ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එන බව කියා නොපැමිණියේ යැයි වැඩසටහන් ඉදිරිපත් කරන්නා රටටම කීවේය.
එම වැඩසටහනට එන බව දින 10කට කලින් ඇය තහවුරු කළත් වැඩසටහන අවසන් වනතුරුම ඇය නොපැමිණි බව ඔහු කීවේය. ඔහු එතැනින් නැවතුනේ නැත. ඇය මන්ත්‍රීවරියක වීමට නුසුදුසු බවද ඔහු කීවේය. එහෙත් ඔහුට එවැනි තීරණයක් ගත නොහැකිය. එවැනි තීන්දුවක් දැන් උසාවිය හමුවේ ඇත. ඇය ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්තයේ පුරවැසිකම දරතියි පරාජිත මන්ත්‍රී අපේක්ෂකයකු මානව හිමිකම් පෙත්සමක් ගොනු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව එම පෙත්සම ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එනවයි කියලා ආවේ නෑ‘
ලුම්බිණි Thursday, 15 October 2015 04:01 AM
වගකීමක් ඇති කෙනෙකු වශයෙන් කලින් එනවා කියලා ආවේ නැත්නම් එයින් පෙනෙන්නේ එම පුද්ගලයා එවැනි තනතුරකට සුදුසු කෙනෙක් නොවෙන බවයි. එන්න බැරි නම් ඒ බව දන්වා කණගාටුවවත් පළකරන්නේ නැත්නම් එවැනි අය ගැන අපි මොනවා කියන්නද? (නි)
දුලාන් Sunday, 11 October 2015 09:15 AM
සිරිතක් විරිතක් ආචාර ධර්මයක් දන්නා කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා ගණන් බලලා ඕවා කිව්වා නම් හරි. (බ)
චුල Monday, 12 October 2015 11:05 PM
දැන් රටේ තිබෙන එකම ප්‍රශ්නය මේකද? (නි)
උපේක Tuesday, 13 October 2015 12:03 AM
ඇයි නාවේ මා සොයලා.... (නි)
ද සිල්වා බර්ලින් Tuesday, 13 October 2015 12:05 AM
මෙම ප්‍රශ්නය ඉතා සරලය. ගීතාට ද්විත්ව පුරවැසිභාවය තිබේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව මන්ත්‍රීකම අහෝසිවනු ඇත. (නි)
මංගල Tuesday, 13 October 2015 12:56 AM
ඡන්දය දුන් අය බලාගන්න, පසුවවත් මෝඩකම් නොකරන්න (නි)
අජිත් කරුණාරත්න Tuesday, 13 October 2015 01:34 AM
අපොයි ඕක මෙතරම් ගණන් ගන්න එපා. ජනතාව වෙනුවෙන් කරන්න මීට වඩා වැදගත් රාජකාරියක් යෙදෙන්න ඇති. (නි)
රනිදු Tuesday, 13 October 2015 07:12 AM
මොකක්හරි එන්න බැරිවෙන්න හේතුවක් ඇති. (ර)
රුවන් Tuesday, 13 October 2015 10:24 PM
කෙනෙකුට යම්කිසි අකරතැබ්බයක් සිදුවුණොත් මොකද කරන්නේ? (නි)
රොෂාන් Wednesday, 14 October 2015 08:32 AM
හදිස්සි වැඩක් යෙදෙන්න ඇති. (ර)
විපුල Wednesday, 14 October 2015 02:55 AM
අයියෝ! ඇයි එහෙම කළේ? (නි)
ජේම්ස් Wednesday, 14 October 2015 08:44 PM
පව් ගීතා! (නි)
යොහාන් Sunday, 11 October 2015 05:31 PM
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
රසිත කුමාරජීව Friday, 16 October 2015 05:31 AM
නාවේ ඇයි ඔයා.. ? සිතේ සංකා........ (නි)
ජයතිලක Saturday, 17 October 2015 09:35 AM
ඉස්සර නිවේදකයන්ට තිබුණු ආචාර ධර්ම දැන් නිවේදකයන්ට නැහැ වගේම දේශපාලකයන්ට ඒක කොහොමත්ම නැහැ (බ)
ඩයස් Tuesday, 13 October 2015 05:42 AM
ගීතාගේ ප්‍රශ්නෙට වැඩි ප්‍රශ්නයක් ඇත්තෙම නැත්ද? අනික ගීතත් දේශ හිතෙෙශියෙක් මිසක් ද්‍රෝහියෙක් නෙවෙයිනේ. ගීතාට සමාවක් දෙමු. (ස)
පිටබැද්දර ජයා Monday, 12 October 2015 12:46 AM
එනවයි කියලා ඇයි තව නාවේ....! (නි)
ගාමිණී විජේගුණවර්ධන Tuesday, 13 October 2015 05:05 PM
ලංකාවේ මාධ්‍ය නාලිකා කිසිම වගකීමක් හෝ දැනුමක් ඇතුව ක්‍රියා කරන්නන් නොව , ඔවුන් උගත් කියා පෙන්වීමට සහ තම ප්‍රති විරුද්ධකාරයන් හෑල්ලු කිරීම ඔවුන්ගේ අරමුණය , එමෙන්ම සමහර දේශපාලකයන් දේශපාලිකාවන් ද එසේමය (බ)