රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සමග පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් කළ ගිවිසුම දැන් වලංගු නොවන බවත්, ගැම්වාසීන්ට ගිවිසුම් අවශ්‍ය නැතිනම් තමන්වහන්සේ සිටින්නේ ද එම මතයේ බවත් ගල්ඔළුව සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.
වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් කම්හලේ ප්‍රශ්නයේදී වැලිවේරිය ජනයා වෙනුවෙන් එදා උපවාස කර වීරවරයකු බවට පත් වු තෙරිපැහැ සිරිධම්ම හිමි කම්හල සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව හිටි ගමන් ප්‍රදේශයෙන් බැහැරට වැඩම කර දෙසතියකට පමණ පසු අද යළි බැලුම්මහරට ත්‍රිරෝද රියකින් පැමිණ එතැන් සිට රතුපස්වල ක්‍රීඩා පිටිය දක්වා තනිවම පයින් වැඩම කළේය.
පෙරදින ගම්පොල දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තමන් සමඟ ගමනට එක්වන්නැයි කම්හල අවට ජනයාට ඇරැයුම් කලත් මාධ්‍යවේදීන් හැර අන් කිසිවකුත් එහි පැමිණ නොසිටියේය.
සිරිධම්ම හිමියන් රතුපස්වල ක්‍රීඩා පිටියට ලගාවත්ම ත්‍රීරෝධ රථ කිහිපයකින් සහ වෙනත් වාහන කිහිපයකින් පැමිණි පුද්ගලයෝ පිරිසක්ද උන්වහන්සේගේ පා ගමනට එක් වුහ.
මේ අතර ක්‍රීඩා පිටිය ඉදිරිපස පොලිස් රැකවල් යොදා තිබුන අතර ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ කාර්‍යාල වල සේවය කරන්නෝද එහි වුහ.
ගැමියෝ පිරිසක්ද එහි සිටි නමුත් සිරිධම්ම හිමියන්ගේ පාගමනට ඔවුන් එක් වුයේ නැත. ගැමියෝ පැවසුවේ සිරිධම්ම හිමියන් සමග පැමිණ පිරිස පිටස්තර පුද්ගලයන් බවයි.
මේ අතර එහි පැමිණ සිටි ගැමියෝ පැවසුවේ සිරිධම්ම හිමියන් සමග කිසිදු පැටලිවිල්ලක් ඇති කරගැනීමට තරම් තමන් මෝඩ නොවන බවයි. එහෙත් ගැමියෝ සිරිධම්ම හිමියන්ගේ පාගමනට හෝ ක්‍රීඩා පිටියේ රැස්වීමට එක් නොවුහ.
සිරිධම්ම හිමියන් පෙර දිනක කම්හල වසන තෙක් නොනැගිටිමියි පවසා ක්‍රීඩා පිටියේ මාරාන්තික උපවාසයෙහි යෙදී සිටි ස්ථානයට වැඩම කර එහි බුදු මැදුර වැද නමස්කාර කළේය.
අනතුරුව උන්හන්සේ මාධ්‍ය ඇමතීමෙන් අනතුරුව ක්‍රීඩා පිටිය ඉදිරිපස සිටින ගැමියන් අතරට සිනහවක් නගමින් වැඩම කළේය. නමුත් කිසිදු ගැමියෙකු උන්වහන්සේව යළි පිළිනොගත් අතර පිරිසක් ඉවත බලගනිද්දී තවත් පිරිසක් උන්වහනසේව මග හැර ගියහ.
පසුව සිරිධම්ම හිමියන් එහි තිබු ත්‍රීවිලරයක නැගී ගල්ලොළුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානය වැඩම කළේය.
.
