
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කළාය.
මෙරට සුළු ජන කණ්ඩායම් කණ්ඩායම් වලට වගවීම, සත්‍ය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය ලබාදීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවද ඇය පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර කිරීම සඳහා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු රැස්වීමේදී සිය ආරම්භක ප්‍රකාශය සිදු සිදුකරමින් හෝර්ස්ට් මහත්මිය මෙම අදහස් ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට එන්න තියා එන්න කියලා හිතන්නවත් බැරිවේවා. දැන්මම කියන්නේ ජාතිය භේද කරනවා කියලා නේද?
බයිඩන් මහත්තයාට පුළුවන් මෙයාව පලස්තීනයේ තානාපති කරලා යවන්න. එතකොට ඒක හරියටම කරයි...
ජාතීන් වශයෙන් නොවෙයි, සමස්ත ශ්‍රී ලාංකිකයින්ම මේ රටේ සුළුජනයා තමයි.. පාලකයින් හා ඔවුන්ට ආවඩන බහුතර පූජකයින් මෙන්ම විවිධ ශේත්රවල සිටින එක්තරා කණ්ඩායමක් හැරුණු විට අනෙකුත් සියලුම පුරවැසියන් අන්ත අසරණයි මේ රටේ... මහජනතාවගේ බදු මුදලින් සුරසැප විඳිමින් ජනතාවගේ බදු මුදල් මංකොල්ල කමින් මේ රට වනසන එක්තරා හොර කල්ලියක් තමයි මේ රට පාලනය කරන්නේ.. මේ රටේ ජඩ මාධ්‍ය යොදාගෙන ජනතාව නොමග යවමින් කරන විගඩම් ගැන ඔබ තුමිය නොදන්නවා ඇති.. එකම වර්ගයේ හොර නඩය දේශපාලන පක්ෂ වශයෙන් දෙකට බෙදී, ජනතාව රවට්ටමින් කරන මේ නින්දිත පාලනයෙන් මේ රට මුදා ගන්න උදව් කරන්න. පුහු දේශප්‍රේමේ හා ආගම් වාදය තමයි මේ හොර තක්කඩියන්ගේ ප්‍රධාන අවිය.. එහෙම නැත්නම්, ඇමරිකානු හා බටහිර විරෝධය පෙන්වා, මේ රටේ ජනතාව මුලා කරනවා. හැකිනම් මේ රටේ පාලන බලය ලබාගෙන රටේ ජනතාව මේ හොරුන්ගෙන් ගලවා ගන්න...
'මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයින්ට' ඒ කියන්නේ එල් ටී ටී ද?
තවත් හිසරදයක් මග එනවා වගේ. ජූලී චන්ග්ගේ නෑයෙක් වෙන්නැති.
ඇමෙරිකාව මුලු ලෝකයටම පිළිකාවක්. මෙයත් හොඳම පිළිකා කාරකයක් වගේ... ඡන්ද කාලය අල්ලලා තවත් විනාශයක් කරන්න හදයි.
චන්ග් ට එහා ගිය චරිතයක්. නැවතත් ජාති භේද වපුරනවා ෂුවර්. ප්රභාකරන් නැවත උත්පාදනය කරන්න සූදානම. මහා කරදරයක් අත ළඟ. රනිල් දිගටම හිටියොත් බඩු ෂුවර්. උතුරු නැගෙනහිර පුරා විද්‍යා නටබුන් සහ විහාරස්ථාන වනසන වැඩේ ජයටම නිල විදෙස් අනුග්‍රහයෙන් දිගටම යයි. මෙයා ලංකාවට නොපැමිනේවා...
දැන් එතකොට මෙය කියන විදිහට මහ ජාතියට හතර මහ නිධානය පහළ වෙලාද? මොනවා වුණත්, තානාපති තනතුරකට තෝරන විදිහ නම් හරි, ඒකට ලංකාවේ පවතින රජයේ මතිවරණ පැරදිච්චි ඔක්කෝම වගේ තානාපතිලා, එහෙමත් නැත්නම් ආණ්ඩුවට රෙදි නැතිව කඩේ ගිය කෙනෙක් වෙන්නම ඕනෑ...
දැනටම කොටි ඩයස්පෝරාවෙන් කුට්ටියක් ලැබිලා වගේ...
අප විසින් සිදුකරන ලද්දාවූ සියළු කුසල කර්ම ආනුභාවයෙන් සියළු දෙවිදේවතාවුන්ගේ බැල්මෙන් මෙවන් පිළිල වලට ලංකාවට එන්න නොලැබේවා..!
