ආයුර්වේද උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගෙනි.
උණට
· වෙනිවැල්ගැට
· වියළි ඉඟුරු
· දුම්මැල්ල
· පත්පාඩගම්
තම්බා බීම ගුණදායකය.
· ඉඟුරු
· ගම්මිරිස්
· තිප්පිලි
· කොත්තමල්ලි
තම්බා තිබිම ගුණදායකය.
ඉඟුරු, කොත්තමල්ලි තම්බා සීනි දමා දිනකට දෙතුන්වරක් පානය කරන්න.
දැවිල්ල සහිත උණට
පත්පාඩගම් තැම්බු වතුර ගුණදායකය.
අජිර්ණ සහිත උණට
ඉඟුරු, කොත්තමල්ලි, එළබටු මුල්,කටුවැල්බටු, කළං දෙකයි, මංචාඩි අට බැගින් ගෙන කසාය පිළියෙල කර දිනකට දෙවරක් පානය කිරිමට දිම යහපත්ය.
සෙම්ප්‍රතිශ්‍යාවට
· ඉඟුරු
· කොත්තමල්ලි
· තැම්බු වතුර සිනි දමා පානය කිරිම ගුණදායකය.
· තිප්පිලි කුඩු මී පැණී ගත හැක.
· කොත්තමල්ලි, යක් නාරං කොළ තම්බා හුමාලය ඇල්ලිම ගුණදායකය.
· මද උණුසුම් ජලයට ලුණු දියකර උගුර සේදීම ගුණදායකය.
පිනසට
· ගොටුකොළ කොටා ලබාගත් යුෂ මඳක් රත්කර ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා උදෑසන පානය කරන්න.
· වියළී කහ,වියළී ඉඟුරු කුඩුකර, තේ හැන්දක් උණූ වතුර කෝප්ප භාගයකට දමා, තම්බා මී පැණීයෙන් බීම ගුණදායකය.
· වියළි කහ,වියළි ඉඟුරු කුඩු, තැඹිලි ගඩියකට දමා රැයක් එළීවෙන්නට තබා හිස්බව පානය කළ හැකිය.
· ඉඟුරුපියලිය, පිටවක්කා, තිප්පිළි, නෙළුම් අල ,සුදු ලුණු, ගම්මිරිස් කළං දෙක බැගින් ගෙන කසාය පිළියෙළ කර පානය කළ හැකිය.
ඇස් දැවිලලක් සමඟ ඇතිවන පිනසට
· අරළු
· නෙල්ලි
· මුකුණුවැන්න
· වැල්මි
· සැවැන්දරා
සම ප්‍රමාණයන්ගෙන් ගෙන අබරා ඇල් දියෙන් කලතා පසුදින උදෑසන තල තෙල් සමඟ මිශ්‍ර කර හිසේ ගැල්වීම සුදුසුය.
මුත්‍රා දැවිල්ලට
· වැල්පෙනෙල කොළ කොටා මිරිකා ගත් යුෂ පානය කළ හැක
· ඉරමුසු තම්බා බීම යෝග්‍යය
· මුත්‍රා දැවිල්ල සමනයට නිරමුල්ලිය තම්බාදීම ගුණදායකය.
· කැකිරි ඇට,අක්කපාන සමඟ සමට ගොනු පානයට දිය හැක.
· තැඹිලිගෙඩියක් රාත්‍රියේදි කපා ජලය මඳක් ඉවත් කර රාබු පෙති කිහිපයක් එයට දමා පසුදින එය පොඩිකර එයටම දමා පානය කිරිම මුත්‍රා දැවිල්ල සමනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
අධික රුධිර පිඩනයට
· සියඹලා බොර තේ හැඳි 4
· තල තෙල් තේ හැඳි 1
· විනාකිරි තේ හැඳි 3 ක්
මිශ්‍ර කර හිසට දැමීමෙන් අධීක රුධිර පිඩනය අඩුවේ.
· බැබිළ මුල් , සුදු ලුණු, උළුහාල් තම්බා දෙතුන්වරක් පානය කිරිමට දිය හැකිය.
· නිදිකුම්බා මුල් තේ හැඳ භාගයක් උණු වතුර මිශ්‍ර කර දිනකට දෙවරක් පානය කිරිම ගුණදායකය.
· නස්නාරං මේස හැඳ 2, සහිඳ ලුණූ තේ හැඳ 2 ක් බීමට දිම ගුණදායකය.
· කුඹුක් පොතු කසාය ද ගුණදායකය
සමේ කුෂ්ඨ සඳහා
· අමුකහ
· කොහොඹ කොළ තම්බා එම ජලයෙන් කුෂ්ඨ ඇති ස්ථානය සෝදන්න.
· ඇත්තෝර කොළ
· කොහොඹ කොළ
· පින්න කොළ
· නිදිකුම්බා කොළ සම ප්‍රමාණයන්ගෙන් ගෙන තම්බා , කුෂ්ටය ඇති ස්ථානය සේදිමෙන් සුවය ලැබේ.
· ලුණුවිල ත ම්බා, සේදිම ද ගුණදායකය.
· අරළු, බුණ ,නෙල්ලි තම්බා සේදිම ද ගුණදායකය.
· ගංසුරිය පොතු අමුකහ දමා තම්බා සේදිම සුදුසුය.
මධූමේහය වළක්වා ගැනිමට
· අමු කරවිල පෙති කපා ඇල්දිය විදුරුවකට දමා පසුදින එම ජලය පානය කළ හැකි වේ.
· අට්ටික්කා මුල කපා වැහැරෙන යුෂ මේස හැන්දක් මී පැණී තේ හැන්දක් ස මඟ පානය කිරිමට සැලැස්වේ.
· මුං ඇට කුඩුකර මේස හැන්දක් මීපැණියෙන් ගත හැකිය.
· නෙල්ලි, රසකිඳ යුෂ පැණියෙන් ගත හැකිවේ.
එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එදිනෙදා ජිවිතයට අත් බෙහෙත්