(ඡායාරූප දීපා අධිකාරි)
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිධම්ම හිමි ගම්පොලදී සංවිධානය විසුරුවා හැරියා නේද? දැන් සංවිධානයක් නෑ. ඉතින් මොකටද ජනයා රැස්වෙන්නේ? ගිවිසුම වෙනස් වෙන්නේ නැහැ නේ පයින් ගියාට. (ස)
මට මෙතන ලොකු සැකයක් තියෙනවා. හැමදාම ඇයි ඔය බන්දුල පෙරේරාව විතරක් මහත්තයෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ. (නි)
අද මිනිස්සු බුද්ධිමත්. ඉස්සර වගේ ගැට වලට අද මිනිස්සු අහුවෙන්නේ නැහැ. (නි)
සත්‍ය සිද්ධිය හරියට නොදැන ස්වාමින් වහන්සේ නමකට අපහාස කරන්න එපා. (නි)
අපිට නම් හරිම ලැජ්ජයි හාමුදුරුවනේ (නි)
ගෞරවණීය නායක හාමුදුරුවනේ කවුරු කොයි විදිහට ඔබ වහන්සේව අර්ථ කථනය කළත් අපිට නම් ඔබ වහන්සේ වටිනවා. ඔබ වහන්සේ රතුපස්වල ජනතාව වෙනුවෙන් ජීවිත පූජාවෙන් කළ වික්‍රමය අපිට නම් කවමදාවත් අමතක වෙන්නේ නැහැ. ප්‍රභාකරන් කිව්වා වගේ සම හරක් ටික දෙනෙකුට නම් හැම දේම මතක තියෙන්නේ සතියයි.(නදී)
‘චරථ භික්ඛවේ චාරිකං. බහුජන හිතාය. බහුජන සුඛාය" යන්න බුදුරදුන් විසින් තම සංඝයාට දුන් පළමු උපදේශයයි. "මහණනි,බහුජන හිත සුව පිණිස,යහපත පිණිස ගමන් කරන්න" ඒ බව නොදන්නා භික්ෂුන් බෞද්ධාගමට නිගාවක් බව මගේ අදහසයි. (නි)
රතුපස්වල සත්‍ය තත්වය ඒ ගම්වල මිනිසුන් හොඳින් දන්නා අතර විචාරකයන් යැයි සිතාගන්නා ඊට පරිබාහිර උදවිය මේවාට සම්බන්ධ වීමේදී එබඳු කටයුතු යම් විදිහකින් අඩාල විය හැකිය. මන්ද බොහෝ පුද්ගලයින් ඒවාට සහභාගී වන්නේ යම් යම් දේ ලබා ගැනීමේ යටි අරමුණු සහිතව බව හොඳාකාරවම පෙනෙන්නට ඇති බැවිනි. (නි)
හාමුදුරුවෝ වරදක් කලේ නැහැ. මාස 6 කින් වහනවා කියලනේ අත්සන් කලේ. ඒක සාධාරණ තීරණයක්. මිනිස්සු මෝඩයෝ වගේ හැසිරෙනවා. දැන් ඉතින් වෙන කට හරි පුළුවන් නේ ආපහු සටන් කරන්න. එකෙක්වත් නැහැ. ඔය මෝඩ මිනිස්සුන්ට කවද හරි හාමුදුරුවෝ හරි කියලා තේරෙයි. (ස)
රජය විසින් ශ්‍රි ලංකාවේ සියලු ගම්මාන වලින් ලබාගත් භූගත ජල සාම්පල පරීක්ෂා කර ඒවායේ පී එච් අගයන් වල වාර්තාවක් එළිදක්වන්න ඕනෑ මේ මිනිස්සු මේ ඉන්න මිත්‍යාව පහ කරන්න නම්..මණ්ඩලේ වතුර වල ඇරෙන්න ඔය කියන මට්ටමේ පී එච් අගයක් ඔය කිසිම තැනකින් හොයන්න ලැබෙන්නේ නැහැ.ඔය පරීක්ෂාව හරියට කළොත් මේ රතුපස්වලට වඩා වතුරෙන් අන්ත දුක් විදින අම්ල ජලය බොන මිනිස්සු ඉන්න ගම් කොච්චරක් මේ රටේ තියෙනවාද කියලා මේ අය අවබෝධ කර ගනීවි. (නි)
බුදුදහමේ අන්තවාදී දරදඬු නීති පිළිගන්නේ නැහැ.මැදුම් පිළිවෙත,සාකච්ඡාව,සම්මුතිය බුදුන් ගැටලු නිරාකරණයට අනුමත කළ ක්‍රමවේදයයි.අද එක්සත් ජාතින්ගේ සංවිධානය පවා නිර්දේශ කරන්නේ මෙම ක්‍රමයයි (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ දකිනකොට අනුකම්පා හිතෙනවා.කෝ අද දේශපාලකයොත් නැහැ. දායකයොත් නැහැ.අන්තිමට ඔබ පත්තර මහත්තුරු ටික පමණයි ඉන්නේ.මේක කිඹුල්වත් පුරයවත්, දෙව්දහ නුවරවත් නෙමෙයි, සකලසිරින් පිරි සල්ලි වලට ඕනෑ දෙයක් කළ හැකි සංග්‍රහශීලි ශ්‍රී ලංකාව (නි)
