බොලිවුඩ් සිනමාවට පැමිණි මුල් කාලයේදී තරමක් තරබාරු සිරුරක් තිබු පරිනීති චොප්රා මේ වනවිට බොලිවුඩයේ සිටින සරාගිතම නිළිය බවට පත්ව සිටින බවට "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය වාර්තා කර සිටියි. මේ දිනවල රූපගත කෙරෙන ආක්ෂේ රෝයිගේ "මෙරි ප්‍යාර් බින්දු" චිත්‍රපටයට සම්බන්ධ වී සිටින ඇය, එම රූපගත කිරීම් අතරතුරදී ගත් ඡායාරූපයක් සිය "ට්විටර්" ගිණුමට එක්කර ඇත. 27 වැනි වියෙහි පසුවන පරිනීති චොප්රා මෙම ඡායාරූපයට ඉහළින් "sooooo hot on set I want ice-creammmmmm." ලෙස නම් කර තිබුණ අතර, මේ වනවිට එම ඡායාරූපයට ලක්ෂ 3කට ආසන්න "ට්විටර්" ගිණුම් හිමියන්ගෙන් ලයික්ස් ලැබී තිබෙන බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි. පරිනීති චොප්රා "මෙරි ප්‍යාර් බින්දු" චිත්‍රපටයේ අයේෂ්මන් කූරාණා සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ඇය 2014 වසරේදී රංගනයෙන් දායක වූ "කිල් දිල්" චිත්‍රපටයෙන් පසුව පෙනී සිටින පළමු චිත්‍රපටයද මෙය වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එන්න එන්න HOT වෙන පරිනීති