IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


එයා හිටියෙ මෝටර් බයිසිකලේලු

20160902Dress-1පසුගියදා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් කිසියම් අවශ්‍යතාවයකට ඔහුගේ මිතුරෙකුට දුරකථනයෙන් කතා කළාට ප්‍රතිචාරයක් තිබුණෙ නැහැලු. ඊට පැය කීපයකට පසුව ඒ මිතුරා අධ්‍යක්ෂකවරයාට කතා කළා. එවිට ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැලු. බැරිම තැන, ඔහු අධ්‍යක්ෂකවරයාගේ බිරියට කතා කළාලු.

“අනේ බලන්නකො අයියා මට කතා කරද්දි මම මෝටර් බයිසිකලේ බලාගෙන හිටියෙ, ඒ නිසයි ගන්න බැරිවුණේ. හදිස්සියකටද දන්නෙ නැහැ කතා කළේ.”

“හා දැන් නම් එයා බාත්රෑම් එකේ. එළියට ආවහම කියන්නම්.” ඇය කිව්වලු. ඔහු නාන කාමරයෙන් එළියට ආ විගසම මැය සැමියාට පණිවිඩය දුන්නලු.

“ඔයාගෙ යාළුවා දැන් කතා කළා. ඔයා කෝල් එක ගන්නකොට එයා හිටියෙ මෝටර් බයිසිකළේලු. ඒ නිසාලු ගන්න බැරිවුණේ.”

ටික වෙලාවකින් මිතුරාට ඇමතුමක් ගෙන කතා බහ අවසන් වුණාට පස්සෙ අධ්‍යක්ෂකවරයා මහ හඬින්  හිනාවෙනවලු.

“මොකෝ මේ පිස්සෙක් වගේ තනියම හිනාවෙවී ඉන්නෙ” බිරිය ඇහුවලු.

“පිස්සු හැදෙනවා සුදා ඔයාගෙ කතාවලට. මම කෝල් කරනකොට මගේ යාළුවා ඉඳලා තියෙන්නෙ මෝටර් බයිසිකලේ නෙවෙයි, එයා හෝල් එකේ මෝටර් බයිසිකල් ෆිල්ම් එක බල බලා ඉඳලා තියෙන්නෙ.....”

 



අදහස් (0)

එයා හිටියෙ මෝටර් බයිසිකලේලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site