‘1948 නිදහස ලබාගත් දින සිට අද 68 වැනි නිදහස ගත්විට සමාජීය ආර්ථික දේශපාලන වශයෙන් බොහෝ වෙනස්කම්වලට ලක්ව තිබෙනවා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
‘40 දශකයේ 50 දශකයේ ඉපදුණු සංස්කෘතික දරුවාත් මේ 2016 උපදින තාක්ෂණික දරුවාත් එක්කරමින් ජාතිය, රට ගොඩනැගීමේ කාර්යය පුළුල් ප්‍රබුද්ධවූ මනසකින් සෑම කෙනෙක්ම සාමූහික ප්‍රයත්නයකින් කළ යුතු බව මම විශ්වාස කරනවා.
අවුරුදු හාරසිය ගණනක් අපේ රට පාලනය කළ විදේශිකයන් අපට ඇතිකළ ප්‍රශ්නත් අපට බාරදී තමයි ඔවුන් ගියේ. 30, 40 දශකයේ නිදහස ලබාගැනීමට ආගම්, ජාති, කුල බේදයෙන් තොරව එදා වීරවරයන් කළ සටන අද වන විට වසර 68 ක් ගෙවී ගොස් තිබෙන මොහොතක ඔවුන් බාර දුන් ප්‍රශ්න අප විසඳුවාද යන්න අප විමසිය යුතු වෙනවා.
ජාතීන් අතර එකමුතුව, සංහිඳියාව, සහෝදරත්වය, මිත්‍රශීලිත්වය ඇති කිරීමට කළ යුතු කාර්යයන් අප කළානම් 26 වසරක් ගෙවුණු මිලේච්ඡ ත්‍රස්තවාදය සිදු නොවනු ඇතැයි අප විශ්වාස කරනවා. අද අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන රටවල ලොව ඉහළම පාලකයින් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි අධි තාක්ෂණ යුගයේ අන්තර්ජාලයත් සමග සිටින නව පරපුර සමග පොදු ජනතාව සිය ආකල්පයන් සිය අධිෂ්ඨානයන් හා පරමාර්ථ සඳහා සැමවිටම ජනතාව ඉදිරියෙන් සිටිනවා. එය මම පෙර කී සංස්කෘතික දරුවා හා දැන් උපදින තාක්ෂණික දරුවා අතරේ තිබෙන ප්‍රධානම වෙනස්කම් ලෙස අප තේරුම් ගත යුතුයි.
නිදහස කියන වචනය පුළුල් අර්ථකථන රාශියක් දෙනු ලබනවා. අධි තාක්ෂණයත් සමග සංස්කෘතික හරපද්ධතීන් සමග නව සංකල්ප සමග මේ නිදහස කියන පුළුල් සංකීර්ණ වචනය පාලකයින් ඇතුළු සියලු දෙනාගේ බරපතල අභියෝගයක් ලෙස අපි දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වූ යුගයක ජීවත්වන අප පැහැදිලිව තේරුමගත යුතු දෙයක් තිබෙනවා. අද තිබෙන්නේ රජවරුන් රජකම් කරන යුගයක් නෙමෙයි. මේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ කාර්යය රජයක් ආරක්ෂා කරනවා මෙන්ම ත්‍රිවිධ හමුදාවත් ඒ වෙනුවෙන් කැපවී සිටිනවා. අවුරුදු ගණනක් පැවැති මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කර නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ ඒ රණවිරුවන් සෑම කෙනකුටම මුළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතුයි.
අද දවසේ මුහුණ දෙන ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන මම කියා තිබෙනවා. පශ්චාත් ගැටුම්කාරී යුගය නැත්නම් යුද්ධය අවසන්වූ පසු කාලය සීමාවේ මුල් අවස්ථාව අපි සිහිපත් කළොත් 2009 මැයි මාසයේ 19, 20 වැනි දිනයන් ඒ වගේම පශ්චාත් ගැටුම් කාරී යුගයක තිබූ කාර්යයන් අප විසින් නොකිරීමේ ප්‍රතිඵලයන් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් අපට යෝජනා ඉදිරිපත් වුණා. ඒ කාර්යයන් අප විසින් ඉටු කර තිබුණානම් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් ඉදිරිපත්වූ යෝජනා එලෙස ඉදිරිපත් නොවනු ඇතැයි මා විශ්වාස කරනවා.
ජාතීන්ගේ සමගිය සංහිඳියාව සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාගේ එක්සත් භාවය සඳහා ඒ නොකළ කාර්යයන් කිරීමට 2015 ජනවාරි 8 වැනිදා මා වෙත හා අපේ ආණ්ඩුවට බලයක් ලබාදුන්නා. ජනපතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ තිබූ කරුණු ක්‍රියාත්මක කිරීමට හා අපට යටත් විජිත යුගයේ පාලකයන් බාරදී ගිය ප්‍රශ්න විසඳීමට අප සැලකිල්ල යොමු කළ යුතු බව මම අවධාරණය කරනවා.
