(ටී.කේ.ජී.කපිල )
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
ශ්‍රී ලංකාව විසින් මිළ දී ගෙන , මෙරටට රැගෙන ආ දෙවන එන්නත් මාත්‍රා තොගය මෙයයි
එම එන්නත් තොගය ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ශීතකරණ තුළ ගබඩා කළ අතර , පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑම සිදු කෙරුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් ලැබීම සතුටට කරුණක්. එන්නත් ලබාදීමේ පිළිවෙත නම් කිසිම පිළිවෙලක් නැහැ. දැනට රෝගීන් වැඩියෙන්ම වාර්ථාවන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. නමුත් ඊයේ එන්නත් දීපු මධ්‍යස්ථාන 53න් 19ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ. කොළඹට එන්නත් දීමේ මධ්‍යස්ථාන 9යි. ගම්පහට එකක්වත් නැහැ. ඉතින් අළුත් රෝගීන් අඩුවේවිද? මෙහි දේශපාලන බලපෑමක් නැහැයි කියලා කාටවත් කිව හැකිද? ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් පසුගිය දිනකදි සඳහන් කළා එන්නත් ලක්ෂයක් ගම්පහට වෙන්කලා කියලා. අනෙක ප්‍රනාන්දුපුල්ලේ වගේ විශේෂඥ වෛද්‍යවරියන් පාර්ලිමේන්තුවේ ඉන්දෙද්දී නාමල් වගේ ඇමතිවරු එන්නත් ලබාදීම පිළිබඳ වැඩසටහන් හදනවා. අහෝ රට යන අත..!
කොරෝනා වැක්සින් එක පරක්කු වුනා කියලා හරි ඔක ගැහුවෙව් නැ කියල හරි කවුරත් මැරුනද
දැඩි තරගයක් මධ්‍යයේ අප රටට එන්නත් ගෙන්වා ගැනීමට වෙහෙසුන සැමට පින්...!!!
පළමුව තමන්ගේ පවුල්වල උදවියට දෙන්න.