එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩු කිරීම සඳහා මුලින්ම ගිවිසුම් ගැසුවේ තමන් නොව හිටපු 2007 මාර්තු මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා රනිල් වික‍්‍රමසිංහ මහතා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස තමාත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික‍්‍රම මහතාත් අරලියගහ මන්දිරයේදී එම ගිවිසුමට අත්සන් තැබූ බවද ජනපති කීවේය.
එහෙත් එම ගිවිසුම මාස ගණනකින් කැඩීයාම නිසා එක්සත් ජාතික පක්‍ෂයේ 27 දෙනෙකුට ඇමතිකම් දී ආණ්ඩුව ගෙනයාමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළ බව කී ජනාධිපතිවරයා තමන් කළේ එක්සත් ජාතික පක්‍ෂය සමෙග එක්වීම නොව රටට නොගැළපෙන වැඩපිළිවෙළක් අවසන් කිරීම බවයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේකොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 56 ජනතා ජයග‍්‍රහණයේ 60 වැනි සංවත්සර උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අගමැති දි.මු ජයරත්න ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයෝ රැසක්ද උත්සවයට එක්ව සිටියහ.
56 ජනතා ජයග‍්‍රහණයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහි දී සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි, ඔයාගේ නම් මොලේ කොලොප්පන් හොඳටම. ඉක්මනින්ම ප්‍රතිකාර ගත්තොත් හොඳයි. (බ)
ඇත්ත කියන කොට මොලේ කොලොප්පන් වෙන්නේ අැයි . චතුරී කියන්නේ ඇත්ත . දහම් ඉන්නේ ලංකාවේද මැදමුලනද (බ)
දයාන්, හරියට හරි. ඔය බොරු කියලා දිනපු ,ඒවාට උදව් කරපු පක්ෂයේ ලොකු අය හිතුවේ නැහැ මෙහෙම ජරමර වෙයි කියලා. (නි)
කතා ඇති. ඡන්දෙ තියන්න. පෙන්නන්නම් ගිවිසුම ගහපු අය. (නි)
චතුරි, ඔබ හරි. හොරු ටිකක් ලංකරගෙන හිටපු එක්කෙනත් අන්තිමට ඒ ගොඩටම වැටුන. දැනටම කොයි තරම් දේවල් එලිවෙමින් පවතිනවද? කට්ටිය කියයි එයාගේ වටේ හිටිය කට්ටිය කොරපු දේට ලොක්ක මක්කොරන්නද කියල. හ්ම්. ඔය ඒකාබද්ධ විපක්ෂේ කට්ටියත් මොන මොනවා හරි කිව්වා නම් මේ ගිවිසුම් ගැහිල්ල ගැන. (බ)
අවුරුද්දකුත් මාස ගානක් ගෙවිලා ගියා තාමත් නැ මහින්ද භීතිකාව ගිහිල්ලා.රට වටේ මහින්දට බැන බැන යනවා මිසක් කවද්ද රට හදන්න ගන්නේ? ජනතාවට සහනයක් දෙන්නේ කවද්ද? එ්කෙන්ම පෙනේව කාගේද කොන්ද පන තිබුනේ කියලා. (බ)
ගොඩක් කට්ටියගේ හොර අාදායම් මාර්ග කැඩුන බව අපි දන්නවා. දැන් තියෙන්නේ කඩේ යන එක විතරයි. එ්කත් බැහැ හරියට සමහරුන්ට (නි)
ඒත් මහින්ද ඉත්තෙක් වෙලා වැඩකළේ නැහැනේ (නි)
එදා යුද්ධය දිනීමට කළත් අද කරන්නේ පක්ෂයේ බල අරගලය දිනීමටය (නි)
මේ රට හොරුන්ට දෙනවට ගොඩක් අය කැමතියි වගේ. දෙන්න, තව ටික කාලයකින් හොම්බෙන් තමා යන්න වෙන්නේ (නි)
චතුරි ඉතාමත් හරි (නි)
වික්‍රරමට හොඳටම ඔලුව අමාරු වගේ මට පෙනෙන්නේ (නි)