අපට පසුව නිදහස ලබාගත් ලෝකයේ බොහෝ රටවල් ජාතික ආගමික සංහිඳියා ඇති කරමින් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ කළ නිසා ඔවුන් අද දියුණූ ජාතින් ලෙස ඉදිරියට ගොස් තිබෙනවා. අප විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනා පිළිබඳ බොහෝ අය වැරදි අර්ථකථන දෙනවා. ඒ වෙනුවෙන් අප කටයුතු කරන්නේ අපේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැක ගැනීමට, ලෝකයේ සියලු රාජ්‍යයන් අප රට පිළිගැනීම සඳහා සංයමයෙන් හික්මීමෙන් අපි ක්‍රියා කරනවා. දේශපාලන ප්‍රතිවාදීන් බලය පිළිබඳ ක්ෂණික බලාපොරොත්තු ඇති අය ජනතාව තුළ බොහෝ වැරදි ආකල්ප ඇති කරනවා. විශේෂයෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ හිත් නොසන්සුන් කරන ආකාරයෙන් නොයෙක් අන්තවාදී අදහස් ඇති අය ක්‍රියාත්මක කරන බව පේනවා. ඔබේ ප්‍රධාන නායකයා සේනාධිනායකයා ලෙස මා රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් රටේ ත්‍රිවිද හමුදාවේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ සියල්ල විසඳීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දෙනවා.
පසුගිය කාලයේ ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ මේ රටේ ජනතාව මේ යුගය තුළ ලබාගත් විශේෂ ජයග්‍රහණ බව මම කියනවා. ස්වාධීන කොමිසන් සභා, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙවැනි විශාල ජයග්‍රහණ අප ලබාදී තිබෙනවා. ගෙවී ගිය වසරක කාලය තුළ දූෂණය, නාස්තිය, වංචාව අවම කිරීමට අප රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග සාර්ථකවී තිබෙනවා. රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් නිදහස් කරගැනීම සඳහා ස්වාධීන කොමිසන් සභා ක්‍රියාකරන බව මා පැහැදිලිව කියන්න ඕන. නිදහස් මාධ්‍යයට පුළුල් නිදහසක් අපි ලබාදුන්නා. එහි උච්ඡතම අවස්ථාවට අපි එළැඹ සිටිනවා. එය ලබාදුන්නේ උගත් බුද්ධිමත් හික්මීමක් සහිත මාධ්‍ය වේදීන්ට බව අප කියන්න ඕන. එය ආරක්ෂා කරගැනීමේ වගකීම සියලු මාධ්‍ය ආයතන, සියලු මාධ්‍ය වේදීන් අත තිබෙන බව අපි කියන්න ඕන. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට ජාත්‍යන්තරය තුළ ඉදිරියට යාමට විදේශීය වෙළඳපොළ සඳහා දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අපි කරනවා. අපේ සාගර සම්පත් රටේ ආර්ථිකය වෙනුවෙන් කොතෙක් දුරට ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි ගැටළුවක් තිබෙනවා. අපට තිබෙන මේ මහා සම්පත තුළින් ආර්ථිකය දියුණු කරන්නට පුළුල් හැකියාවක් තිබෙනවා. අද වැනි භාග්‍යවන්ත දවසක 1948 ඒ නිදහස ලබාගැනීමට කටයුතු කළ ඒ ශ්‍රේෂ්ඨ නායකයින් සිහිපත් කරමින් මිලේච්ඡ යුද්ධය අවසන් කළ නායකයින් ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ගෞරවය පුදකරමින් බලය ලබාගැනීමේ ක්ෂණික අමනෝඥ කාර්යයන්ගෙන් මිදී ඉදිරි රටේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය පාලනය සඳහා රටේ ජනතාවට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදෙනවා. බුද්ධිමත්ව හා ඉවසීමෙන් ඒ කාර්යයට කැපවන ලෙස දේශපාලන ප්‍රතිවාදීන්ට මා සඳහන් කරන්න කැමතියි.