තවත් මන්ත්‍රී හාමුදුරුකෙනෙක් ප්‍රාදේශීය සභාවට එකතුවෙන දිනය ළග බව මගේ හැගීමයි (නි)
එදා අයුක්තියට අසාධාරයට එරෙහිව උපවාස කළත් අද හාමුදරුවන්ට වතුර නැතුව බැහැ යන ව්‍යංගාර්ථය මෙයින් අදහස් වන නමුත් මෙහෙම කියන අයට අමතක වුණ එක දෙයක් තිබෙනවා. ඒ එදා දිවි හිමියෙන් මේ හාමුදරුවෝ කැපවුනේ දේපළ තාත්ත මාන්න වරප්‍රසාද බලාගෙන නොවෙයි කියන කාරණය. (නි)
මමත් මේ ගමේ තමයි (නි)
ඇත්තටම සිංහල මිනිස්සුන්ට මුල අමතක වෙනවා තමයි. (ස)
හාමුදුරුවෝ ආරක්‍ෂකයෝ හංගාගෙන තනිවම වැඩම කළා වගේ. රඟපෑමක් කළා වගේ සිතට දැනෙනවා, (නි)
ස්වාමින් වහන්සේ පසුපස සෙවණැල්ලක් ලෙස ගමන් කරන සුදු රැවුලක් ඇති පුද්ගලයා සැබෑවටම හාමුදුරුවන්ගේ ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කරනවා වගෙයි. ඔබට ස්තුතියි!! (නි)
ඔය කියන දේවල් මට නම් විශ්වාස නැහැ (නි)
ඔය බන්දුල පෙරේරා කියන්නේ මහත්තයෙක් නෙවෙයි, ඒ හින්ද කතා කරලා වැඩක් නෑ (අ)
මෙතන වතුර වලට වඩා ප්‍රශ්නය රැකියා . වතුර ලැබුනත් රැකියා නෑ. හාමුදුරුවෝ තවම දන්නේ නෑදේශපාලුවන්ගේ හැටි. හාමුදුරුවෝ ධර්මය කියල අවබෝධ කරලා දී වාගෙයි (අ)
ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී... (නි)
හාමුදුරුවෝ බලන්නේ දෙපැත්තම බේරාගන්න.ඒවාට දැන් රැවටෙන අය නැහැ කියලා හාමුදුරුවන්ට තේරුනා නම් ඒ ඇති (නි)
ඔන්න දැන් බන්දුල තවත් අපබ්‍රංශයක් කියවනවා (නි)
හාමුදුරුවන්ට අපහාස කරන්න එපා. එය දැන හෝ නොදැන කරන වරදක්. අපේ හාමුදුරුවෝ මැරුණත් ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා. අඩුපාඩුවක් වුණාට සමාවන්න ජනතාවනි. (නි)
ඔහොම ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
බලු උන්නැහෙත් එතැනට ඇවිල්ලනේ හා හා (ස)
ගමයි...පන්සලයි..වැවයි..දාගබයි..අපේ සිංහල සංස්කෘතියේ සිව් මහා කුලුනුයි... මේවා බිදීයාම කණගාටුවට කරුණක්. මේවා බිද දැමීම ගම රටකන්නන්ගේ වැයමයි. රතුපස්වල ගම ළගදීම පාලු වේවි. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. ගමේ හාමුදුරුවෝ ගමේ ජීවත් වේවි. සංඝ බේදය කළ අය නිරයේ තපිවී. (නි)
සිංහලයෝ මෝඩයෝ කැවුම් කන්න යෝධයෝ කිව්වේ නිකන් නෙමේ. (ස)
රට ආගාධයට ගියා, නීතියත් ආගාධයට ගියා. මිනිස්සුන්ගේ හෘද ශාක්ෂියත් ආගාධයට ගියා. (නි)
අද භික්ෂුවට සිදු වූ දේ...? (නි)
හාමුදුරුවෝ ගැටයකට අසු වෙලා. පව් මොනවා කරන්නද හාමුදුරුවෝ තනිවෙලා. (ස)
කවුරුවත්ම හිටියෙ නැද්ද? (නි)
හාමුදුරුවන්ව වීරයෝ කරපු අයම හාමුදුරුවන්ව අද දුෂ්ටයා කරලා..රතුපස්වල නාඩගමේ හාමුදුරුවන්ට ආයේ චරිතයක් නැහැ වගේ..අලුත් පිටපතකට අලුත් නළුවෝ නාඩගම රඟ දක්වනවා..අපේ මේ පිටරට ඉඳන් රතුපස්වල වතුර බොන මැටි හරක් තාමත් මේ නාඩගමට උඩ පැන පැන අත්පුඩි ගගහ රතුපස්වලින් අරාබි වසන්ත එනකම් හීන දකිනවා..හාමුදුරුවන්ට සංසර චක්කරේ අවබෝධ කර ගන්න දැන්වත් බැරිනම් ඉතින් හාමුදුරුවන්ට කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවත් මේ සංසාරෙන් එගොඩ වෙන්නනම් බැහැ.. (ස)
