(සුජිත් හේවාජුලිගේ )
ජනතාවට එන්නත් සැපයීමේ රජයේ යාන්ත්‍රණය දුර්වල යැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විශේෂඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය .
මෙම යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් විය යුතු බව කී මහාචාර්යවරයා එන්නත්කරණයේදී ජනතාව රස්තියාදු කරනවාට වඩා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හරහා පාරෙන් පාර ජනතාව කැඳවා එන්නත ලබාදෙන්නේ නම් එලෙස රස්තියාදු වීම වැළැකෙන බවද සඳහන් කළේය .
වයස 60ට වැඩි විශාල පිරිසක් එන්නත් ලබා ගැනීමට පෝලිම්වල රස්තියාදු වන ආකාරයක් අද පෙනෙන්නට තිබෙන බවද ඔහු කීවේය .
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට හොඳ නිවාරණ අංශයක් පවතින හෙයින් එන්නත්කරණය සඳහා එහි සේවාව උපරිමයෙන් ලබා ගත හැකි බවද එලෙස ලබා ගන්නා ආකාරයක් තවමත් පෙනෙන්නට නැති බවද තිස්ස විතාරණ මහතා පැවැසීය .
වයස 60ට වැඩි අයට සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට එන්නත්කරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පැවසූ ඒ මහතා එවැනි තත්ත්වයක්ද දක්නට නැතැයි ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියො දැන් නම් සේරම අනාගන්නවා
ඔබතුමාට බැරිද ජනාධිපතිතුමන්ට මේ ගැන කරුණු පැහැදිලි කරල දෙන්න
මොරටු නගරාධිපතිවරයා වැනි ඡන්දදායකයන්ගෙන් ලකුණු රැස් කරගැනීම සඳහා ඇඳිවත පවා ගලවාගෙන කටයුතු කිරීමට සූදානම් දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම් හේතුවෙන් එන්නත්කරණ වැඩපිළිවෙළට සිදුවන්නේ අගතියක්ම පමණි.
මේ ආණ්ඩුවේ දුර්වල නැති යාන්ත්‍රණය මොකද්ද අපේ මහත්තයෝ..?
මහාචාර්යතුමනි ඔබට යෝධ ශක්තිය ලැබේවා. අංගසම්පූර්ණ වැඩපිළිවෙලක් සකස් කර රජයට ඉදිරිපත් කරන්න. බුද්ධිමත් ජනතාවගෙ සහය ඔබ තුමාට ලැබේවි.
සමහර මහාචාර්යලාට මේවා තේරෙන්න අවුරුද්දක් විතර යනවා. අපිට නම් ගිය අවුරුද්දේ ජුනි, ජූලි වෙනකොට තේරුණු වැඩේ අසාර්ථකයි කියලා.
ඇන්. ඇම්. කොල්වින් වැනි දෑහිතකාමී උදාරතර බුද්ධිමත් නායකයින් නොමැතිකමේ අඩුපාඩු අදට වඩා හෙට දැනේවි. ඔබතුමා වැනි ඉහළම ගණයේ බුද්ධිමත් සුදුස්සන් සිටියදී කබ්බන් ටිකක් දැන් රට වනසනවා. ජනතාවගේ ජීවිත එක්ක කරන මේ සෙල්ලම සුලුවෙන් තකන්න පුළුවන් කමක් නැහැ. ඔබ වැනි උගතුන් ටිකත් නැතිව ගිය කළ අඩුම තරමින් කථා කරන්නවත් කෙනෙක් නැතිවෙනවා. එතකොට ඉතිරි වෙන්නේ කිසියම් හෝ විෂයක් පිළිබද උගත්කමක් තිබුණත් බුද්ධියක් නැති මහාචාර්යවරු ටිකක් තමයි. ඒ නිසා මහාචාර්යකම කියන්නේ එකක්. බුද්ධිය කියන්නේ තවත් එකක්. ඕක තේරුම් ගත්තා නම් පසුගිය අප්‍රේල් මාසේදී මෙහෙම නටන්න ඉඩ දෙන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන මධ්‍යස්ථ ජනතාවට විශාල කලකිරීමක් තියෙනවා. ඒ නිසා දැන්වත් උගතුන් කියන මොට්ට මහාචාර්යවරු පැත්තකට දමලා, සැබෑ බුද්ධිමතුන් තෝරාගෙන මේ රට පාලනය කරන්න. රටකන වෙළෙන්දන් ටික ටිකක් පස්සට දමලා දැන් රට ගැන හිතලා වැඩ කරන්න.