IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘එදා පවුල් - මෙදා හවුල් - රටම අවුල්‘

‘අද නිල් පාට, කොළ පාට, හේදිලා ගියපු රතු පාට එහෙම නැත්නම් රෝස පාට හීන අපේ ඉස්සරහ අතුරලා තියෙනවා. උදේ නැගිට්ට වෙලේ ඉඳලා අද මේ රටේ ජනාතාවට ඒ හීන බලන්න පුළුවන්. මේ අතුරලා තියෙන හීන උඩ තමයි ජනතාව මේ දවස්වල ඉන්නේ. පුදුම ජොලියක් තියෙන්නේ. අවුරුදු 67 කින් කරන්න බැරි වෙච්ච දේවල්, රනිල් මහත්තයා කියනවා මාස 60න් කරනවාලූ, මහින්ද මහත්තයත් කියනවා, අනුර මහත්තයත් කියනවා. ‘ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සමන්සිරි ප්‍රනාන්දු මහතා මහනුවර දී පැවසීය.

  ‘ඔය ඔක්කොම අස්සේ අපි කියනවා. එදා පවුල් - මෙදා හවුල්, රටම අවුල්, සැබෑ වෙනසක් - වමේ බලයක්, කියලා. මේක අමුතු කතාවක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි කිව්වා මූණු මාරුව වැඩක් නෑ, ක්‍රමයේ මාරුවක් වෙන්න  ඕනෑ කියා. ඇයි එහෙම කිව්වේ. අපි කියන්නේ මහින්ද මහත්තයාගේ කාලේ තිබ්බ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ලේසි එකක් නොවෙයි. ඒක 1977 ඉඳලා, ජේ ආර් ජයවර්ධන මහත්තයාගේ  ඉඳලා එන කතාවක්.  ඕනෑනම් ඒක ඊටත් එහාට ගන්න පුළුවන්. අපි කිව්වා. ජේ ආර් මේ මැච් එකේ පළවෙනි ඉනිම ගැහුවා, එම් ආර් මේ මැච් එකේ දෙවනි ඉනිමයි සෙල්ලම් කරන්නේ කියලා. මේක නව ලිබරල් ධනවාදය කියන ආර්ථික ප්‍රතිපත්තිය එක්ක බැඳිල තියෙන ප්‍රශ්නයක් කියා අපි කිව්වා. ඒ නිසා වෙනසක් වෙන්නේ නෑ කිව්වා, කව්රු ආවත් වෙනසක් වෙන්නේ නෑ කියලා අපි කිව්වා. ඒ වගේම දැන් ඒ අපි කියපු දේ වෙලා තියෙනවා.

අපි අහන් නෑ දැන් සනීපද කියලා, හැබැයි අපි එදා වගේම දැනුත් කියනවා රැවටුණා ඇති. දැන්වත් අපි හැමෝම වමට හැරෙමු නේද කියලා. හිසේ අමාරුවට කොට්ට මාරු කරා ඇති. දීර්ඝකාලීන සැබෑ වෙදකමක් දැන් කරගන්න  ඕනෑ.‘  

 



අදහස් (0)

‘එදා පවුල් - මෙදා හවුල් - රටම අවුල්‘

රංජිත් Sunday, 02 August 2015 05:59 AM

ලංකාව හැදෙන රටක් නෙවේ. (නදී)

:       0       0

සමන්ත සුගතවංස Sunday, 02 August 2015 06:04 AM

රටේ ප්‍රදාන පක්ෂ තුනට බැරිවෙච්ච දේවල් දැන් හදිස්සියේම කුරුටුගාමියෝ කරලා පෙන්නනවලු (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Sunday, 02 August 2015 06:40 AM

කකුලෙන් අදින ඔය පොඩි පක්ෂ තියන තාක් රට අවුල් ! (ම)

:       0       0

මහින්ද Sunday, 02 August 2015 08:36 AM

අනේ රාජ්‍ය සේවකයනි ඔයාල ඇයි ඔය තරමට බොළඳ. සල්ලි වලට රට පාවල දෙන්නේ ඇයි? ඔයාලව තුරුම්පුවට දමා ගෙන මහින්දයි වාසි ගන්නේ. (නදී)

:       0       0

ශේරනික ක්‍රිශානි Sunday, 02 August 2015 08:45 AM

සමාජ විරෝධී ක්‍රියාවලින් තොරව ප්‍රයෝගික වාමාන්සික දේශපාලනයක නිරත උණු එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වාමාන්සික සන්ධානයයි. දුගී රටක් වසයෙන් තිබු අප රට අාදායම් ලබන තත්වයට පත් කලේ ඔවුන්ය. (නදී)

:       0       0

හසිත Sunday, 02 August 2015 08:56 AM

මෙලෙස චෝදනා කරලා ඔබලා කරන්නේ කෙසේ හෝ ඡන්දයක් 2ක් හිඟා කාලා අන්තිමට ධන වාදයටම උදව් කරන එක බව මම දන්නවා (නදී)

:       0       0

ටී.එම් කස්තුරිආරච්චි Sunday, 02 August 2015 09:02 AM

කතාව ඇත්ත, වමට හෙරුනොත් රටේ ජනතාව ගොඩ. එ්ත් මල්ලිලා වමත් කඩනවනේ අඩුම ගානෙ වමේ උන් වත් එකට ඉන්න ඕන නේද ? (නදී)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 09:26 AM

මහළු මඩම් වලට අයත් නැති තවත් ළමා නිවාස පක්ෂයක්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site