මිනිස්සුන්ගේ අරගල පාවා දෙන කාටත් අයත් උනේ මේ ඉරණමමයි. (ස)
මුදල් වලට, බලයට, තණ්හාවට යටවන සියලු දෙනාට මේක හොඳ පාඩමක්. පාවා දෙන්නන්ටත් හොඳ පාඩමක්. (නි)
මට මතක් වෙනවා හෙන්රික් ඉබ්සන් ගේ 'ජන හතුරා' කියන ශ්‍රේෂ්ට නාට්‍ය.ඒකත් ලියල තියෙන්නේ පානීය ජලය සම්බන්ධව. (ස)
බන්දුල මහත්තයා නම් පුදුම කෙනෙක් (නි)
ඔය ප්‍රශ්නේ දෙකොන විලක්කුව වගේ දෙයක්. එක පැත්තකින් ජනතාවගේ වතුර ප්‍රශ්නේ. අනෙක් පැත්තෙන් කම්හල වැහුනොත් එකේ සේවකයන්ට ඇතිවන තත්වය. මීලඟට එළියට බහින්න බලන් ඇත්තේ ඒ උදවිය. එතකොට අර කවුරු හරි අඩනකන් බලන් ඉන්න කට්ටියක් ඉන්නවනේ ඇහැට ඇගිල්ලෙන් ඇනගෙන මහා සද්දෙට බෙරිහන් දීලා අන්න එතකොට එයාල කොයි පැත්තද ගන්නේ. අවුරුදු දහයකට වැඩි කාලයක් ඔය කර්මාන්ත ශාලාව පවත්වා ගෙන ආවා. එතකොට මුකුත් කියන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ වගේම මේ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය ඔය පළාතේම සමහර මිනිස්සු තමන්ගේ ඉඩකඩම් බදු දීල සල්ලි වලට වලවල් හැරලා දන්නා ඉඩ දුන්න දැන් එතකොට හාමුදුරුවෝ විතරද වැරදි. අනේ පව් අර අහිංසක ජීවිත තුන. (ස)
කළගුණ නොදත් මිනිස්සු... (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ, මේ ආයතනය ඔයාගේ ගමට ගෙනියන්න කියලා රජයෙන් ඉල්ලන්න. එතකොට ප්‍රශ්නය ඉවරයි. (නි)
හාමුදුරුවෝ සහ ගමේ මිනිසුන්ව බේද කලේ කව්ද කියලා ගමේ මිනිස්සු තේරුම් නොගැනීමෙන් පාඩුව ගමේ මිනිස්සුන්ටම නේද? එකමුතු කම විනාශ කලාම ප්‍රශ්නය නිකම්ම යට ගිහිල්ල අතුරු ප්‍රශ්න උඩට එනවා. මේකට ගමේ මිනිස්සු අහුවෙලා. ප්‍රදාන ප්‍රශ්නය තාම එතනමයි.(නදී).
දිල්ෂාන් මහත්තයෝ,කොහෙද ඔය අගාදේ තියෙන්නේ? රතුපස්වලද? (නි)
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සිදු කළ උපවාසය තමයි මෙතෙක් අප රටේ මා දැක ඇති ආශ්චර්යමත්ම උපවාසය. මට දුක එම උපවාසයේ අවසාන ජවනිකාවට, රටේ පිළිගත් නායකයෙකුටත් සම්මාදම් වීමට සිදුවීම. එතන සිදුවූ වතුර පෙවීම මට ජිවිතේට අමතක නොවේ. (නි)
කවුරුත් මීට වඩා බුද්ධිමත් වියයුතුයි (නි)
රතු පස්වල ජනතාව සහ සියලුම ශ්‍රී ලංකාවාසින් දැන ගතයුතු වැදගත්ම දේ සිරිධම්ම හිමියෝ කියන්නේ රතු පස්වල ජනතාව වෙනුවෙන් තමන්ගේ ගමේ මිනිස්සු වෙනුවෙන් මැරෙන්න ඉදිරිපත් උන රත්තරන් හාමුදුරුවෝ කෙනෙක් කියලා. එදා මිනිස්සු මේ හාමුදුරුවෝ කරේ තියාගෙන ගියා.දැන් ජනතාව එයාලා කරන දේ හරි කියලා හාමුදුරුවන්ට බනිනවා. මේ හාමුදුරුවෝ වාගේ තමන්ගේ ගමේ මිනිස්සුන්ට ආදරේ කරන අය හොයන්න නැහැ. වෙනත් ආගම්වල මිනිස්සු මේවට හිනා වෙනවා. බෞද්ධ මිනිසුනේ, අවදි වෙන්න (නි)
ලක්මිණි කියන කතාවට මාත් එකඟයි. අපේ මිනිස්සුන්ට මුල අමතක වෙනවනේ. (ස)
මිනිස්සු අතරමං වුණා (අ)
බොන්න වතුර ඉල්ලු අයව මරා ගත්තෙ මොන රටේද ?? (ස)
