අයෝමි දැන් දොස්තර නෝනා නේද?
|
|
|
|
|
රජයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ගිය මාසයේ දී තමයි උපාධි ප‍්‍රධානෝත්සවය තිබුණේ. කොළඹ සරසවියේ දේශීය වෛද්‍ය අංශයේ උපාධිධාරිනියක්.
දැන් මොන රෝහලේ ද සේවය කරන්නෙ?
තවම ලියාපදිංචි වුණා විතරයි. අනාගතයේදී රෝහලක් ලැබෙයි.
ලංකාවේ කොහෙ වුණත් සේවය කරන්න කැමතිද?
ඒක වගකීමක්. ඒ වගකීමට අපි බැඳිලා ඉන්නෙ.
එතකොට රඟපෑම් වලට යන්නෙ කොහොමද?
ඒක නම් ඉතින් සීමා කරන්න වේවි.
වෛද්‍ය වෘත්තීය සහ රඟපෑම් වෘත්තිය අතරින් ඔබ වඩා කැමැති වෘත්තිය මොකක්ද?
මේ අංශ දෙකටම එක විදියට කැමතියි. නමුත් වෛද්‍ය වෘත්තියට මුල් තැන දේවි.
වෛද්‍යවරියක් වීම ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
පුංචි කාලයේ ඉඳලාම තිබූ අරමුණක් සඵලවීම ගැන හරි සන්තෝෂයි.
ඇයි වෛද්‍යවරියක් වෙන්නම හිතුවේ.
ඒ වෘත්තියට ගොඩාක් ආසයි.
දේශීය වෛද්‍ය අංශයම තෝරා ගත්තෙ ඇයි ?
බටහිර අංශය සඳහා ලකුණු මදි වුණා. ඒත් දේශීය වෛද්‍ය අංශයට තේරීම ගැන අද මම ගොඩක්ම සතුටු වෙනවා. මම හිතන්නෙ එම අංශය තවම ජනතාවගේ අවධානයට හරියටම යොමු වෙලා නැහැ. එය ඇත්තටම ආශ්චර්යවත් දෙයක්. අද දේශීය අංශයේ වෛද්‍යවරියකවීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.
අද සමාජයේ මිනිසුන්ට වැඩිපුර තියෙන්නෙ මොන වගේ රෝගී තත්ත්වයන්ද?
අධි රුධිර පීඩනය, මේදය වැඩිකම. දියවැඩියාව සහ අම්ලපිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස් රෝගී තත්ත්වයන්.
ඇයි එහෙම වෙන්න හේතුව?
ආයුර්වේදයට අනුව ගත්තාම ආහාර හා විහරණයේ හෙවත් ඇවතුම් පැවතුම්වල තියෙන වැරදි ක‍්‍රම නිසයි. බොහෝ වෙලාවට සමබල ආහාර වේලකට වඩා පිටි සහිත ආහාර භාවිතය මේ සියල්ලට හේතුවයි.
ඔබ ආහාර පාන සහ සාමාන්‍ය ජීවිතයේ දී නිවැරදි ක‍්‍රමයක් අනුගමනය කරනවාද?
හැකි සෑම අවස්ථාවකදීම එය කරනවා.
ඔබගෙ පැහැපත් බවේ රහස මොකක්ද?
පොඩි කාලයේ ඉඳලම මේ පැහැය තමයි.
ඔබගෙ රඟපෑම් ගැන රසිකයින් මොනවද කියන්නෙ?
බොහෝ වෙලාවට මට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ මැදි වයසේ අම්මලාගෙන්. ඒකට හේතුව නම් මම දන්නෙ නැහැ. මේ දිනවල නම් බොහෝ දෙනා ප‍්‍රතිචාර දක්වන්නෙ කෝරලේ මහත්තයා-ටිකිරි චරිතය සහ අසිනි චායා නාට්‍යයේ චාපා යන චරිතය නිසයි. හැබැයි අද රඟපෑම් ගැන අහනවාට වඩා රසිකයින් මගෙන් අහන්නෙ වෙනත් දෙයක් ගැනයි.
ඒ මොකක් ගැනද?
බෙහෙත් ගන්න පුළුවන් කොහොමද කියලා අහනවා. ඒ වගේම එක් එක් රෝගවලට මොන වගේ බෙහෙත්ද ගන්න ඕනෑ කියලත් අහනවා. මගේ සහෝදර නළු නිළියන් පවා එහෙමයි. ඒ විදියට මම උගත් දේ වෙතින් දැනුවත් කිරීමට අවස්ථාව ලැබීම ගැන ලොකු සතුටක් තියෙන්නෙ.
