(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසරේ රජයේ වියදම වශයෙන්රුපියල් කෝටි හාර ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය තිස් පහක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව 2006 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයේ සඳහන්වේ.
2026 වසරේ ජනවාරි මස 1 වැනිදායින් ආරම්භ වී දෙසැම්බර් මස 31 වැනිදා දිනයෙන් අවසන් වන කාල සීමාවේ සේවා වියදම් සඳහා මෙම මුදල ඇස්තමේන්තු කර ඇත.
විසර්ජන පනත් කෙටුම්පත අනුව වැඩිම මුදල වෙන්කර ඇත්තේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙනි. එම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 63478කට වැඩිය. මීළඟට වැඩිම මුදල වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනුවෙනි. එය රුපියල් කෝටි 59600 කට වැඩි මුදලකි. ඊට පසු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 55499 කට වැඩි මුදලක් වෙන් කර අැත
මෙවර ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 45500කි.
එසේම මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 1100 ක මුදලක්ද අගමැති කාර්යාලය වෙනුවෙන් කෝටි අනූ හතකට වැඩි මුදලක්ද උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් වෙනුවෙන් කෝටි පනස් පහකට වැඩි මුදලක්ද අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙනුවෙන් කෝටි 27කට වැඩි මුදලක්ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් කෝටි හතළිස් දෙකකට වැඩි මුදලක් ද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙනුවෙන් කෝටි 18කට වැඩි මුදලක්ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් කෝටි 208 කට වැඩි මුදලක්ද පාර්ලිමේන්තුව වෙනුවෙන් කෝටි පන්සිය විසි හතකට වැඩි මුදලක්ද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් කෝටි 664 කට වැඩි මුදලක් ද වෙන්කර ඇත.
මීට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් කෝටි 1844 කට වැඩි මුදලක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 22130 කට වැඩි මුදලක්ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 30100 කට වැඩි මුදලක්ද නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 10350 කට වැඩි මුදලක්ද මහජන ආරක්ෂක කටයුතු සහ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 19200 කට වැඩි මුදලක්ද ඇස්තමේන්තු කර ඇත.
අ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එන අයවැයෙන් සල්ලි බෙදන හැටි