මමත් අසාධාරණයට ලක් වෙච්ච ඔය ගමේම කෙනෙක් විදියට බන්දුල පෙරේරා මහත්තයාගේ සංසාර චක්කරේ අවබෝධ කරගන්න උත්සාහ කරන කොට මට අවබෝධ උනා බුදු බණේ කොටසක්.. බන්දුලලා වගේ අය මිනිස් ආත්ම ලැබුවත් තවමත් පෙර ආත්ම වල තිරිසන් ගති අරින්න බැහැයි කියන එක....මේ ආයතනය වැරදියි කියන සාක්ෂි වාර්තා හංගාගෙන ඉන්න අයටත් එව්වට උඩගෙඩි දෙන අයටත් දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන එක වලක්වන්න බැරි වෙයි. (එක අතකින් ගමේ ආරක්ෂාවට ඉන්න උන්නාන්සෙලත් මෙහෙම කරන එකේ ඉන්ටර්නෙට් එකේ වීරයෝ වෙන්න අදහස් දාන අය ගැන මොනවා නම් කියන්නද?.).අන්තිමේ දුක් විදින්නේ ගමේ ඉන්න අපි විතරයි.. (ස)
කිසි කෙනෙක් මේකට ඉදිරිපත් නොවුන වෙලාවේ තමා හාමුදුරුවෝ ඉස්සරහට ආවේ. අද මිනිසුන්නට පස්සේ ආව වීරයෝ ලොකු වෙලා. එයාලා තමා දැන් විස්වාස. ඕන එකක් කර ගන්න දීලා ඔබවහන්සේ පාඩුවේ ඉන්න. (ස)
"සිල්වා 2013-10-21 19:02:36:ඔය බන්දුල පෙරේරා කියන්නේ මහත්තයෙක් නෙමෙයි, ඒ හින්දා කතා කරලා වැඩක් නෑ" එහෙම කියන එක වැරදියි. ඕනෑම පිස්සෙකුට වුණත් මහත්තයා කියනවනේ. (නි)
ජනතාවට වැරදි තොරතුරු ගිහින්ලු.ගම්පොල ඉදලා කරපුවා අද නෑනේ.බුදුහාමුදුරුවෝ ගාවාගන්න එපා.ඔබවහන්සේට සිව්පසය දුන් මිනිස්සුන්ට කතාකළ හැටි ලෝකයම දැක්කා.රතුපස්වල මිනිසුන්ට ඇති කළකිරීම හිතාගන්න පුළුවන් මේක දැකලා අපට ඇති වුණු කළකිරීමෙන්ම. (නි)
බන්දුල පෙරේරා, ඔබ කියන වාර්තාවත් වස රසායනිකයක් අන්තර්ගතයි කියලා තහනම් කරපු කිරිපිටිවල දැන් වස රසායනික නොමැතිය කියලා දීපු වාර්තාව වගේ කියලයි අපි හිතන්නේ. මිනිස්සු මුදලට සියලු දේ පාවා දෙන යුගයක් මේක. කවුද? කොහොමද?විශ්වාස කරන්නේ හාමුදුරුවෝ වුණත් එහෙම නොකරයි කියලා. මොකද උන්වහන්සේ රහත් වෙලා නැහැනේ? (නි)
අනේ පව්. (ස)
කවදාහරි හාමුදුරුවන්ගේ අගය තේරේවි, ඔය මිනිසුන්ට. අපේ මිනිසුන්ට පුළුවන්, අනුන්ට ගරහන්න, වැරදි හොයන්න, අපහාස කරන්නට පමණයි. (නි)
බන්දුල උන්නැහේ , සංසාර ගමන් කොහොම උනත් මේ වැඩේ නම් රතුපස්වල සිරිධම්ම හාමුදුරුවෝ ප්‍රමුඛ රතුපස්වල ජනතාව ගොඩ දාගන්නවා. මේ තාවකාලික පසු බැසීමක්. තාවකාලිකව මේ ගම දෙකට බෙදුවත් සත්‍ය ඉක්මනට මේ දෙගොල්ලොම තේරුම් ගන්නවා නැවත එකතු වෙනවා , තෙරුවන් ගුණ බලෙන් නැවත මේ සියලු දෙනාටම එකමුතුව මේ සටන ජය ගන්න ශක්තිය දහිරිය ලැබෙවා කියලා පතනවා. (ස)
දැන් කොහොමටත් හාමුදුරුවන්ට දානේ ටිකත් පන්සලේම හද ගන්න වෙයි වගේ මිනිස්සු පන්සලට ඒවිද දන්නෙත් නෑ. (ස)
හාමුදුරුවනේ බුද්ධ චරිතයේ ඔයිට වැඩ බරපතල තැන් තිබුනා, ඔබ වහන්සේ ඔය කිසි දෙකින් සැලෙන්නේ නැතුව පන්සලට වඩින්න. නැවත ඔබ වහන්සේ සොයා එන අය සමග එකතු නොවී පාඩුවේ වැඩ වසන්න. අන්තිමට ඔය කට්ටියම ඇත්ත තේරිලා පස්ස බිම ඇණගෙන ඔබ වහන්සේ ලඟට එන දිනය වැඩි දුරක නෙවෙයි. (දිල්)
ඔබට පෙනේනවද බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණය..? (ස)
චමත් ඉතාලිය සිරිදම්ම හිමිගේ වැඩ සිටින ආසනයට සුදු රෙද්දක් දැම්ම නම් ඒ ආසනයට දාපු ඔපය පේන්නේ නැහැනේ (නදී)
