ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවෙතියි පක්ෂ මහ ලේකම් මහා මාර්ග උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පැවසිය.
ගම් මට්ටමේ ශක්තිමත්ම යාන්ත්‍රණය මෙන්ම වැඩිම ඡන්ද පදනමක් ඇති තනි පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව පසුගිය ජනාධිපතිවරණයේදී ඔප්පු වී තිබෙන බව ද මහ ලේකම් සඳහන් කළේය.
රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා මුලිකත්වය දුන් එජාපයට ඉදිරි මැතිවරණ කිසිදු අභියෝගයකින් තොරව ජයගත හැකි බව හෂිම් මහතා පැවසුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන් ඔබ හරි , මෙයාලට අහක යන කැසිනොවක් ඇදිල හිත ඉන්නේ ඔක්කොම හරි කියල. දින 100න් බයිලා නැතිව වැඩ පෙන්නන්න ජනතාවට .එහෙම නොකොළොත් ජනතාව උත්තර දෙයි මෙයලටත් (බ)
ඕක නම් ඔය කියන තරම් ලේසි වෙන්නේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණ මේ පාර වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්නවා මේ යහපාලනය යන විදියට. (ස)
රනිල් කියන්නේ උගත්,බුද්ධිමත් ,අවංක නායකයෙක් කියලා හැමෝම දන්නවා.රටට වැඩක් වෙන්න නම් යූ.එන්.පී. රජයක්ම එන්න ඕනෑ (නි)
ප්‍රියමාල් ජයතිලක, ඔබ නිවැරදියි. මගේ ඡන්දය පාවෙන ඡන්දයක්. මම හිතුවා ඔවුන් හරි කියලා. අද මම දුක්වෙනවා ඒ ගැන (නි)
ඇමතිතුමා, කට වරද්දාගන්න එපා. ඔබ දුන් පොරොන්දු ඡන්දයට පෙර ඉටුකළේ නැත්නම් දින සියයෙන් තීරණයක් ගන්න වෙනවා. මේ වෙබ් අඩවි වල මහජන අදහස් ඔබ කියවනවා නම් ජනතා මතය පැහැදිලි වෙයි. (නි)
ගම මට්ටමින් බිම් මට්ටමින් ජනතාව දැනුවත් කළයුතුයි. (නි)
අරහේ මැතිවරණයේ දින නියම කරන්නත් පෙර මෙහේ සමහර කට්ටිය බලුපොරය පටන් අරගෙනනේ! කට්ටිය බයවෙන්න එපා. ටිකක් ඉවසලා ඉන්න. (නි)
ඒක මහජනතාව සතු තීරණයක්.(හේ)
ජනතාව බලාගෙන ඉන්නේ හොරු ටික පන්නා දමන්නයි. (නි)
තව තවත් නිහතමානී වන්න.නිතරම නායකයා සේවකයා බව අමතක නොකරන්න.(හේ)
අපිනම් හිතන්නේ නැහැ.(හේ)
එතකොට දැන් කාවද පරද්දනේ.(හේ)
තරගය සුලු කොට නොසැලකිය යුතුයි. (ර)
ඔබ හිතන තරම් එක ලේසි නැ. ඡන්දෙ දුන්නේ මෙත්‍රීට. නැතුව රනිල් ට නෙවෙයි . රනිල්ට ඡන්දෙ තනියෙන් දිනන්න පුළුවන් කමක් නැති නිසා තම පොදු පක්ෂකයෙක් අවේ. මහින්ද ඡන්දෙ දුන්න මිනිස්සු ලක්ෂ 58 වෙනස් වෙන්නෑ . පාවෙන ඡන්ද දුන්නු මිනිස්සු ගොඩක් පසුතැවෙනවා යහපාලන ආණ්ඩුවේ යහපාලනය ගැන . ඒ ඡන්ද ලක්ෂ 2.5 ගන්න එක මහා ලොකු වැඩක් නොවේ. (අ)
දවල් හීන දකිනවා. ඔය ඡන්ද ලක්ෂ 64 ගත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඡන්ද, අනෙකුත් පක්ෂත් එකතුවෙලා. එත් මහා ඡන්දෙකදී ඕවා වෙන්නේ නෑ. වෙන වෙනම ඉල්ලාවි. (හේ)
හිතාගෙන ඉන්නේ එහෙම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ගත්තේ නැත්තම් හිටියටත් වැඩියේ අගාධයක තමයි. අදටත් පරිලිමෙන්ටුවේ වැඩි බලය ශ්‍රී ල නි ප යට. ජනාධිපති බලතල වලින් අගමැති ඇමතිවරු පත්කරගෙන හිටියට බොහොම ටික කාලයයි ඉන්න පුළුවන්. ඉස්සෙලා කියපු වැඩටික කරලා පෙන්නනවා ඊළඟ පර ඡන්දෙට ඉස්සෙලා. (අ)
ඇසල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ගත්තේ නැ එයා ආවා මිසක් හොදේ. නොදන්නා දේවල් ලියන්න එපා . හිටපු ආණ්ඩුවේ ජනදිපතිගේ හොද නිසා තමා සේරම කඩාගෙන ආවේ. මිනිස්සුත් ඡන්දෙ දුන්නේ .හිටපු කෙනා ගෙදර යැව්වේ ඔච්චර තෑගී දීලා කොටි ගණන් වියදම් කරලත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න හෝරු ටිකට අයේ දන්නා කෙනෙක් ඡන්දෙ දෙන්නේ නැ (අ)
එක බලන්න පුලුවන් මහ ඡන්දෙදි. (ර)
පාවෙන ඡන්ද දුන්නු මිනිස්සුට ඡන්දේ තනියෙන් දිනන්න පුළුවන් ඔය ඡන්ද ලක්ෂ 64 ගත්තේ රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද, යහපාලන ආණ්ඩුවේ යහපාලනය ගැන බලන්න පුලුවන් මහ ඡන්දෙදි.රනිල්ට ඡන්දේ තනියෙන් දිනන්න පුලුවන්.(හේ)
ඒක දැන්ම කියන්න අමාරුයි නේද?(හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා. (ර)
හොඳයි අපි බලමුකෝ.... (නි)
මෝඩ කතා නොකරනවා නම් තමා හොඳ. ඡන්දදායකයා පෙරට වැඩිය බුද්ධියෙන් ඡන්දය ප්‍රකාශකරන බව ජනාදිපතිවරණයෙන් ඔප්පුවිය. මහජනතාවගේ මුදල් සොරකම් නොකර සිටින පක්ෂයට මහජනතාව තමන්ගේ මනාපය ලබා දෙනු ඇත. (නදී)
හිතාගෙන ඇති තනියෙන් තරග කරල ලේසියෙන් දිනන්න පුලුවන් වෙයි කියල. එහෙම නං ඉතින් රනිල්ට ම ජනාධිපතිවරනෙට තනියෙන් ඉල්ලන්න තිබුන නේ. යහපාලනේට ඡන්දෙ දුන්නු ගොඩක් අය දැන් ඒ ගැන පසු තැවෙනවා. (නදී)
අනේ, පින් සිද්ධවෙයි. ආපස්සට නම් රට ගෙනයන්න එපා (නි)