IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එන්රිකේගේ සිංදු කියන අපේ කොල්ලා

20160315-nt-01

ලාංකික වශයෙන් අභිමානයෙන් ඇගයිය යුතු විවිධ දක්ෂතා ඇති තරුණ පරපුරක් සිටින බව කීම අතිශයෝක්තියක් නොවේ. එවන් තරුණ සමාජයක් තුළ නව නිර්මාණයන් සමග ඉදිරියට ඒමට වෙර දරනා තරුණයෙකු ලෙස රනුර පෙරේරා හැඳින්විය හැකිය. ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත දෙකක් ගායනා කර එය You-tube ජාලයේ එළිදැක්වීමත් සමග ඔහු බොහෝදෙනාගේ කතාබහට ලක්විය. ඔහු අපත් සමග මෙසේ අදහස් දැක්වීය.

20160315-nt-02"මට ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්න ලැබුණෙ ඉගෙනීම් කටයුතු සඳහා කියුබාවේ ගිය නිසයි. ඒ රට ස්පාඤ්ඤ භාෂාව කතාකරන රටක්. ඉතිං ඒ රටෙදී ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගෙන අවුරුදු 06ක්ම ඉගෙනීමේ කටයුතු කළා. ඒ රටේදී මියුසික් ක්ලිප් ටිකක් කරනු ලැබුවා. ඊට පස්සෙ ඉංජිනේරු උපාධිය අරගෙන ලංකාවට ආවා. ලංකාවේ මියුසික් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා Cover Song එකක් දෙකක් කරලා බැලුවා ප්‍රතිචාර කොහොමද කියලා. මේ අවුරුද්දෙ මගේම ගීතයක් නිර්මාණය කරන්න තමයි හිතන් ඉන්නේ."

"මම ඉගෙන ගෙන ලංකාවට එන කොට එන්රිකේ Bilando ගීතය Release කරලා අවුරුද්දක් විතර වෙනවා. ඒකයි ඒ ගීතය Cover Song එකක් විදිහට තෝරගන්න හිතුණේ. එන්රිකේ ලංකාවට ආපු නිසා එකේ පොඩි තරගයක් තිබුණා. ඒ තරගයෙදි අපිට ඕනෙ නම් සිංදු කියන්න පුළුවන්. ඒ තරගෙන් දිනලා මට Free ටිකට් දුන්නා. එතැනදී පොඩි Confidence එකක් ආවා. ඒකත් එක්කම හිතුවා එන්රිකේ ආව නිසා කවුරුහරි Cover Song එකක් කරලා දැම්මොත් කට්ටිය බලයි කියලා. ඒ නිසා තමයි මේ ගීතය කළේ. මේ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ෆේස්බුක් එකේ ලක්ෂයට වඩා Views තිබුණා. 1500 ට වඩා Shares කරලා තිබුණා. ඊට අමතරව කමෙන්ට් 1000ක් විතර තියෙනවා. එච්චර මේ ගීතය නරඹයි කියලා හිතුවේවත් නැහැ. මේ ගීතයට අශාන්ති, අශාන් ප්‍රනාන්දු, සචිත් පීරිස් යන මේ කාලෙ ජනප්‍රිය ගායක ගායිකාවන් කමෙන්ට්ස් කරලා තිබුණා. අනපේක්ෂිත ප්‍රතිචාරයක් ලැබුණ නිසා මට සෑහෙන සන්තෝෂයි."

 



අදහස් (0)

එන්රිකේගේ සිංදු කියන අපේ කොල්ලා

පීරිස් Friday, 18 March 2016 10:33 AM

සුබ පැතුම් පුතා! ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

සංජීව Wednesday, 16 March 2016 09:23 AM

මල්ලි සින්දු කිව්වට කමක් නැහැ..කාන්තාවන්ගේ ඇඳගෙන ඉන්න දේවල් ඉල්ලන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site