හාමුදුරුවන් උපකල්පනය කරේ ගමේ ගැමියන් සියලු දෙනාම මහා ඉහලින් පිළිගනිවි කියලා.ඒක නිසා පා ගමනින්ම වැඩියේ...නමුත් පොඩ්ඩක් බකල් ගියා...නුවණත් ජනතාව... (ස)
අනේ අපේ හාමුදුරුවනේ..ඕව ඔහොම තමා."කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල."(නදී)
ඇත්ත කතාව හෙළි කරන එක මාධ්‍යයෙන් කෙරෙන්න ඕනෑ. අපිට තේරෙන්නේ නැහැ මොනවද වුණේ කියලා. නීතිය කොහෙද?මේක යට ගහන්න දෙන්න එපා. හාමුදුරුවෝ වැඩ කළේ අවංකව නම් ඒ පින ලැබෙයි. ඒ වගේම වැරදි කරන අයටත් ලැබෙයි. ඊට කලින් කී දෙනෙක් ලෙඩවෙයිද වස බීලා? (නි)
ගැමියන් හොඳ පිළිතුරක් දුන්නේ..හාමුදුරුවෝ මොන ගිවිසුමක් ගහල ද දන්නේ නැ.. (ස)
කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි. (ස)
සියාතු ලොක්ක රතුපස්වල නම් මම ඉන්ටෙර්නෙට් එකෙන් ඔලුවෙන් හිට ගන්නවා ..මේ අදහස් දාන ගැමියෝ කියල පෙන්නන්න හදන එකෙක්වත් රතුපස්වල ලංකාවේ කොහෙද කියලවත් හරියට දන්නේ නැති පිට රටවල් වල ඉදන් තව මිනී ලැබීයන් ලැබීයන් කියල පෙරුම් පුරන කට්ටිය..සියාතුට අං තිබුනට අනෙක් අයට අං තියෙනවා කියල හිතන්න එපා..සියාතු පරීක්ෂණ කරලා වාර්තාත් එලියට දාලා.. (ස)
අපේ සිංහල ජාතියට කරන කන් හොඳයි වරදින කොට හොඳ නැත ලෝකේ සිටින ජරාම ජාතිය තමයි ලංකාවේ ජාතිය. ඒ හාමුදුරුවෝ යමක් කර ඇත. එකටවත් සතුටු වෙයල්ලා (ස)
පව් අහිංසකයෝ තුන්දෙනා. (ස)
රතුපස්වල මිනිස්සු විඳින දුක ඉන්ටෙර්නෙට් එකේ විචාරකයන්ට අවබෝද වෙන්න ටිකක් කල් යයි. පටන් ගත්ත දවසේ ඉඳන් ඔවුන්ගේ ප්‍රශ්නය වෙනත් දේවලට යොමු කරමින් මුලික ප්‍රශ්නයට පරිබාහිරව කට යුතු කරන්න දගලන අය නිසා අද නැති ප්‍රස්න ඇතිවෙලා.මේ හැම එකටම හේතු .වෙනස්. හාමුදුරුවෝ ප්‍රශ්නයට මුල හිටලම කටයුතු කල ආකාරය දැන් සැකයක් සහිත තත්වයකට පත්වෙලා. උන්වහන්සේගේ ක්‍රියා කලාපයේ වෙනත් අරමුණක් තිබුණු බව දැන් හොඳට පැහැදිලිවෙලා. ඒ නිසාම මිනිස්සු කියන කතා වල ඇත්තක් තියනවද නැද්ද කියලා දන්නේ හාමුදුරුවෝ පමණි. සමහර අය කියන පරිදි පොරුන්දු උන දේවල් නොලැබුණු නිසා උන්වහන්සේට ගමටම එන්න සිද්ද උන නිසා දැන් වෙනත් කරුණු ගැන කතා කරන තත්වයට පත් වෙලාලු. කොහොම උනත් ගැමියන්ගේ ප්‍රශ්නය එතනමයි. ප්‍රභාකරන් කිව්වා වගේ අපේ මිනිස්සුන්ට සති දෙකකින් ඕව අමතක වෙනවා. අවසානය වෙන්නේ රතුපස්වල දුප්පත් අහිංසක මිනිස්සුන්ට රෝගී තත්වයකට පත් කරන තත්වයක්.අහිංසක තුන්දෙනෙක් දිවි පුදලා ලබපු කෙන්ගෙඩියක් නැතුව ජරා වතුර බොන්න විතරයි. වැටත් නියරත් ගොයම් නා නම් කාට පවසන් මේ නඩු ? (නදී)
අද මෙතැන කාඩ්බෝඩ් වීරයෝ වෙන්න දඟලන , සත්‍ය තත්වය හරිහැටි නොදැන මෙහි අදහස් දක්වන අය පිළිබඳව මට නම් ඇති වන්නේ පුදුමාකාර අනුකම්පාවක්. (නි)
අනේ ඉතින් බන්දුල මහත්තයො ඕක ඔයාගෙ ගමට ගේන්න කියලා ඉල්ලීමක් කරන්නකො. (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ, මේ ආයතනය ඔයාගේ ගමට ගෙනියන්න කියලා රජයෙන් ඉල්ලන්න. එතකොට ප්‍රශ්නය ඉවරයි. සංසාර ගමන් කොහොම උනත් මේ වැඩේ නම් රතුපස්වල සිරිධම්ම හාමුදුරුවෝ ප්‍රමුඛ රතුපස්වල ජනතාව ගොඩ දාගන්නවා (නදී)
