ජීවිත්වන හැමෝටම සිහින වගේම බලාපොරොත්තු තියෙනවා. ඒ සිහින සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ලැබෙන්නෙ සමහර වෙලාවට වාසනාව නිසාම විය හැකියි. මේ සුන්දර රුක්ෂානා හටත් කුඩා කාලයේ ඉඳලාම බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි රංගන ශිල්පිනියක වෙන්න ඕනෑය කියා. අද වනවිට ඒ බලාපොරොත්තුව, සිහිනය ඇය යම්තාක් දුරට සඵල කරගෙන. ආදර වැස්ස, උතුම් පැතුම්, අංකල් සෑම් යන මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය සමග මේ රුක්ෂානා අපට හමුවෙනවා.

‘‘රඟපෑමේ අංශයට එන්න මම ගොඩාක් ආස කළා. ඒක කුඩා කාලයේ ඉඳලාම තිබුණු ආසාවක්. නමුත් ඒ වෙනුවෙන් සෑහෙන්න උත්සාහ කරන්න සිදුවුණා. අන්තිමට මට අවස්ථාවක් ලබා දුන්නෙ නිල්වලා ආයතනයයි.
ඇයි රංගනයටම හිත ගියේ?
පොඩි කාලයේ ඉඳලාම තිබුණු ආසාවක්. ඒ කාලයේ ඉඳලාම රංගනයට, නර්තනයට ආසා කළා. පාසැල් කාලයේදී පාසැල් වේදිකාවේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. එහිදී සමස්ත ලංකා ජයග‍්‍රහණ පවා ලැබුවා.
කොහෙද ගම?
කොට්ටාව. උසස් පෙළ හැදෑරුවේ දේවි බාලිකා විද්‍යාලයෙන්. දැන් සෞන්දර්යය සරසවියෙ අවසන් වසරේ සිසුවියක්.
ගෙදර විස්තර කිව්වොත්?
තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. අම්මා තැපැල් ස්ථානාධිපතිවරියක්. මට ඉන්නෙ මල්ලි විතරයි.
රඟපෑමට එච්චරටම ආසා කරන්නෙ එයින් ලැබෙන ජනප‍්‍රියත්වය නිසාද?
ජනප‍්‍රියත්වය නිසාම නෙවෙයි. මට ආසයි චරිත රංගනය වෙතින් හොඳ දෙයක් ඉදිරිපත් කරන්න.
අද රඟපෑමේ අංශයට විශාල පිරිසක් එක්ව සිටිනවා. ඇයි ඒ ඔක්කෝම යන මග ඔබ යන්නෙ?
පාසැල් කාලයේ සිටම තිබුණු ආසාව සහ ආභාෂය තමයි. උසස් පෙළට කලා අංශයෙන් ඉදිරිපත් වුණෙත් ඒ ආසාව නිසාමයි. තමුන්ට හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නෙ තමුන් ආසා කරන මාවතේ ගියාමයි.

දැන් එතකොට අරමුණ දිගටම රඟපෑමේ යෙදෙන්නද?
උපාධිය සම්පූර්ණ කළාම පත්වීමත් ලැබේවි. ඒ අනුව රංගනය සහ රැුකියාව දෙකම කරගෙනයාමට තමයි උත්සාහය.
දැන් නැටුම අත් හැරලද?
සරසවියෙදි එක් විෂයයක් වෙනුවෙන් ප‍්‍රගුණ කරන්නෙ බැලේ සහ උඩරට නර්තනයයි. ඇත්තටම සම්ප‍්‍රදායික සහ බටහිර නර්තන අංශ දෙකටම මම ආසයි.
රඟපෑමෙන් ඔබ බලාපොරොත්තු වූ චරිත ඉදිරිපත් කරන්න ලැබුණාද?
තවම සැළකිය යුතු චරිත ලැබුණෙ නැහැ. නමුත් ලැබෙන චරිතයට උපරිම සාධාරණය කිරීම මගේ ප‍්‍රයන්තයයි. ඉදිරියේදී හොඳ චරිත ලැබේවි කියලා මම විශ්වාස කරනවා.
හොඳ චරිත ලැබෙන්න නම්?