අයෝමි කියන ඒ නම ගැන මොකද හිතෙන්නෙ ?
දරාගැනීමේ ශක්තියක් ඇති හිතක් තියෙන කෙනෙක් කියලා හිතෙනවා. හැබැයි ඉතින් ඒ මම හිතන විදියයි.
ඔබ කොහොම කෙනෙක්ද?
මම මට හිතෙන විදියට සරලයි. බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නිර්මාංශයි. ඒත් ඉතින් මට මා ගැන නිගමනයකට එන්න බැහැ. සමාජය තීරණය කරාවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල යන හොඳ ටෙලි නාට්‍යක් කවුරුහරි කියන්නකෝ .තාත්තේ අපි අවා නම් බලනවා ඒකත් හොඳයි .ඇත්තටම මට වෙලාවක් නැහැ හොඳ එකක් හොයා ගන්න. (ස)
දැන් ගැහැණු ළමයි අත් උස්සාගෙන පින්තූර ගැනිල්ල මෝස්තරයක් වෙලා. (ස)
පහන්, හෝපලු අරණ, නිර්සත්වයෝ බලන්න. (නි)
පහන්, 'පූජා' බලන්න. එකේ සුරාජ් මාපයි ඕෂධී හෙවමද්දුමයි ඉන්නේ. කොටස් 60ක් තියෙන ලස්සන ටෙලි නාට්‍යයක්. (දී)
අනාගතය සුබ වේවා!(නදී)
මට ලෙඩක් නැතත් ඔයාගෙන් බෙහෙත් ගන්න එනවාමයි !(නදී)
පාට ගාල වැඩිනේ ? හොම්බ්‍රන් පැස්ටල් වගේ ?(නදී)
'මල් දෙවැට' ටෙලි නාට්‍යයේ රුවන්ගි සමග ඔබ ලස්සනට රඟපානවා. ඔබට අපේ සුභ පැතුම්! (නි)
ඔබට සුභ අනාගතයකට ආසිරි! (නි)
මම හරිම කැමතියි ඔබගේ රඟපෑම් වලට. ඔබ සුරූපී යුවතියක්. මේකප් ගොඩාක් නොකර චාම් විදිහට ඇන්දහම පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ. මට හිතෙන්නේ ඔබගේ ඒ අහිංසක පෙනුම තමයි ඔබගේ සුරූපී බව තවත් වැඩි කරන්නේ කියලා. ඔබගේ වෛද්‍ය වෘත්තිය දියුණුවෙන් දියුණුවට පත්වේවා....! (නි)
දක්ෂ නිලියක් (දී)
ටීකක් වස පාටයි (අ).
අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ අනාගතයත් දීප්තිමත් බව පේනවා.ඔයාට සුභ අනාගතයක් වේවා. (අ)
මල් දෙවැට ටෙලි නාට්‍ය ඉතාමත් ලස්සන ටෙලි නාට්‍යක්. ඔබ සහ රුවන්ගි රත්නායක එහි හොඳට රඟපානවා.(නදී)
මටත් හිතෙනවා එයාගෙන් බෙහෙත් ගන්න (නි)
එදා සුදු නංගියා අදට හෙටට සැමදාටම ලංකාවාසි සැමටම සුදුම සුදු වෙද නෝනා කෙනෙක් වේවා! මගේ සුහද ප්‍රර්ථනා! (නි)
මෙයා අර රූපවාහිනියේ ගිය මුවන්පැලැස්සේත් හිටියා නේද? (නි)
ආයුබෝවන් සුදු නංගී! (නි)
සුභ අනාගතයක් ඔබට! (නි)
සුදු නංගිට සුබ පැතුම්! (නි)
අපෝ මෙයාගේ තියෙන ආඩම්බරේ! (නි)
පාට ගාල වැඩී නේද . මොන තීන්තද පාවිච්චි කරන්නේ, (දී)
ඔබේ රුවට සමානව අත්ගුණයත් ඇත කියා මම සිතනවා. එය වෙදකමට මහත් සේ උපකාරි වේවි. (නි)
අයෝමි. කුමන අංශයේ වෛද්‍යවරියකගෙන් උනත් රෝගියෙක් බලාපොරොත්තුවෙන්නේ හොද සේවයක්..ඒ කියන්නේ නිවැරදි බෙහෙත් වගේම කරුණාවන්ත බවක්...අපේ ගොඩක් වෛද්‍යවරු ළග කරුණාවන්ත බව නැහැ.....ඔබ ඒ දෙකෙන්ම පොහොසත් ජනප්‍රිය වෛද්‍යවරියක් වේවා !!!!!! මගේ පැතුමයි..... (දී)