අනේ බන්දුල ඔලුවෙන් හිටගන්න, ඔයාට ඔලුවක් තියෙනවද දන්නේ නැහැ ? (ස)
සල්ලි අයියෝ(දිල්)
සිංහල ජාතියට ඉක්මනට මුල අමතක වෙනවා. ඒත් ඉතින් හාමුදුරුවන්ටත් දිට්‍ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා. (ස)
පිපාසේ ඇතිනේ මේ කෑ ගහන කෑ ගැහිල්ලට.(නදී)
වතුර නැති උනොත් කරදර වෙනවා .වතුර වැඩි උනොත් මැරෙන්න වෙනවා .අඑටුවත් බැරුවා නැති වත් බැරුවා වතුර ගැනයි මේ කියන කතා .ලෝකය බිහිවුන දවසේ ඉදලා වතුරයි කාගේත් මිතුරා සැමදා .(නදී)
දැන් හාමුදුරුවනුත් ෂෝ පටන් අරගෙන , අනේ මෙහෙම ලංකාවක්. (ස)
චරිත හදන්නේ මාධ්‍ය නැති කරන්නයි.(නදී)
සතර අගතියෙන් පිරිණු ගිහියෝ නිසා බෞද්ධ භික්ෂූන්වහන්සේලා පිළිබඳව තියෙන ගිහි උදවියගේ ආකල්ප වේගයෙන් පිරිහී යනවා. අවසර අපේ හාමුදුරුවනේ. අනික් අතට පටු බල ලෝභී දේශපාලනය නිසා මිනිස්සු භේද භින්නවෙලා තියෙන්නේ. යළිත් වරක් මිනිස්සුන්ට පෙරදා මෙන්ම නිවැරදි නායකත්වය ලබා දෙන්න හැකි ලෙස ඔබ වහන්සේහට නිදුක් දීර්ඝායුෂ සැප බල ප්‍රඥා වර්ධනය වේවා යැයි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි !(නදී)
මිනිස්සු ශක්තිය සමඟ එක්ව හිටියත්,බොරුවක් කොට මිනිසුන් රැවටිය නොහැක. (ස)
බලන්න අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ වැඩ හිදින ආසනයට සුදු රෙද්දක් වත් දාන්න කෙනෙක් නැති උන හැටි .... කරන අපහාස,දායකයොත් හාමුදුරුවෝ එක්ක විරසක වෙලා තියෙන හැටි දැන්වත් ඔබ වහන්සේ පන්සලට වඩින්න..සිත කය වචනය කියන තුන් දොරෙන්ම ඒ අය පව් පුරව ගන්නවා. ඒ පව් වලින් ඒ අය නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ ඔබ වහන්සේටම විතරයි.(නදී)
හත්වන පින්තුරේ පැහැදිලිව බලන්න. හිතන්න පුළුවන් අයට මොලයක් තියෙන අයට මී හරක් නොවන අයට රතුපස්වල සැබෑ තත්වය අවබෝද වේවි..(නදී)
ඔහොම තමයි අපේ අයගෙ හැටි, ලැබෙනකම් විතරයි පිදිල්ල.. (ස)
එහෙනම් බන්දුල මහත්තයෝ,ඔබට ඔලුවෙන් හිටගන්න වෙලාව හරි.මම රතුපස්වල නෙමෙයි තමයි. හැබැයි නැදුන්ගමුවේ.ඔබතුමාලා දන්නේ නැති වුශ්නේ නැදුන්ගමුවේ ඇතාටත් වතුරවල ප්‍රශ්නය දැනිලා තියෙනවලු.ඔබතුමාගේ අදහස් තමයි මේ රටේ පාලක පන්තිය බලාපොරොත්තු වෙන්නෙත්. ඒ වෙනුවෙන් ඇත්ත යටපත් කරලා තියෙනකොට උඩින් පෙනෙන දේ විතරක් බලලා අමානුෂික විදියට අදහස් දැම්මත් ගමේ දුක් විදින ජනතාව විදියට අපි තරහ නැහැ. පුළුවන් නම් ඇත්ත හොයලා බලලා අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බලන්න.සමහරවිට ඊළඟ සිද්ධිය ඔබතුමාගේ ගමේ වෙලා මේ විදියටම ඇත්ත යට කරලා දැම්මොත්?? (නි)
පිරිසිදු චේතනාවකින් කරන දෙයක් කවදාවත් පරාජය වෙන්නෙ නැහැ. (නි)
කුමන්ත්‍රණය පරදි. මිනිස්සු බුද්ධිමත් බව පේනවා නේද. (ස)
මට නම් පෙනෙන්නේ මේකත් අරගොල්ලන්ගේ වැඩක් වගේ.මහජනතාවනි,අහුවෙන්න එපා (නි)
