ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව මේ මස 30 වැනි දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි ජීනිවා තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාද සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව ඉකුත් වසරේ මාර්තු මාසයේදී එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට සහාය දැක්වීමට පසුගිය මාසයේදී ඇමෙරිකාව යළි ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටීයි.
මීට පෙර මානව හිමිකම් මහ කොමසාරිස්වරයා යෝජනා කර සිටියේ ලංකාව සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටු වාර්තාව නිල වශයෙන් ලබන මස ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් වීමෙන් එහි සාමාජික රටවල්වල අනුමැතියෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවීමටය.
ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටියේ සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන දේශීය පරීක්ෂණයක් පවත්වන බවය.
නව රජය පත්වීමෙන් පසුව නිල සංචාරයක් සඳහා පැමිණී ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ බලධාරීන් සමඟ පැවත්වූ සාකච්ඡා වලින් පසුව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ලබන සඳුදා (14) රැස්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනපති මහින්ද සෝමාවතිය පුදබිමෙන් අක්කර 5000ක් දුන්න ඇමරිකාවට කෙසෙල් වගා කරන්න. ඒ වගේම පසුගිය රජය ඇමරිකානු හොද හිත දිනාගනු පිණිස රුපියල් කොටි ගනම් ඇමරිකානු මන්ත්‍රිලට වක්‍රව සල්ලිදුන්න මෙවැනි ආකාරයෙන් ජනතා මුදල් අවභාවිතා කර මහින්ද ඇමරිකාවට එපා උනේ ඇයි? (බ)
මහානාම - කඳාන මහින්දට කඩේ යන්නේ රෙදි නැතිව ලැජ්ජයි මෙවැනි බාලයන් රටේ සිටීම ගැන.2015 වෙලත් අවබෝධය බින්දුවයි. (බ)
සිල්වා මහතා හරි. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යහපතක් වෙනවා නම් අපි සතුටු වෙන්න ඕනෑ ශ්‍රී ලාංකිකයන් හැටියට. (නි)
නුවන් , එතකොට ගම්වලට පැනල අහිංසක මිනිස්සුන්ව පෙති ගහපුවා ?අපේ රටේ පොදු දේපල පුපුරවල ඇරපුව? පරීක්ෂණ කරනවානම් එය කල යුතුයි සිංහල දෙමල බේදයකින් තොරව . එකයි අපිට මෙච්චර දුක . (අ)
මහානාම-කඳාන මහත්මයට ගොඩක් ස්තුති කරනවා දැනට රටේ පවතින නියම දේශපාලන වාතාවරණය නොදන්නා අයට විස්තර ඇතිව පැහැදිලි කරදීම වෙනුවෙන්. (අ)
රුපවති කියන දෙයි වැරදි කියන්නකෝ ඉන්දික මහතා නෙනි , ඉෆ්රාන් , සම්බදන් හා හකීම් මහත්වරු කියන දේවල් ඔක්කොම දුන්නට කමක් නැහැ කියල රුපවති කිව්වා නම් , රුපවති ගේ අදහස් හරි කියවාවි . කියන්නකෝ රුපවති කියූ දෙයි වරද මොකක්ද කියලා මගේ නමින්ම ලියන්න වැදගත් ලෙස , මා පිළිතුරු ලියන්නම් මෙහි බැරිනම් (අ)
