලයෙන් මේ තොරතුරු ගන්න අපට වැය වෙන්නේ විනාඩි දෙකයි. එක නිසා මිනිස්සුන්ව රවට්ටන්න ටිකක් අමාරුයි මහත්තයෝ. දැන් වත් ඇමති මණ්ඩලය නඩත්තුව නවත්තල ඒ සල්ලි වලින් රටට වැඩක් වෙන මේ වගේ දයක් හරි කරන්න.
ශ්‍රී ලංකන් අර්බුදයට මුල එයාර් බස් මිලදී ගැනීම නොව, ශ්‍රී ලන්කන් සමාගමේ වෘත්තිය සමිති මෙල්ල කරගැනීමට රජයට ඇති නොහැකියාව. ඔය කියන ගුවන් යානා මිලදී ගත්ත නම් අප සතුව තිබු දිගු ගමන් වලට මේවා යොදවා ලාභ ලබන්න පුළුවන්කම තිබුණා.