ප්‍රශ්නයේ බැරෑරුම්කම පිළිබද හරි අවබෝධයක් නොමැතිව,සියල්ල කළ හැකි බව සිතා, එයින් මුලාවී, මහා සගරුවන අමතකකොට තනියම වැඩ කරන්න ගොස් මේ හාමුදුරුවෝ අමාරුවේ වැටුනා. අදහස හොද වෙන්න පුළුවන්, නමුත් ප්‍රශ්නයක් විසදන රටාවක් තිබෙනවා. (නි)
ඇන්ටන් කියන දෙය හරියටම හරි (නි)
ඔහොම භේදබින්න වෙන එක නම් නුවණට හුරු නැහැ (නි)
රතු පස්වල ජනයෙනි හෙට ඔබලා ගාවට ඡන්දය ඉල්ලගෙන එන දේශපාලකයන්ටත් අහක බලනු .(නදී)
පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට... ඔබට එරෙහි වී නැගිටින්නේ.... (ස)
වතුර බිව්වොත් මැරෙනවා වගේ සමහරුන්ගේ කතාව..ඇහුවොත් තාම ඉන්නේ ඒ ගමෙමයි. හාමුදුරුවෝ මොනවා කිවත් කරත් ගිවිසුමේ වරදක් අපිට නම් පෙනෙන්නේ නැහැ. වසර ගානක් හිටපු මිනිසුන්ට මස 6ක් ඉවසන්න බැරි එක මෙතන තියන ගැටලුව. (නදී)
ඔය මොන අය මොනවා කරත් අන්තිමට ජයගනේ ඔය කොම්පැනිය අයිති මහත්තයා අයගේ තරම මතන අදහස් දක්වන කව්රුත් දන්නේ නැහැ !!!! ටිකක් අන්තර් ජලයට ගිහින් ඔහුගේ නම සටහන් කොට ඔහු ගැන සොයා බලන (අ)
අපේ හාමුදුරුවෝ නොහිටින්න හුළං තමයි. (නි)
ඕක කුමන්ත්‍රණයක්. ගමේ අය මේ ගැන පොඩ්ඩක් හිතන්න. වෙන් වී නැසෙමුද? එක්වී රැකෙමුද? (ස)
ඡායාරූප ශිල්පියාට මගේ ගෞවරනීය ස්තුතිය! (නි)
අනේ පව්. අර දේශපාලන පක්ෂයේ කට්ටියවත් අද නැද්ද? ඒක තමයි අපි කිව්වේ එයාලට උස්සාගෙන දඟලන්න මිනියක් නැත්නම් එයාලා නැහැ.අද රතුපස්වල ජනතාව බොන්නේ වතුරද විසද කියලා බලන්න කව්ද එන්නේ. (නි)
ඇත්තටම හාමුදුරුවනේ, මොකද මේ වුණේ? (නි)
අනික බන්දුල මහත්තයෝ, මේ ප්‍රශ්නයේදී ගමේ අපි කියන දේ විතරක් අහන්න කියලා අපි කියන්නේ නැහැ. වතුරවල ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි ඔක්කොම දන්නවා. ඔය කම්හල කිට්ටුව පී.එච්.අගය 2 ටත් වැඩ අඩුවෙද්දී, ඇතට යන්න යන්න පී.එච්. අගය 4-5 දක්වා වෙනස් වෙනවා.ඇයි බලධාරින් ස්වාධීන පරීක්ෂණයක් කරලා වාර්තාව එළියට දාන්න මෙච්චර ප්‍රමාද? ඇයි ජල සම්පාදනෙන් අපේ වතුර චෙක් කරන එක නවත්වලා තියෙන්නේ? මේවට උත්තර දෙන්න කව්රුත් නැහැ.දැන් නැවත අපට බව්සර් වල වතුර නොලැබෙන හින්දා ගමේ දරුවන්ට ආයෙත් පී.එච්. වැඩි වතුර තමයි අපි දෙන්නේ. මේ ඇත්ත දකින්න කවුරුත් නැති එක ගැන අපට දුකයි.බන්දුල මහතාටවත්,මේ සිද්ධිය නොදැන ප්‍රතිචාර දාන කාටවත් මෙවන් දුකක් නම් නොවේවා! (නි)
රතුපස්වල ඉන්නේ පුදුමාකාර කට්ටියක්. කර්මාන්ත ශාලාවෙන් වතුර වලට බලපෑමක් නැහැ කියලා පරීක්ෂණ වලින් තහවුරු වෙලා ඉවරයි (නි)
හාමුදුරුවනේ ගිවිසුම් අත්සන් කරන්ඩ යන්න එපා. දානේවත් නොලැබෙන්න ඉඩ තියෙනවා. (ස)
අවසරයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ තේ පැන් වළදන්නේ රතුපස්වල වතුර වලින් නෙමෙයිද? (නි)
අපි කිව්වා ඔය දේ වෙන බව. අහෝ ශාසනේට ගිය කල.. (ස)
නුවන් කියන දේ හරියටම හරි..එදා මේ හාමුදුරුවෝ කර උඩින් අරන් ගිය මේ අයම තමා අද හාමුරුවන්ට ගහන්නේ.. (ස)