මහින්ද බැලුවේ ජාතිවාදය අවුස්සල බලය තරකගන්න බැන්කි මුන්ට එල්.එල්.ආර්.සී හා කියල රට තුල සිංහලෙන් බොරු කියනවා පටු දේශපාලන වාසි ගන්න ඔය වැඩේ ජාත්‍යන්තරයට හරියන්නේ නැහැ ඒ හින්ද මහින්ද ඉල්ලගෙන පරිප්පු කෑවා ගරු රනිල් දන්නවා ජාත්‍යන්තරයත් එක්ක මොලෙන් වැඩ කරන්න ඒ හින්ද තමයි අද රටට සුබ වාදී ලකුණු පහල වෙලා තියෙන්නේ. (අ)
මහානාම - කඳාන කියන්නේ අමු ළිං ගෙම්බෙක් දාල තිබෙන මෝඩ අදහස් වලින් පේනවා මිනිහට මහින්දව ආරුඩ වෙලා තියෙන්නේ ගොඩක් ජරාව කාල තිබෙනවා. (අ)
සිල්වා මහතාණෙනි, රටේ ජීවත් වන මිනිසුන් වශයෙන් අපේත්, අපේ දරුවන්ගේත් ඉදිරියේ තියෙන අවධානම තේරුම් ගන්න.වදුරට දැලිපිහිය අහු උනාවගේ තමන්ගේ කුහක කම මෙවැනි බුද්ධිමත් සංවාදයකදී එලිනොකරන්නට වගබලා ගන්න !!(අ)
"ඒකාධිපති සහ ඒකාධිපති පවුල" නමැති විශාල ගස මුල් වලින්ම කපල බිමට "පත බාලයි" තියෙන්නේ.නැවත ලියලන්න ඉඩ දෙන්න එපා.(අ)
මේක මෙහෙම වෙන්න ඕනෑ.... (නි)
සිල්වා, ඔබ හරියටම හරි (නි)
මහානාම කඳාන,අපි දුක් නොවෙමු. ඇත්ත කී විට කණට ගසන මිනිසුන් සමඟත් අපි ජීවත්වෙනවා යන හැඟීම හැමවෙලේම සිහියේ තබාගමු. දුකයි අපේ රටට වෙන දේ ගැන සිතුවාම.ඔබේ ලිපිය අකුරක් නෑර දෙවරක් කියෙව්වෙමි. ඔබට තුති! (නි)
මහානාම තිත්ත උනත් ඇත්ත නමුත් නොදන්නවා වගේ ඉන්නවා (නදී)
අලුත් රජයට සුබ පැතුම්! (නි)
අපිට හරිම සන්තෝෂයි මේ ආරංචියට (නි)
මම හිතන්නේ ඇමෙරිකාවට හෝ වෙනත් කිසිදු රටකට දමිළ ජනතාවට වූ අසාධාරණය ගැන සෙවීමේ කිසිදු උවමනවක් තිබුණේ නැහැ.ඔවුන් මෙය හුදෙක් ඔවුන්ගේ දේශපාලන වාසි සඳහා භාවිතා කළා. අතීතයේ සිට ශ්‍රිනිලපය සමාජවාදී රටවල් සමඟත්, යුඑන්පිය ධනවාදී රටවල් සමඟත් සබඳතා පැවැත්වුවා. නමුත් ජාත්‍යන්තරව මේ රටවල් අතර සීතල යුද්ධ පවතිනවා. උදා: ඇමෙරිකාව සහ ඉන්දියාව, චිනය සමඟ විවිධ සහ බරපතල මතගැටුම් තිබෙනවා. ඒ නිසයි ඔවුන් පෙර පැවති රජය සමඟ විරුද්ධව කටයුතු කළේ. සරලව කිවුවොත් ඔවුන් බලකළේ සිදු වූ යුධ අපරාධ ගැන සෙවීමටයි. දැන් හදිසියේ එම අපරාධ නැතිවන්නේ කෙසේද? (නි)
ඔන්න රනිල්ගේ මොලේ (බ)
ලෝකේ ඉන්න ඉහලම බලවතුන්ට කොන්ද නොනමා මහින්ද මහත්තය අපේ රට යුද්දෙන් බේරා ගත්ත එක ..ලෝකේ ඉන්න බලවතුන්ට දිරෙව්වෙ නැහැ. මහින්දට තොන්ඩුව දමන දැගලුවේ රටෙන් පලිගන්න ..දැන් එයාලට යුද අපරාධ පරීක්ෂණ වලට කොටි ගණන් වැය කරන්න ඕනේ නැහැ බලවත් රට වලට ඕනේ ටික දැන් ලංකාව තුල සිදුවෙමින් පවතිනවා . ඒ වාට "යේස්" කිටව ගෙන අත්සන් ටික ගන්න දැන් ඕවා ලිහිල් කරන්නේ? මේ ..තුරුම්පු බව කිසිවෙකු නොදැන නම් ඒ මන්ද බුද්ධිකයින් තමයි ...කියල මට ඔයාලට කියන්න වෙන්නේ ..? (අ)