දැනට ලැබෙන සුළු චරිතය හෝ හොඳට කරන්න ඕනෑ.
ඔබට අවශ්‍ය කවුරුන් වගේ රංගන ශිල්පිනියක් වෙන්නද?
මම කවුරුවත් අනුකරනය කරන්නෙ නැහැ. නමුත් මගේ ලෝකයේ ආසා කරන චරිත සිටිනවා. රංගනයේ සිහින තියෙනවා. ඕනෑම චරිතයක් කිරීමේ අභියෝගය බාර ගන්න ආසයි.
ගැහැනු ළමයකුට මේ රඟපාන කේෂ්ත‍්‍රය සුදුසුද?
ඕනෑම කේෂ්ත‍්‍රයකදී තමුන්ගෙ චරිතය රැුකගෙන ඉන්න ගැහැනු ළමයින් දැනගන්න ඕනෑ. නමුත් හරියට ඉන්නවා නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ.
මොන විදියටද සිටිය යුත්තේ?
එක එක්කෙනාගෙ සිතුම් පැතුම් වෙනස්. තමන්ට ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඕනෑවට වඩා බලාපොරොත්තු පසුපස ගියාම තමයි අනවශ්‍ය ප‍්‍රශ්න එන්නෙ. ඒ නිසා ප‍්‍රශ්න ඇති නොවන විදියට ආසාවක් පසුපස හඹා නොයා යුතුයි.
ඔබගෙ උතුම් පැතුම මොකක්ද?
හොඳ රංගන ශිල්පිනියක් වීම.
ආදරයේ ඔබ පතන කෙනා ගැන කිව්වොත්?
එයිත් මේ කේෂේත‍්‍රයේම කෙනෙක්.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘එයත් මේ කේෂ්ත‍්‍රයේ’’
පුබුදු Thursday, 17 September 2015 03:49 AM
අනේ යන්න මධු යන්න. මොකද්ද මෙයාගේ තියෙන ස්වීට් එක. (බ)
චන්න බුවනක Friday, 11 September 2015 02:37 PM
ඇත්තටම දැන් ඉන්න කලාවට සම්බන්ධ අය හොඳ අධ්‍යාපනයක් ලද අය . (අ)
ගලබඩ Friday, 18 September 2015 03:15 PM
අපෝ ඉතින් ඔය ක්ෂේත්‍රය ගැන අපි නොදන්නවාය? (බ)
සමන් Saturday, 12 September 2015 10:55 AM
හොදයි ඉතින් පරිස්සමෙන් (අ)
සමන්තිකා පෙරේරා Friday, 11 September 2015 07:13 AM
ඔබගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා! ඔබට සුභ අනාගතයක්! (නදී)
උමේෂ් Friday, 11 September 2015 07:38 AM
අනේ මන්දා මේ නිළියන් මොකට විවාහ වෙන කෙනා හංගනවාද කියලා ... මොකටද එකම කේෂ්ත්‍ර යෙන් ම විවාහ වෙන්නේ (ම)
මොනින්ඳ්‍රී හා අනිල් Thursday, 17 September 2015 05:02 PM
වාසනාවන්ත අනාගතයක් වේවා! (නි)
අරෝෂ් Friday, 25 September 2015 02:48 AM
හොඳයි ලස්සනයි. ඔහොම යන්නකෝ (නි)
කුලරත්න Monday, 14 September 2015 05:36 PM
සුබ ගමනක් යන්නට හැකිවේවා! (නි)
මධූ Tuesday, 15 September 2015 04:04 PM
හරිම "ස්වීට්" කෙනෙක් (නි)
චන්දි Saturday, 26 September 2015 12:15 PM
මිට ඉහලින් ඇති කෙනාට වඩා මෙයා හොදයි ලස්සනයි., ඕනවට වඩා පාට උලා ගත්තම තියෙන ලස්සනත් නැතිව යනවා මෙයාගේ මේකප් එකත් චාම්.., පුබුදුට ටිකක් ඉරිසියයි වගේ මට දැනුනේ (අ)
කිත්සිරි Monday, 14 September 2015 08:00 PM
ලස්සනයි.... (නි)