දකුණු ඉන්දියාවේ ප්‍රබලතම නළුවන් වන එම්.ජී.ආර්, ශිවාජි ගනේෂන්, රජිනිකාන්ත් වැනි ශිල්පීන් කොළඹ පාරවල්වල ඇවිද යනවා ඔබ දැක තිබෙනවද? පසුගියදා රාත්‍රියක පිටකොටුවේ සිට මරදාන දක්වා පයින් යන ඒ ජනප්‍රිය නළුවන් දෙස කිසිවෙක් ඕනෑකමින් බැලුවේ නැත. ඒත් එයට පසුබිම් වූ කතාව අපි ඕනෑකමින් සවස් දිත් යුතුව තිබෙනවා. කොළඹ පාරවල් දිගේ රෑ දෙගොඩ හරියෙ ශිවාජිලා, රජිනිලා ලෙස පයන් ගියේ අපේම දේශීය දමිළ කලාකරුවන්ය. කලාවට තිබෙන උණ නිසාම ඔවුන් වෙනත් රුකියාවන් සඳහා යොමු වුණේ නැත.
ඒත් මේ දමිළ කලාකරුවන්ට පුහුණු වන්නට තැනක් නැත. දිවා කාලයේ එළවළු හා ප්ලාස්ටික් භාණ්ඩ විකුණන කොළඹ පිටකොටුවේ පැරුණි ඕලන්ද ශාලාවේදී මොවුන් රෑට පුහුණු වනවා. ඔවුන්ගේ නර්තන හා විවිධ ප්‍රසංග පවත්වනවා. ජනප්‍රිය දකුණු ඉන්දියානු නළු නිළියන් අනුකරණය කරමින් ඉදිරිපත් කරන රංගන හා නර්තනයන් දමිළ රසික ප්‍රජාව අතර ඉතාමත්ම ජනප්‍රිය අංගයක්.
ඒත් වේදිකාවේ ශිවාජිලා, රජිනිලා ප්‍රසංගය අවසානයේදී පයින්ම තම තමන්ගේ නිවෙස් බලා යාමට සිදුවීම ගැන අපට ඇතිවෙන්නෙ දුකක්.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එම්.ජී.ආර්, ශිවාජි කොළඹ බස් නැතුව පයින් යති