එ.ජා.පයේ ඉන්නේ වැඩකරයෝ නම් මොකද හැමදාම පරදින්නේ? මහින්ද සමඟ 90% හොරු හිටියා නම් මොකද යහපාලනයත් ඒ අයට බුලත් දෙන්නේ? (නි)
මහින්ද මහතා හොර ගිවිසුම් ගැහුවේ නැහැ. කෙටි පාරවල් හෙව්වේ නැහැ. (නි)
ඒ මහින්ද මහතා ගිවිසුමක් මඟින් එකතු වෙන්න කියා ඉල්ලා සිටියේ රට යුද්ධයකට යටවී ඉන්න වෙලාවේ. එතුමා සිතන්න ඇති විපක්ෂයේත් සහයෝගය ඒ වගේ අවස්ථාවක අවශ්‍යයි කියලා. ඒ වුණත් එදා විපක්ෂය ඒක දුන්නේ නැහැ. අද ඔවුන් මහින්ද මහතා තනිවම නායකත්වය දී බේරාගත් රටේ යහතින් සිටිමින් එදා වුණ පරණ වැරදි සොයනවා. (නි)
මහලේකම්වරයා ලෙස එදා ඒ අසාර්ථක ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න තිබුනා නේද? (නි)
චතුරි, දහම්, ඕවා ගැන හිතන්න එපා. අපේ රට කවදාවත් හැදෙන රටක් නොවෙයි. දුක තමයි. (නි)
අනේ අපිට නම් දැන් කතා අහලා ඇතිවෙලා (නි)
ඇත්තටම මොළේ තිබුන අය හිටියේ යූඑන්පීයේ. ඒකයි ඒ අය ගත්තේ (නි)
යුද්ධය අවසන්කළේ එහෙම ගැටගහගෙන ආණ්ඩු කරලා තමා. මොකක්ද අද රටට වෙලා තිබෙන යහපත? සංවර්ධනයක් කෙරෙනවද? නැවත යුද්ධයකට පාර කැපේවී කියලා හිතෙන විදියේ වැඩ දැනටමත් සිදුවෙනවා (නි)
මහින්ද ඔවුන්ව තමන් ළඟට ගෙන්නා ගත්තා මිසක් එජාපයේ ඉත්තෙක් වෙලා වැඩකළේ නැහැනේ..... (නි)
චතුරි, සමන්ගෙන් අහන්න තියෙන්නේ දැන් ඉන්නේ නෙළුම් මල් වලින් ඉපදුන අයද කියලයි. (නි)
මහින්ද එදා 2007 දී එහෙම නොකළා නම් යුද්ධය තවමත් තිබෙන්න තිබුණා. අාණ්ඩුව ශක්තිමත්ව තබා ගැනීම යුද්ධය අවසන් කිරිමට උදව් වූ බව අපිට තේරෙනවා. (නි)
චතුරි කියන්නේ සම්පුර්ණ ඇත්ත. මහින්ද වටේ හිටියේ 90% හොරු. ඒක පිළිගන්න අකමැති කට්ටියගේ තමයි මොළේ අමාරුවට බෙහෙත් ගන්න වෙලා තියෙන්නේ. මහින්ද මොන වැරැද්දක් කළත් ඒක පිළිගන්න අකමැති අයත් ලංකාවේ ඉන්නවනේ (නි)
දේශපාලනය ගැන කතානොකර තමන්ගේ දෙයක් කරගෙන පාඩුවේ ඉඳිමු (නි)
මොනවාද මේ කියන්නේ? ජනපති විදියට ඔබට තිබෙන කාලය හා අවකාශය කතා වලට පමණක්ම පාවිච්චි කරන්න එපා (නි)
චතුරි 100% හරි. (බ)
කවුරුහරි දැන් එළියට එන්න ඕනෑ. යහපාලනය නම් අන්තිම අසාර්ථකයි (නි)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය ගැනත් අපි දන්නවා (නි)
ඔය කියන මොළකාරයන් මෙරටේ අවුරුදු 30 ක යුද්දයක් යනකන් කොහෙද හිටියේ ? අපි දන්නා කලේ ඉදන් මේක දියුණු වෙමින් පවතින, කවදාවත් දියුණු නොවුණු රටක්. අවුරුදු 30 යුද්දයක් ඉවරකරගන්න බැරිව රටක් අවුල් කරපු ඒවගේ මොලකාරයන්ට අපි නම් කියන්නේ මැට්ටෝ කියල. (බ)
දහම් හරි. ජනපති ඉතින් අතීතය ගැන පමණක්මයි කතා කරන්නේ. සේරම මහින්දගේ වැරදි ඇතුළත් කර පොතක් ලිව්වා නම් ඉවරයිනේ. අපිට කණක් ඇහිලා ඉන්න පුළුවන්. හැමදාම කලින් ආණ්ඩුව ගැන කතාව. මෙහෙ රට ගිනිගන්නවා. (නි)
දහම්, ඔයාගේ මොළේ කොලොප්පන් වෙලාද? ඉක්මනින් ප්‍රතිකාර ගත්තොත් හොඳයි. චතුරිගේ මොළේ නම් හොඳ බව පෙනෙනවා (නි)
ඡන්දයක් තියලා බලමු සිද්ධවෙන දේ! (නි)