හිටපු ජනපති ගියපාර ඇමෙරිකානු සංචාරයෙන් පසු කියූ බවට පත්තර වල සදහන්ව තිබුනා මේක ලිහිල් කරලා දෙන්න ඇමෙරිකා විදේශ ලේකම් පොරොන්දු වූ වග.දැන් මේ ඒක තමයි වෙන්නේ.හැබැයි වත්මන් ආණ්ඩුව මේකට දේශීය පරීක්ෂණයක් දාගෙන. (අ)
මහින්දට ඔය ප්‍රශ්නේ විසදන්න ඕනි කමක් තිබුනේ නැහැ , එල්එල්ආර්සී එක කියපු දේ කළානම් අද ඔය ප්‍රශ්නේ ඉවරායි, උතුරේ දෙමල ජනතාව දිනාගන්නත් මහින්දට ප්ලෑන් එකක් තිබුනේ නැහැ , ඕන කමක් තිබුනෙත් නැහැ (බ)
මුන් ඔක්කොටම පිස්සු මොලේ හොද නැහැ මානව හිමිකම් අයිතිවාසිකම් අහිමි වුනේ ලංකාවේ ජනතාවට කොටින්ගෙන් වන දෙමල ජාතීන්ගෙන්, කව්ද බෝම්බ තිබ්බේ ගෙවල් වලට නගර වලට පැනල වෙඩි තිබ්බේ, ගනිල්ලකෝ ඔතනට අපිව කට ඇරලා කතාකරන්න. (බ)
සිල්වා, කරුණාකර ඔබගේ යල්පැනගිය මොළය අප්ඩේට් කරගන්න. නැත්නම් රූපවති කියූ ඝණයට ඔබ වැටීම වළක්වන්න බැහැ. ඔබේ දැනීම ගැන අවංකවම කණගාටුයි (නි)
ඔවු හරින්, දෙමල ජනතාව දිනාගන්නවා කියන්නේ බේරාගත් රට පාවා දෙන එකනම් නෙමෙයි නේද. (බ)
ප්‍රියලාල්ලට පොඩ්ඩක් හිතට අමාරුයි වගේ පිළිගන්න මේ ආණ්ඩුව නිසා කියලා. මහින්ද යුද්දේ දිනුවා තමයි එහෙත් ජාත්‍යන්තරය සමග එකට යන්න දන්නේ නැහැ. (නදී)
සිල්වා මහතා කරුණාකර වැදගත් ලෙස තම මතය ප්‍රකාශ කරන්න ඉගෙන ගන්න. මෙතන ඉන්නේ විද්වත් හා උගත් සබාවක්, ඔබතුමා ගේ හැදියාවේ තරම මෙතන ප්‍රකාශ කරන්න එපා. (නදී)
මේ රූපවතිට නම් පුදුමාකාර මොලයක් නොවැ තියෙන්නේ අම්මපා. හොඳට තේරුම් කරලා දීල තියනවා අපේ මහින්ද මහත්තයා ජාත්‍යන්තරය එක්ක සම්බන්දතා ගොඩනගා ගත්ත විදිය ගැන. හරිම අපුරු නොවැ මැණිකේ.(නදී)
ඉන්දික ඔබ හරියට හරි රූපවති පමණක් නෙමෙයි මෙතන ඔහොම කියන ඔක්කොටම තමා මේක (අ)
කොහොමද අලින්ගේ අපේ වැඩ (නදී)
රුපවතී,පැනලා දීලා නිකාම්ම අනාගනවා. (අ)
යුද ගැටුම සහ මත ගැටුම.එදා සංහිඳිය කොමිසමේ වාර්තාවට සාධාරණයක් කළා නම්. (අ)
හමුදාවේත් මානව හිමිකම් කඩපු සුලු පිරිසක් ඉන්නවා.. නැත්තෙ නෑ.. ඔවුන්ට දේශීය අධිකරණයකින් දඩුවම් කරන්න...(ම)
මෙතැන සමහරු ජාතිවාදය ඔලුවෙ උලාගෙන කෑගහනවා. හමුදාව අල්ලාගෙන ඉන්න උතුරෙ මිනිස්සුන්ගෙ ඉඩම් ටික ආපහු දෙන එකෙයි, යුද්ධෙ අන්තිම කාලෙ හමුදාවෙ සුලු පිරිසක් අතින් සිද්ධවෙච්ච සුදුවෑන් ඝාතන ආදී අපරාධ ගැන දේශීයව හොයාබලන එකෙයි කිසි වරදක් නෑ. දෙමල උනත් ඔවුනුත් ශ්‍රී ලාංකිකයෝ (නදී)
කෙසේ නමුත් මෙය ඉතාමත් සුබදායි ප්‍රවෘත්තියක්. මෙය මහින්දට බොහොම පහසුවෙන් කල හැකිව තිබුනා.
