‘අද නිල් පාට, කොළ පාට, හේදිලා ගියපු රතු පාට එහෙම නැත්නම් රෝස පාට හීන අපේ ඉස්සරහ අතුරලා තියෙනවා. උදේ නැගිට්ට වෙලේ ඉඳලා අද මේ රටේ ජනාතාවට ඒ හීන බලන්න පුළුවන්. මේ අතුරලා තියෙන හීන උඩ තමයි ජනතාව මේ දවස්වල ඉන්නේ. පුදුම ජොලියක් තියෙන්නේ. අවුරුදු 67 කින් කරන්න බැරි වෙච්ච දේවල්, රනිල් මහත්තයා කියනවා මාස 60න් කරනවාලූ, මහින්ද මහත්තයත් කියනවා, අනුර මහත්තයත් කියනවා. ‘ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සමන්සිරි ප්‍රනාන්දු මහතා මහනුවර දී පැවසීය.
‘ඔය ඔක්කොම අස්සේ අපි කියනවා. එදා පවුල් - මෙදා හවුල්, රටම අවුල්, සැබෑ වෙනසක් - වමේ බලයක්, කියලා. මේක අමුතු කතාවක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි කිව්වා මූණු මාරුව වැඩක් නෑ, ක්‍රමයේ මාරුවක් වෙන්න ඕනෑ කියා. ඇයි එහෙම කිව්වේ. අපි කියන්නේ මහින්ද මහත්තයාගේ කාලේ තිබ්බ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ලේසි එකක් නොවෙයි. ඒක 1977 ඉඳලා, ජේ ආර් ජයවර්ධන මහත්තයාගේ ඉඳලා එන කතාවක්. ඕනෑනම් ඒක ඊටත් එහාට ගන්න පුළුවන්. අපි කිව්වා. ජේ ආර් මේ මැච් එකේ පළවෙනි ඉනිම ගැහුවා, එම් ආර් මේ මැච් එකේ දෙවනි ඉනිමයි සෙල්ලම් කරන්නේ කියලා. මේක නව ලිබරල් ධනවාදය කියන ආර්ථික ප්‍රතිපත්තිය එක්ක බැඳිල තියෙන ප්‍රශ්නයක් කියා අපි කිව්වා. ඒ නිසා වෙනසක් වෙන්නේ නෑ කිව්වා, කව්රු ආවත් වෙනසක් වෙන්නේ නෑ කියලා අපි කිව්වා. ඒ වගේම දැන් ඒ අපි කියපු දේ වෙලා තියෙනවා.
අපි අහන් නෑ දැන් සනීපද කියලා, හැබැයි අපි එදා වගේම දැනුත් කියනවා රැවටුණා ඇති. දැන්වත් අපි හැමෝම වමට හැරෙමු නේද කියලා. හිසේ අමාරුවට කොට්ට මාරු කරා ඇති. දීර්ඝකාලීන සැබෑ වෙදකමක් දැන් කරගන්න ඕනෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හැදෙන රටක් නෙවේ. (නදී)
රටේ ප්‍රදාන පක්ෂ තුනට බැරිවෙච්ච දේවල් දැන් හදිස්සියේම කුරුටුගාමියෝ කරලා පෙන්නනවලු (නදී)
කකුලෙන් අදින ඔය පොඩි පක්ෂ තියන තාක් රට අවුල් ! (ම)
අනේ රාජ්‍ය සේවකයනි ඔයාල ඇයි ඔය තරමට බොළඳ. සල්ලි වලට රට පාවල දෙන්නේ ඇයි? ඔයාලව තුරුම්පුවට දමා ගෙන මහින්දයි වාසි ගන්නේ. (නදී)
සමාජ විරෝධී ක්‍රියාවලින් තොරව ප්‍රයෝගික වාමාන්සික දේශපාලනයක නිරත උණු එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වාමාන්සික සන්ධානයයි. දුගී රටක් වසයෙන් තිබු අප රට අාදායම් ලබන තත්වයට පත් කලේ ඔවුන්ය. (නදී)
මෙලෙස චෝදනා කරලා ඔබලා කරන්නේ කෙසේ හෝ ඡන්දයක් 2ක් හිඟා කාලා අන්තිමට ධන වාදයටම උදව් කරන එක බව මම දන්නවා (නදී)
කතාව ඇත්ත, වමට හෙරුනොත් රටේ ජනතාව ගොඩ. එ්ත් මල්ලිලා වමත් කඩනවනේ අඩුම ගානෙ වමේ උන් වත් එකට ඉන්න ඕන නේද ? (නදී)
මහළු මඩම් වලට අයත් නැති තවත් ළමා නිවාස පක්ෂයක්ද ? (නදී)