ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එන බව කියා නොපැමිණියේ යැයි වැඩසටහන් ඉදිරිපත් කරන්නා රටටම කීවේය.
එම වැඩසටහනට එන බව දින 10කට කලින් ඇය තහවුරු කළත් වැඩසටහන අවසන් වනතුරුම ඇය නොපැමිණි බව ඔහු කීවේය. ඔහු එතැනින් නැවතුනේ නැත. ඇය මන්ත්‍රීවරියක වීමට නුසුදුසු බවද ඔහු කීවේය. එහෙත් ඔහුට එවැනි තීරණයක් ගත නොහැකිය. එවැනි තීන්දුවක් දැන් උසාවිය හමුවේ ඇත. ඇය ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්තයේ පුරවැසිකම දරතියි පරාජිත මන්ත්‍රී අපේක්ෂකයකු මානව හිමිකම් පෙත්සමක් ගොනු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව එම පෙත්සම ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීමක් ඇති කෙනෙකු වශයෙන් කලින් එනවා කියලා ආවේ නැත්නම් එයින් පෙනෙන්නේ එම පුද්ගලයා එවැනි තනතුරකට සුදුසු කෙනෙක් නොවෙන බවයි. එන්න බැරි නම් ඒ බව දන්වා කණගාටුවවත් පළකරන්නේ නැත්නම් එවැනි අය ගැන අපි මොනවා කියන්නද? (නි)
සිරිතක් විරිතක් ආචාර ධර්මයක් දන්නා කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා ගණන් බලලා ඕවා කිව්වා නම් හරි. (බ)
දැන් රටේ තිබෙන එකම ප්‍රශ්නය මේකද? (නි)
ඇයි නාවේ මා සොයලා.... (නි)
මෙම ප්‍රශ්නය ඉතා සරලය. ගීතාට ද්විත්ව පුරවැසිභාවය තිබේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව මන්ත්‍රීකම අහෝසිවනු ඇත. (නි)
ඡන්දය දුන් අය බලාගන්න, පසුවවත් මෝඩකම් නොකරන්න (නි)
අපොයි ඕක මෙතරම් ගණන් ගන්න එපා. ජනතාව වෙනුවෙන් කරන්න මීට වඩා වැදගත් රාජකාරියක් යෙදෙන්න ඇති. (නි)
මොකක්හරි එන්න බැරිවෙන්න හේතුවක් ඇති. (ර)
කෙනෙකුට යම්කිසි අකරතැබ්බයක් සිදුවුණොත් මොකද කරන්නේ? (නි)
හදිස්සි වැඩක් යෙදෙන්න ඇති. (ර)
අයියෝ! ඇයි එහෙම කළේ? (නි)
පව් ගීතා! (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
නාවේ ඇයි ඔයා.. ? සිතේ සංකා........ (නි)
ඉස්සර නිවේදකයන්ට තිබුණු ආචාර ධර්ම දැන් නිවේදකයන්ට නැහැ වගේම දේශපාලකයන්ට ඒක කොහොමත්ම නැහැ (බ)
ගීතාගේ ප්‍රශ්නෙට වැඩි ප්‍රශ්නයක් ඇත්තෙම නැත්ද? අනික ගීතත් දේශ හිතෙෙශියෙක් මිසක් ද්‍රෝහියෙක් නෙවෙයිනේ. ගීතාට සමාවක් දෙමු. (ස)
එනවයි කියලා ඇයි තව නාවේ....! (නි)
ලංකාවේ මාධ්‍ය නාලිකා කිසිම වගකීමක් හෝ දැනුමක් ඇතුව ක්‍රියා කරන්නන් නොව , ඔවුන් උගත් කියා පෙන්වීමට සහ තම ප්‍රති විරුද්ධකාරයන් හෑල්ලු කිරීම ඔවුන්ගේ අරමුණය , එමෙන්ම සමහර දේශපාලකයන් දේශපාලිකාවන් ද එසේමය (බ)