‘මේ ලෝකයේ ප්‍රබුද්ධ විශිෂ්ට රාජ්‍යය අනාගතය සඳහා සූදානම් කරමින් විශේෂයෙන්ම ඉදිරි දශක දෙකක කාලයේ ලෝකයේ ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට ජාත්‍යන්තරයට ගෙන යාමට අප කටයුතු කරමු. නිදහස් උත්සවය සංවිධානය කළ සියලු දෙනාට සංවිධානවලට මගේ ගෞරවය පුද කරමින් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමට බුද්ධිමත්ව එකමුතුව අප කටයුතු කරමු කියන ආයාචනය මම කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලැජ්ජයි උත්සවේ අන්තිම වෙනකොට...(බ)
ස්මිත්,පැරණි රජවරුන්ට අපහාස කරන්න එපා. (බ)
මුන් ළඟදීම කොඩියටත් කොටියව දමනවා. (බ)
නැතුව නැතුව... (ම)
අද යුද්ධය නැති නිසා නිදහසේ පාරේ බැහැලා යනවා (ම)
සංහිඳියාව , එකමුතුකම , එක කොඩියක් යටිතල පහසුකම් ඔය එක තමයි අවුරුද්දකට සැරයක් හැම මහා එකාම පාවිච්චි කරන්නේ (ම)
පාරක යන්න බෑ උද්ඝෝෂණ,ගෙදරක උත්සවයක් ගන්න බෑ පොලිසියෙන් ගහනවා, බඩු මිල අහස උසට,මේ කද නියම නිදහස.වෙනස මාරයි.(ම)
ඔබ හරියටම හරි මහත්තයෝ, අපිටත් තේරුම් ගිහින් තියෙන්නේ, අපරාදේ වෙනසක් බලාපොරොත්තුවෙන් දීපු ජන්දේ (ම)
ජනාධිපතිතුමනි ඔබගේ කතාවේ පරස්පර දේවල් ගොඩක් පෙන්නන්න පුළුවන් නමුත් කණගාටුවට කරුණක් ඕවා පෙන්නුවත් පෙන්නේ නැති කාලයක් මේක... ඔබ කියන සමහර දේවල් සම්පුර්ණ ඇත්ත... වගකියන නායකයෙක් හැටියට ඔබ මීට වැඩ වෙනස් විය යුතුයි මගේ අදහස (ම)
අපේ සිරි පැරකුම් රජතුමාට ජයවේවා! (බ)
අපේ රටේ ජනාධිපති, අගමැති දෙපොළගේ නිදහස් දින පණිවුඩ ඇසීමට හැකිවීය. එම දෙදෙනාගේම පණිවුඩ වල දැනුනු එකම වෙනස, දෙදෙනාටම නිදහස ලැබී ඇත්තේ පසුගිය ජනවාරි 8 වැනිදා යන බවයි. (බ)
ඒ වුනාට වවුනියාවේ අය කළුකොඩි දැම්මා කියලා තියෙන්නේ. (බ)
එක හරි.. එක නම් හොදටම පේනවා..දෙමළෙනුත් ජාතික ගිය ගයනවනේ..(ම)
ඔව් ඇත්තටම වෙනස් අද සංඝයා වහන්සේලා රණවිරුවො කූඩුකරලා මිනීමරුවො කොටි නිදැල්ලේ (බ)
එ්ක ඇත්ත එදා නිදහසට නිදහස කිව්වා අද පාවාදීමට නිදහස කියනවා (බ)
බොහොම හොඳයි වෙනසක් කළා 68 වැනි ජාතික දිනය දෙමළ බාසාවෙන් ගයන කල් අනේ බොලේ මොලේ කොහෙද තියෙන්නේ (බ)
නිදහස අරන් දුන් නායකයා මහින්ද රාජපක්ෂ (බ)
ඒක ඇත්ත,අද නම් අපිට නිදහසක් දැනෙන්නේ නෑ තමයි,රූකඩ පාලකයෙක්ගේ අරාජික කාලයක් තමයි තියෙන්නේ.(හේ)
මෙව්වා අපි බලාපොරොත්තු වෙච්ච වෙනස්කම් නම් නෙවෙයි මහත්තයෝ. මොකක්ද අර රෑ තිබ්බ ප්‍රසංගයේ තේරුම? නිදහස සැමරීමයි අරකයි මේකයි ඔක්කොම අච්චාරු කරගෙන. බොදුබැති ගී රැප් කරගෙන මනමේ නාඩගම් ගී විගඩම් කරගෙන නටපු නෙයියාඩගම මොකක්ද අප්පා? ඔක්කොටම දෙයියන්ගේ හාල් කැවිලද? (බ)
ඒක නම් ඇත්ත.(හේ)
වනක්කම්. ශ්‍රී ලංකා වාහී. (බ)
අයියෝ, මිනුවන්ගොඩ නිදහස් සැමරුම දැක්කහම ලැජ්ජයි නේද? (බ)
මොනවද මෙතුමා මේ කියන්නෙ? 2009 වසරින් පසු එවකට පැවතුන ආණ්ඩුව, යුද්ධයෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මොනවද නොකළේ. රට බෙදන කාරනය හැරුනහම අනෙක් හැම දෙයක්ම කළා අසරන දෙමළ ජනතාව වෙනුවෙන්. (බ)
දසුන්, ගම්මන්පිල වවුනියාවට වත් ගිහිල්ලද? (බ)
දසුන් , ජනාධිපති කියන්නේ එම නිදහස ගැන තමයි (බ)
මහින්ද නැත්තම් කාටත් මේ නිදහස නෑ.(හේ)