මෙය මහින්ද ට බොහොම පහසුවෙන් කල හැකිව තිබුනා බටහිර ඉල්ලපු දේවල් දුන්න නම් , බටහිරෙන් ඉල්ලපුවා දෙන්න බැහැ , මහින්ද ගේ අතින් නෙවේ යන්නේ , නමුත් මහින්ද නොදුන්නේ රට ට අවාසි නිසා , දිනා ගත නිදහස් රට නැති වෙන නිසා , නැතිනම් මොකද මහින්ද ට පාඩුවක් වෙනවද ? එල් එල් ආර් සී එක ගෙනාවේ මහින්ද , බටහිරෙන් බේරෙන්න බැරි නිසා , මිසක් කරන්න ඕනේ නිසා හෝ කරන්න පුලුවන් නිසා නොවේ, ඉන්දියාවට 13 දෙන්න පොරොන්දු උනේ ත් ජේ ආර් ගේ 1987 ගිවිසුම නිසා , නමුත් මේ කිසිවක් මහින්ද දුන්නේ නැත්තේ මොලේ අමාරුවකට හෝ පුද්ගලිකව අවාසියක් වෙයි කියලා නොවේ, රට ගැන හිතලා රට ට අවාසි නිසා . දැන් එයාලා , මෙයාල , අරයාල ඉල්ලපු ඔක්කොම් ටිකින් ටික දෙමින් ඉන්නවා , නිශා බිශ්වාල් ලංකාවට ආවේ නිකන් නොවේ , දෙන්න ඕනේ දේවල් වල ලිස්ට් එක දෙන්නයි , උතුරට, ෆෙඩරල් දීල, නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් දුන්නම් , උතුරේ අධි ආරක්ෂක කලාප අයින් කලාම, බලගතු කොටි සිර කරුවෝ අයින් කරාම , දෙමළ නිජ සංකලපය පිලගත්තාම, අපේ රණ විරුවෝ විවිධ හේතු දක්වලා දැන් ගෙඩියට දක්වපුවාම තව ගොඩක් දේවල් ලැබේවි , ජි එස් පී නිමි ඇදුම් අපනයන සහනය ත් දෙනවලු , යුරෝපා මාළු අපනයන තහනම ත් අයින් කරනවලු , තව ගොඩක් දේවල් ලැබේවි , ඩොලර් කුට්ටි ගණන් ලැබේවි . හැබැයි අපිට නැති වෙන්නේ අවුරුදු 30 යුද්ද කරලා ජිවිත පරාජයනේ දිනා ගත්තු රට යි , මහින්ද ටත් මේ ටික බොහොම පහසුවෙන් කරන්න තිබුනා , ඉන් පසු ජනවාරි 8 වෙනිදා දිනන්නත් තිබුනා . මොකද මේව මහින්ද ගේ අතින් යන දේවල් නොවේ , රටින් යන දේවල් , මේ ටික නොතේරෙන්නේ පෙර පාසල් යන බබාලට හෝ අන්ධ ගොළු බීරි වැඩිමහල් උදවියට පමණි . කෙසේ වෙතත් පවතින රාමුව තුල රට ඉදිරියට ඇදෙන්නේ නම් අපි මෙය හදවතින්ම වැළද ගත යුතුයි . ඉදිරි දින කීපයදී මේ ලැබෙන දේවල් වලට අපිට නැතිවෙන දේවල් දිහා බලා ඉන්නවා ඇරෙන්න අපිට කල හැකි දෙයක් නැහැ . මා වැරදි නම් , හොදින් කියවා වැදගත් ලෙස මගේ නමින්ම මා නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමි (අ)
88/89 කාලයේ දකුණේ සිද්ද වූ දේවල් වලට හරි පරීක්ෂණයක් කළා නම් මේවා වෙන්නේ නෑ , රතු පස්වල සිද්දියටත් පරීක්ෂණයක් ඕනි (අ)
මෙතන කොමෙන්ට්ස් දමන ඇතැම් උදවිය ජාතිවාදී අදහස් යට ගහගෙන හිතේ අමාරුවට තවමත් කඩේ යන බව නම් පෙනෙනවා. (අ)