ලස්සන කෙල්ලෙක් (නි)
ඇස් වල මේකප් ටිකක් වැඩියි කියලයි මට හිතෙන්නේ (නි)
ගැහැණු අය බොහෝ විට කොණ්ඩය පීරන්න හා බඳින්න අත් උස්සනවා.ඒ නිසා අත් එසවීම ගැහැණු බව උලුප්පා දක්වන ඉරියව්වක්. එනිසයි අත් ඔසවා ෆොටෝ ගන්නේ. ධම්ම මහත්මයාගේ හිතේ ඇති වූ පැනයට පිළිතුර ඕකයි. (නි)
ඔබට සුබ ගමන් ! (නි)
වෙද නලාව අරගෙන ඉන්න ෆොටෝ එකකටත් හිටියා නම් තමා මේ ලිපියට ගැළපෙන්නේ. ටෙලි තිරයේ අනිත් වෙද හාමිනේ ඉෂාරා සඳමිනිටත් ඉක්මනින් වෛද්‍ය වරම් ලැබේවා! (නි)
අලුත් වෙද හාමිනේට සුබ පැතුම්! ඒත් මොකක්ද මේ ඇඳුම? වෙදහාමිනේ කෙනෙක් සීමාවාසික කාලය තුළ අනිවාර්යයෙන් දේශීය විදියට අඳින්න හුරු කරනවා. ලස්සනට කොණ්ඩයක් බැඳලා ඔසරිය ඇන්දානම් තමා ගැළපෙන්නේ. (නි)
ඔබේ ඉදිරි ගමනට සුබ පතනවා (නි)
මෙයත් ලස්සනයි. හැබැයි මහේෂි මදුශංකා ඊටත් වඩා ලස්සනයි. අහිංසකයි, පින් පාටයි.(නදී)
පහන්, 'අංගනා' ටෙලි නාට්‍ය බලන්න. 'සිහින විලක්' ටෙලි නාට්‍යත් හොඳ එකක්.(නදී)
මෙයා නම් හරිම ස්වීට් කෙනෙක්. (නි)
ගැහැණු ළමයි හැමවෙලාවේම අත් උස්සන්නේ කොණ්ඩය හරිගස්සන්නද? (නි)
රගපෑමට වඩා වෙද නෝනා කෙනෙක් වෙන්න එකෙන් ඔයාට වගේම හැමෝටම හොදක් වේවි. රගපෑම ලස්සන තියෙනකන් විතරයි (නි)
අපිටත් බෙහෙත් පොඩ්ඩක් ගන්න පුළුවන් වෙයි නේද? (ස)
ලස්සනයි,පින් පාටයි. නමුත් අහිංසකයි කියලා කොහොමද දන්නේ? (නි)
පහන් නිර්සත්වයෝ , කෝරලේ මහත්තයා , අම්මාවරුනේ ,අංගනා බලන්න.(නදී)
මල් පෙති වල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ, කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද සුදු කෙල්ලේ??... මගෙන් සුබ පැතුම් දක්ෂ වෙදතුමියක් වේවා! (නි)
අංජන ඔයාට ආච්චි වැහිලද ??? ඔයාට මොකටද එයා බැඳලද ??? ලිහලද?? කියලා. ඔයාගෙ වැඩක් බලා ගන්න අංජන..... (ස)
මෙයා ඇයි දන්නේ නැහැ "චායා" ටෙලි නාට්‍යයේ මහේෂි මදුසංකා නොහොත් චායාගේ හොඳම මිතුරිය වන නිලන්කාගේ චරිතයෙන් අයින්වුනේ?(නදී)
අංජන, .ඒ ළමයා ලස්සන වගේම දක්ෂ නිලියක්.හොද වෛද්‍යවරියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
මෙය බැඳලා ද? මතක විදියට නං බැඳලා හිටිය වගේ මතකයි. (දී)
ඔයා රඟපෑමෙම ඉන්න. කියක් හරි හොයා ගන්න පුළුවන්. මොකද දැන් කැලෑ එළිකරන විදියට ඔයාගේ සිංහල බෙහෙත් මේ ලෝකෙන් නම් හොයා ගන්න බෑ. (අ)
ලේක්කෝ ගලබඩ, ගොඩක් ස්තුතියි. ඒවා මෙගා නාට්‍ය නෙමේ නේද ?දඞුබස්නා මානය ,අකාල සන්ධ්‍යා බෝගල සවුන්දිරිස් වගේ ඒවා දැන් නැහැ නේද ? මම අන්තිමට බැලුවේ මොනර තැන්න ඒකත් හොදයි .නාට්‍යක් උනහම කොටස් 75,80 ඉවර වෙනවා නම් තමයි හොඳ. (ස)