1977 නිදහස් පක්ෂයට සිදුවුණ පරාජයටත් වඩා අන්ත පරාජයක් ලබන්න තව වැඩි කාලයක් නැහැ. මහින්ද තමයි අපේ වීරයා (නි)
කට පමණයි වැඩ නැත! 10 ගුණයේ සංවර්ධනය කොහෙද? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටට ජාතියට ආදරය කළ අයගේ පක්ෂයක්ව තිබුනා. මහින්ද බලය ගත්තාට පසු වැරදිකරුවන් පක්ෂයේ ඉහළට ගත්තා. ඔවුන්ට පක්ෂයට ආදරයක් හෝ ප්‍රතිපත්තියක් තිබුනේ නැහැ. ඔවුන් තමයි ඒ දවස් වල නිතර රූපවාහිනියේ දකින්න හිටියේ. අද මේ අයව ඉවත්කරනකොට කඩාවැටීමක් වගේ තිබුනත්, එය පක්ෂයට හොඳ අත්තිවාරමක් වේවි (නි)
දහම් හරි. චතුරිගේ හා සුපුන්ගේ මොළ පරීක්ෂා කරන්න ඕනෑ (නි)
සමහර අය මහින්ද වටේ හිටියේ හොරු බව කියනවා. මහින්ද වටේ හිටිය අය තමයි අද රටේ ප්‍රධානම තනතුරුවල ඉන්නේ. (බ)
මෙතන ඉන්න පිස්සු චතුරි වගේ සමහර කට්ටිය ලංකාවේ ඉතිහාසේ පොතකින් කියවලා ආවා වගේ පෙනෙන්නේ! (නි)
ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරවෙලා, නැත්තටම නැතිවෙලා යන දවස ඉතා ළඟ බව පේනවා. (නි)
මහින්ද මහත්තයා අනුන්ගේ රෙදි හෝදන්න ගියේ නැහැ, පක්ෂය පාවාදුන්නේ නැහැ, පක්ෂය වළපල්ලට යවන්නට වැඩකළේ නැහැ (නි)
එදා ගිවිසුම් ගැහුවේ කොටින්ගෙන් රට බේරගන්නනේ. තාම හොයන්නේ මහින්දගේ වැරදිමනේ. (නි)
ගලේ පහරපු බළලට වෙච්ච දේ තමයි දැන් සමහරුන්ට වෙලා තියෙන්නේ. අනේ පවු! හත්වලාමේ වෙච්චදේට මක්කොරන්නද (නි)
පාට පක්ෂ වලට කඩේ යන අයට යථාර්ථය පේන්නේ නැහැ, පක්ෂ පාටෙන් අන්ධවෙලා නිසා. කොච්චර මෝඩද කියනවනම් එයාල හිතන්නේ තමන්ගේ පක්ෂේ ඉන්න ඔක්කොම මොළ කාරයෝ අනිත් පක්ෂේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියල. එ්ත් දියුණු රටවල අයට මේ දෙගොල්ලම එකම ජාතියේ නොදියුණු මෝඩයෝ. (බ)
අපි හැමෝම මොළේ පරීක්ෂා කරගන්න ඕනෑ අපි පත්කරන දේශපාලක උතුමන්ලා දිහා බලනකොට. (නි)
තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට ප්‍රමුඛත්වය දීලා තමයි මේ රටේ අහිංසක ජනතාව දැන් උගස් කරලා තියෙන්නේ. (නි)
හිටපු ජනාධිපතිතුමා කරපු දේවලුයි නොකරපු දේවලුයි කියව කියවා ඉඳලා වැඩක් නැහැ. මොනවා කළත් එතුමා ත්‍රස්තවාදය පරාජය කළා. රට සංවර්ධනය කළා. ඔබතුමාත් ඒ වගේ රටට වැඩ කරන්න. (නි)
අපේ රට හැමදාම ඵකම තැන. භැමෝම ඵකතුවෙලා රට දියුණු කරන්න බලන්න. (නි)
මෙයාලා මහින්ද ගැන කතා කර කර ඉන්නවා විතරයි, වැඩක් කරනේ නැහැ. මහින්ද මොනවා කරලා හරි වැඩේ හරියට කළානේ. ඔය කවුරු කයිවාරු ගැහුවත් අවස්ථාවක් ලැබුනොත් හොරකම් කරනවනේ. (නි)
කුමාර, ඔබ හරි. (නි)
මහින්ද දන්නවා. සේරම වැඩකාරයෝ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව එයා ළංකරන් හිටියේ හොරු ටිකක් තාත්තා දන්නේ නැහැ පුතා හම්බ කරලා. තියෙන විදිය ඒකයි පුදුමේ (බ)
වැඩේ කියන්නේ චතුරිට පෙනෙන්නේ නැහැනේ එ් ආණ්ඩුවේ හිටපු හොරු සමහරු මේ ආණ්ඩුවෙත් ඉන්නවා කියලා (නි)