(ඩයනා උදයංගනී)
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය නොදී නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට උත්සාහ කළහොත් එයට ඉඩදෙන්නේ නැතැයි එම පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය
පක්‍ෂයේ වත්මන් නායකයින් එක්වී සජිත් ප්‍රේමදාස මහතාගේ පක්‍ෂ නායකත්වය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට යාමට අවශ්‍ය තීරණය ගත යුතු යැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පක්‍ෂයේ බහුතරයකගේ මෙන්ම ජනතාවගේ අපේක්‍ෂාවද එය බව කී එළඹෙන බ‍්‍රහස්පතින්දා දිනයේදී එම තීරණය ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද හර්ෂණ රාජකරුණා මහතා කීවේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීම සඳහා බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන සාකච්ඡව අසාර්ථක වුණොත් ඉදිරියේදී ගන්නා තීරණය කුමක්ද? නව පක්‍ෂයක් පිහිටුවීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියා ප‍්‍රශ්න කළේය.
එයට පිළිතුරු දෙමින් හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසුවේ පක්‍ෂයේ සියලූ දෙනාම එක්කරගෙන ඉදිරි ගමන යා යුතු බවයි.
පක්‍ෂයේ නායකයින් එක්වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට යාමට ඉඩ දිය යුතු බව කී මන්ත‍්‍රීවරයා එසේ නැතිව නායකත්ව මණ්ඩල හෝ වෙනත් දේවල් කිරීමට ඉඩ දිය නොහැකි බව ද කීවේයෙ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා ද පැවසුවේ පක්‍ෂයෙන් කිසිවෙක් ඉවත් කිරීමේ හෝ පක්‍ෂය කඩාගෙන යාමේ අදහසක් නැති වුවත් සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය නොදුනහොත් පක්‍ෂය නොකැඩෙන හා ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට හැකි තීන්දුවකට යාමට සිදුවන බවයි.
විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ බෙදීමකින් තොරව සමගි වී ඉදිරියට යාම බව කී මන්ත‍්‍රීවරයා පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ඡන්දය දුන් ලක්‍ෂ 56ක ජනතාවගේ අපේක්‍ෂා ඉටුකිරීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන බව ද කීවේය.
එබැවින් පක්‍ෂයේ වත්මන් නායකයින් බුද්ධිමත් තීන්දුවක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ල ඔවුන් එසේ නොකර රාජපක්‍ෂවරුන්ගේ කොන්ත‍්‍රාත් කිරීම සඳහා කටයුතු කරනවා නම් තමන්ටද තීන්දුවක් ගැනීමට සිදුවන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අය නිසා තමයි ගියවර ජනාදිපතිවරණය පැරදුනේ. ජනතාව චණ්ඩින්ට කැමති නැහැ.
අන්න හරි කට්ටිය එකතුවෙලා ගේමක් දෙන්න.
තමාගේ ආසනය කීයකින් පරාද වුනාද කියා මතකද? තිස්සමහාරාම ආසනයේ මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත පරාජය මේ ලඟදි වුනා මතකද ?
සරත්චන්ද්‍ර රාජකරුණා යනු ගම්පහ දිස්රික්කයේ සිටි එක්ස්ත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයෙකි. ඔහු ජේ ආර් ජයවර්ධන රජයේ මෙන්ම ඉන් පසු පැවතී එක්සත් ජාතික පක්‍ෂ රාජ්‍යයන් හි ඇමති තනතුරු දරනලද පක්‍ෂය ආරක්ෂා කරගනිමින් නායකයන් සමග සිටි වැදගත් දේශපාලකයෙකි. සජිත් ගැනනම් අපට ප්‍රස්නයක් නොමැත. ඔහු පියාගේ අඩි පාරේ යන බොලද පුත්‍රයාය. ඔහුට නායකත්වය ලැබේනම් ප්‍රශ්නයක් නොමැත දැන් ඔවුන් සුදානම් වන්නේ පක්‍ෂයේ නායකත්වය බලෙන් හෝ ගැනීමේ අසාර්ථක උත්සහයකය.
මේගොල්ලෝ හිත හිතා ඉන්නකොට තව පාරක් පැරදිලා.
රන්ජන් හිරුනිකත් එක්ක කියන දේවල් සජිත් ජනධිපතිවරණ වේධිකාවේදී කතාකරනකොට ඔප්පු කර පෙන්වා හමාරයි. අනේ මගේ රටට යන කල. යුඑන්පී එකේ වෙන නායකයෝ ඇත්තෙම නැද්ද ? නවින් දිසානායක හෝ රුවන් විජේවර්ධන ඇයි උඩට ගන්න බැරි.