හොර ක්‍රෙඩිට් කාඞ්වලින් එතෙර ක්‍රෙඩිට් කාඞ් හිමියන්ගේ රුපියල් විසිහයකෝටියක් හෙරෙරෙන් ගත් බව කියන 13 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ  මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

එච්.පී. සමන්ත, උදයකුමාර අබේසිංශ, පීටර් ත්‍යාගරාජා, සෙල්වරාජා රජ්කුමාර්, පී. ඩික්සන්, අජිත් කුමාර රාජපක්ෂ, එස්. රාධක්‍රිෂ්ණන්, කේ.එල්. යසස් තරිඳු, ටී. රවික්‍රිෂ්ණ, එරංග අබේසිංහ මොහොමඩ් සුහාඩ් හා බණ්ඩාර විජේතුංග ඔවුහුය.

තව හත් දෙනෙක් රැඳවුම් නියෝග මත රහස් පොලිසියෙන් ප‍්‍රශ්න කැරගෙන යයි.
හොරොන් ගත් මේ මුදල් රාජ්‍ය නොවන සංවිධාන දෙකට සහන පදනම හා කාන්තා සංවර්ධන පදනමේ නමින්  රාජ්‍ය බැංකුවක තැන්පත් කැර ඇතැයි උසාවියෙදී කියැවිණි. අන්තර් ජාතික බැංකු සම්මුති අනුව එම බැංකුව මේ මුදල් ආපසු ගෙවිය යුතු බවද උසාවියේදී අද කියැවිණි.
සැකකරුවෝ සියලූ දෙනාම ලාංකිකයෝය. මෙම රාජ්‍ය නොවන සංවිධානයේ මුදල් කොටි සංවිධානයේ අරමුදලට ගියේදැයි සැකබව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔවුන් මෙරට කිසිම පොදු වැඩක් කැර නැති බවද උසාවියේදී කියැවිණි.