පසුගිය කාලයේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කඩාවැටීම් හා ප්‍රශ්න සම්බන්ධයෙන් තමා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට දොස් නොකියන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) ප්‍රකාශ කළේය.
තමා සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කරන අවස්ථාවේදී ද අමාත්‍යවරයෙකු ලෙස තමාට නිදහසේ වැඩකිරීමට සුදුසු පරිසරයක් නොතිබූ බව දන්නා හෙයින් එසේ දොන් නොකියන බව පැවසීය.
තමාට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නිදහසේ කටයුතු කිරිමට අවස්ථාව තිබුණේ නම් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දැනට තිබෙන තත්වයට වඩා වැඩි කාර්යයක් කිරීමට හැකිවන බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් රිදී පදක්කමක් ජයග්‍රහණය කර වසර 15 ක් ගතවීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ දී අද (7) පස්වරුවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
මෙහිදී සුසන්තිකා ජයසිංහ මහත්මිය ‘මගේ කතාව˜ මැයෙන් රචනා කළ ස්වයං චරිතපදානය එළිදැක්වීම, ඇගේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම, සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා අරමුදල පිහිටුවීම සහ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා ඇකඩමිය පිහිටුවීම ද අද සිදු විය.
අතුරලියේ රතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලූත්ගමගේ සහ ගාමි‚ ලොකුගේ, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ආරියශීල වික්‍රමනායක, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන සුගත් තිලකරත්න, ශ්‍රියානි කුලවංශ, දමයන්ති දර්ශා, පුෂ්පමාලි රාමනායක, රංගන ශිල්පීහු වන පාලිත සිල්වා, සනත් ගුණතිලක, ගයේෂා පෙරේරා යන මහත්ම මහත්මීහු එක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේනගේ හැටි බලපල්ලකො..(බ)
නිවට ද්‍රෝහී අය (බ)
ඕක තමයි දේශපාලනේ. සතුරු මිතුරු - මිතුරු සතුරු අපි ගහගමු තේරෙන තුරු. (ර)
අන්තිමට රටට වැඩක් කල මහින්ද සහ ගෝටා තමයි හැම දේටම වැරදි, අනිත් හැමෝම හොඳ වෙලා. (ර)
අනේ මන්දා දේශපාලනය ඔහොම තමා හරිදේ කරනවානම් අවුලක් නෑ (බ)
ජනාධිපති තනතුරේ ගෞරවය රැකෙන විදිහට සිත කය වචනය පාවිච්චි කරන්න. අනුන්ට බැන බැන තමන්ගේ වැඩ නොපෙන්නා ඉන්න එපා. (බ)
ඔබට සුභ අනාගතයක් වේවා! ඔබ අපේ රටට මහත් කීර්තිමත් නමක්. ඔබට ජය වේවා (ම)
චන්ද්‍රිකාත් කළේ ඔය වගේම තමයි දාහත් වසරක සාපය කියා බැනපු එක විතරයි රටට කරපු දෙයක් නෑ ඉතිහාසය මතක මිනිසුන් දන්නවා (බ)
එකනේ මෙදා සැරේ බලේ දුන්නේ, දැන් කරලා පෙන්නන්න . (ර)
තාමනමි අපි හරි යමන් වැඩක් මෙයාලගෙන් දැක්කෙත් නෑ. (ර)
ඉන්දියාවේ මේහෙම වුනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ තමයි කියන්න තියෙන්නේ (ම)
තාමත් සංදර්ශන විතරද? රටකට ? (ම)
අවලාද විතරයි ! (බ)
හොඳ කතාවක් (නි)
අද මෛත්‍රී එක්ක හිනාවෙන සුසන්තිකා, දයාසිරි , මහින්දානන්ද එදා මෛත්‍රීට අපහාස කල හැටි මතක් වෙනකොට අපටත් හිනා තමයි (අ)
මහින්දා නන්ද මහතාගේ මුහුනී සිරියාව, අනේ මන්දා. හොඳයි., හොඳයි. (අ)
දහසකුත් ගැටළු හිතේ දරාගෙන හිනාවෙන්න හැකි නම් එය දේශපාලනයට හොඳ සුදුසුකමක්. (ම)
ඒක නම් ඇත්ත.(හේ)
පහළින්ම ඇති පින්තුරයෙන් " දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා " සිහිගන්වයි. සිනාසෙන්න අවසරයි නම් දැන් වැඩ කරලා පෙන්වන්න. පවුල් පාලනයක උදහස දැන් නැත. (ම)
අම්මෝ ළමයි නම් වඩා ගන්න යන්න එපා.... (ම)
එදා ඇමතින්ට වැඩ කරන්න දුන්නේ නෑ - කරුණාකරලා මොකක් හරි වැඩක් කරනවද , කතාව තියල. ... අනික වැඩ බැරි අයට කොහොමත් වැඩ බැහැ. (අ)
මෙයා දැන් ඉන්නෙම හොරු එක්ක ඡන්දෙ දීපු අය ළඟට ගන්නෙත් නෑ වගේ ඔහොම යන්....(බ)
ආහ් අලුත්ගමගේ දැන් ශේප් වෙලා වගෙයි ජනාධිපති එක්ක, බැනපුව මතක නැති වෙන්න මුකුත් ගත්තද? කුට්ටියකුත් දුන්නද, දෙන ඔක්කොම නඩු වලින් නිදහස් වෙයි නේ (බ)
විවේචන විතරයි වැඩ නැත. වැඩ කරලා පෙන්වන්න (ම)