(රන්ජන් කටුගම්පොළ)
වැලිකඩ බන්ධනාගාරය තුළ පුද්ගලයන් අට දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් වරදකරු කොට මරණ දඩුවම ලබාදී සිටින බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතා දෙසැම්බර් පහළොස් වැනි දින ඒ මහතා ගොනුකොට ඇති අභියාචන පෙත්සම් විභාගයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදු කළේ එමිල් රන්ජන් ළමාහේවා මහතා ගොනු කොට තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගැනීමෙන් අනතුරුවය.
මෙම අභියාචන පෙත්සම විජිත් මලල්ගොඩ, එස්.තුරෙයිරාජා, අචල වෙන්ගප්පුලි, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම් විභාගය දෙසැම්බර් මස 15, 24, 27 සහ 28 යන දිනයන්හි විභාගයට ගැනීමටද අධිකරණය නියෝග කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd