වත්මන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බියගම ආසනයේ සිදුකළ දැවැන්ත සංවර්ධනය එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඉදිරියට ගෙනයන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගෝනවල, නාගහමුල පැවැති ජනහමුවකදී පැවසීය.
‘මහවැලි සංවර්ධන ව්‍යාපාරය සම්බන්ධව ගාමිණී දිසානායක මහතා ගැන, මහපොළ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා ගැන නිතර සිහි කරනවා. නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතියේදී හිටපු ජනපති ප්‍රේමදාස මහතා සිහිකරනවා. ජාතික තරුණ සේවා සභාව මගින් සිදු කර සේවාවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන කියනවා. නමුත් පසුගිය සන්ධාන රජය ගැන කතා කරන්නේ කුඩු, එතනෝල්, වංචා, දූෂණ ගැනයි. ඒවාට සම්බන්ධ මැති ඇමැතිවරු ගැන කතා කරනවා. ගුවන්යානා නැති ගුවන් තොටුපළවල්, නැව් නැති වරායවල්, ක්‍රීඩා කරන්නේ නැති ක්‍රීඩා පිටි ගැන කතා කරනවා. ඒකයි එජාපයෙයි සන්ධානෙයි වෙනස. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පසුගිය ඒකාධිපති පවුල් වාදයට යළිත් රට පත් නොකර ජනවාරි 8 වැනිදා ගත් බුද්ධිමත් තීන්දුව අගෝස්තු 17 වැනිදාටත් ගන්නා ලෙසයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රුත් දන්නේ නැති දෙයක් මම කියන්නම්, මහවැලිය හා අර නිවාස ව්‍යාපෘතිය කරන්න ඒ කාලේ ආණ්ඩුවට උපදෙස් දුන්නේ ඩී ඒ රාජපක්ෂ මැතිතුමා. අපේ ආණ්ඩුව කුඩු හා එතනෝල් ගෙනාවේ නෑ. (බ)
දැවැන්ත සංවර්ධනය ? (ර)
මහතයෝ අවරුදු 30 කට වැඩි කලක් අපි දුක් විදපු එල්ටීටී යුද්දය නිම කළේ කවුද? විජේවීර සහ සිංහල කොල්ලන් දහස් ගානක් මැරුවේ කවුද මහත්තයෝ? ඔබතුමාගේ මතකය චෙක් කරගන්ට නැවත වරක්. (බ)