මාතලේ මහ නගර සභාවේ අයථා පාලනය ,මුදල් නාස්තිය වැනි කරුණු නිසා එහි පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පවරන්නැයි විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ඔහුගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඔහුගේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ක්‍රියාත්ම කැර ගැනීමේ ප්‍රශ්නයක් ඇති බවත් මාතලේ පුරපති හිල්මි කරීම් මොහොමඩ් මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසන්ත,උපාලි,බන්දුල පෙරේරා " සුභ අනාගතයක් " (ස)
අජිත්, සමන්, පේනවා නේද අසන්ත, බන්දුල කියන දේ. බෝ පැල වගේ ඉන්න අපේ උත්තමයන්ට දොස් කියන්න පව් නැද්ද? (ස)
මේ වෙනතුරු නගර සභාවෙන් හෝ පළාත් සභාවෙන් සැළකිය යුතු වැඩ කොටසක් ඉටුවුණාද කියා අදාළ ආයතන හොඳට හිතාබලන්න. මොන ආණ්ඩුව බලයේ තිබුනත් මාතලේට පත්වුණ ප්‍රාදේශීය, පළාත්,පාර්ලිමේන්තු නියෝජිතයින් තමන් ගැන,එහෙමත් නැත්නම් ජනප්‍රිය වෙන්න, නැත්නම් හම්බ කරගන්න,නැත්නම් අනාගත ඡන්ද වෙනුවෙන් විවිධාකාර පුද්ගලයින්ගේ ඕනෑඑපාකම් ඉටුකරවන්න නොවේද ක්‍රියාකළේ? නගරයේ සංවර්ධනය තියා තම තමන්ගේ පක්ෂවලවත් කිසිම එකමුතුකමක් නැහැ. අඩුම තරමේ විහිදිලා තියෙන කිසි පිළිවෙලක් නැති බස් නැවතුම් පොළවල් ටිකවත් එක තැනකට එකතු කරගන්න බලන්න (නි)
මේ රටේ කිසිම නගර සභාවක්, පළාත් සභාවක්, ප්‍රාදේශීය සභාවක් මුදල් නාස්ති කරන්නේ නැහැ කියලා කවුරුත් දන්නවා. මේක අභූත චෝදනාවක් ලෙසයි මම නම් දකින්නේ! (නි)
උපාලිට ලොකු වැරැද්දක් වෙලා වගේ. (නි)
අනේ බන්දුල නොදුටි මොක්පුර! (නි)
අනේ උපාලි, ඔයා ඉන්නේ ලංකාවේද? ඔයා නිකන් බොරු කියන්න එපා. රටේ මිනිස්සු දන්නවා මොකද වෙන්නේ කියලා (නි)
මෙහෙම බැලුවොත් ඉතින් මුළු රටේම නගර සභා එපාවෙන්න ඕනෑ.දේශපාලනයට සම්බන්ධ වුණ හැම ආයතනයකින්ම වගේ වෙන්නේ ඔය දේමනේ (නි)
මේ රටේ කිසිම රජයේ ආයතනයක් සල්ලි නාස්ති කරන්නේ නෑ කියලයි මම නම් හිතන්නේ ?(දිල්)
උපාලි 100% ක් හරි. අපේ ප්‍රාදේශීය සභා කිසිම එකක පගාව ගන්නේ නැහැ. බැරි වෙලාවත් ටොපියක් වත් ගන්නේ නැහැ. හැම ටෙන්ඩර් එකකින්ම දෙන මුදලටත් වඩා වැඩ කරනවා. ඒවායින් සතයක කොමිස් එකක් ගන්නේ නැහැ. හැම තැනම නීතිය රජකරවන අල්ලස දුෂණය මුලින් උපුටා දැමු මැතිවරණ විනය රටට කියල දුන් රජයට අපේ උත්තමාචාරය හිමිවිය යුතුයි. (අ)
දැන්මම චණ්ඩි වෙන්න එපා (නි)
එජාපයේ අරමුණ ඉටු නොවියයුතුවා සේම දක්ෂ නගරාධිපතිවරයකු පත්විය යුතු බව මගේ අදහසයි. නමුත් කවුරු එම තනතුර දැරිය යුතුදැයි මා නොදන්නා බවද කියා සිටිමි (නි)