ඇවිල්ලා ඔය ඇතුලේ ලැගගෙන රටේ ජාතිවාදයට පොහොර දාන්නේ නැතුව, රට පුරා ඇවිදලා නියම තත්වය අවබෝධ කරගෙන වැඩ කළොත් හොඳයි. ඇමරිකාව තානපති කියලා රටේ අභ්‍යන්තර දේවල් වලට ඔලුව දාන්න බැරි බව මතක තියා ගත්තොත් හොඳයි.
අපි මොනවා කිව්වත් ඔබතුමිය එනවා. ඔය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. මේ රටේ විශාල දිළිඳු කොටසක් ඉන්නවා, රෝගී කොටසක් ඉන්නවා මහා ජාතිය තුලත්. ඔබතුමිය සුළු ජාතීන්ට සලකනවා කියන එක ඇහෙනකොට මේ දිළිඳු, රෝගී කොටසට දැනෙන දේ ගැන ඔබතුමිය සංවේදීද?
ඉන්න එක්කෙනා යනවද?
ඔබගේ ලංකාවෙ ඇමෙරිකන් තානාපතිකම චකබ්ලාස් වේවා! පත්වීමට පෙරම මේ කතා කියනවනම් පත්වුනපසු ඒ පව් ගෙවන්න වෙන්නේ සමස්ථ ලාංකීය ජනතාවටමයි.
කවුරු හරි මේ ගෑණිට තේරුම් කරලා දෙන්න අපේ රටේ සුලු ජාතීන් නැහැ , ඉන්නෙ එකම ජාතියයි , ඒ ශ්‍රී ලාංකික කියලා.
අහීකුන්ටක, රොඩී, වැදි ජනයා ගැන හිතන්න තරම් ඇමරිකන් අය ඉතා දැනුවත්
ශ්‍රී ලංකාවේ මීළඟට පත්වන ජනාධිපති සහ රජය මෙවැනි "පිල්ලි " රට තුලට වැද්දගැනීම තරයේ ප්රතික්ෂේපකල යුතුයි. කොටි සමග යුද්ධය තදින්ම කෙරීගෙන යන අවධියේදී අපේ රටේ හිටපු ඇමෙරිකන් තානාපති රොබර්ට් ඕ බ්ලෙක්ස් කරපු අපේ රටට අහිතකර වැඩ අපිට අමතක නැහැ. මෙයාට සුළු ජාතීන්ට උදව්කරන්න අවශ්‍ය නම හොඳම තැන පලස්තිනයයි. බටහිර රටවල් විසින් " නිතිගතකරනලද " ඉස්රායලයක් පලස්තිනයේ කොටසක පිහිටුවීම නිසා ලෝකයේ අසාධාරණයට පත්වුණ මිනිස්සුන්ගේ අසරනබව මෙපමණකැයි කියන්න බැහැ. අවුරුදු 15 ට වැඩි පලස්තීන දරුවන්ට ජීවත්වීමේ අයිතිය එදා සිටම ඉස්රායල් අහිකුන්ටකයින් විසින් අහිමිකලා. එය අදටත් එලෙසම වලංගුයි..ඊට විරුද්ධව තමයි. ඔය හමාස්ලා වැනි තම රට නිදහස් කරගැනීමේ සටන්කාමින් හෙවත් ත්රස්තවාදීන් බිහිවුනේ. කෙසේවෙතත් රටක් ස්ථාවරවීම යනු ඒ රටේ සංවර්ධනය ඉහලයාමයි, එය දියුණුයැයි කියාගන්න රටවලට අභියෝගයක්.
අමෙරිකන් ජාතීන් පුදුම ආදරයක් තියෙන්නේ ලංකාවට. තවත් එක කොරෝනා වෛරසයක් එනවා වගෙයි. ඇමරිකන් ගියතැනක් කොහෙද හරිගියේ. ඔබතුමියට ලංකාවට එන්න නොලැබේවයි මගේ පැතුම.
එන්න ලැබේවා කියල ප්රාර්ථනාා කරනවා .ආවට පස්සේ ඔය ඇස් දෙකෙන්ම පෙනේවි මිනිස්සුන්ට ඇති ප්‍රශ්නයක් නෑ දේශපාලකයෝ ඡන්දෙ ගන්න කරන මගොඩියක් කියලා
මෙයා මොකාටද එන්න අදන්නේ. මීට වඩිය කට්ටිය කලිනුත් නටුවා. මුනෙන් පෙනෙනවා හොද ජාතිවදියෙක් කියලා.
රට බේරගන්න අරගොල්ලන්ට ඡන්දෙ දෙන්න වේවි වගේ හා