එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ බරපතල වැරදිවලට සිරගත වු පුද්ගලයන් නිදහස් කරන බව ඔවුන්ගේ ආධාරකරුවන්ට පොරොන්දු වී එවුන් යොදාගනිමින් පක්ෂයේ දේශපාලන කටයුතු කරතියි එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ දී අද (03) ප්‍රකාශ කළේය.
කොටහේනේ වෙඩි තැබීමෙන් එක්සත් ජාතික පක්ෂය තමන්ට සුපුරුදු මැතිවරණ ක්‍රියාවලායම ගෙන යන බව හොඳින් පැහැදිලි වන බව ද ඔහු පැවසුවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ලහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දැන් කතා අහන්නේ නැහැ (නි)
හිරකාරයෝ බස් වලින් ගෙනැවිත් ඡන්ද වැඩ කළේ නැහැනේ තවම. (නි)
ගිය මැතිවරණයේදී නම් හිරකාරයෝ විතරක් නෙමෙයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් පවා පාවිච්චි කරන ඡායාරූප අපි දැක්කා. මේ සැරේ එහෙම මොකුත් නැහැනේ.
රටට පන දෙන්න මතක් වුනේ දැන්ද? (බ)
මෝරාගෙන් තෝරා වෙන්කර ගන්නටත්, පරයාගෙන් පරවා වෙන්කර ගන්නටත්, කූනිස්සාගෙන් ඉස්සා වෙන්කර ගන්නටත් කරිජ්ජ පෑගූ අයට හැකිවුවත් අවදානම කුමක්දැයි බලලෝභයෙන් ගිනිකණ වැටී සිටින අයට වැටහෙන්නේ නැත. ‘විනාශ කාලේන විපරීත බුද්ධිඃ’ කියා පෙර කියා ඇත්තේ මෙවැනි අවස්ථා වලටය. ඔවුන්ගේ ආගමනයෙන් මුල් දිනවල ඇතිවූ දිස්නය දැන් ශීඝ්‍රයෙන් වියැකෙමින් යයි. ඒ යළි ගොඩගත නොහැකි ලෙසටය. (නි)
අපිට නම් මතකයි ඒ කාලේ හොඳට (නි)
කවුරු මොන කතා කිවුවත් අවසානයේදී ජනමතයේ හැටි බලමුකෝ (නි)
ඒ.ජා.ප. ය ඔය වැඩවලට කොහොමත් දක්ෂයි. දැන් 1977 වත් 1988 වත් 1994 වත් නොවෙයි බව දෙගොල්ලම මතක තියාගත්තොත් හොඳයි. තවම හැන්ද තියෙන්නේ අපේ අතේ. (නදී)
මෙයාලගේ ආණ්ඩුව කාලේ බරපතල වැරදිකාරයෝ හිරේ දැම්මෙත් නැහැනේ. සාපේක්ෂව එජාපය හොඳයි වගේ. (නි)
බරපතල චෝදනාවක්! වහාම පිළිතුරු දිය යුතුව තියෙනවා.(ම)