(ඩයනා උදයංගනී)
පළාත් තුනක් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් තිදෙනෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරියේදී එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසා ඒ කවුරුන්දැයි දැන්ම හෙළි කළ නොහැකි බව ද ගම්මන්පිල මහතා ස`දහන් කළේය.
ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සැලසුමක් මේ වන විට එක්සත් ජාතික පක්ෂය මගින් ක්‍රියාත්මක කර ඇතැයි කී ගම්මන්පිල මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා පිට පැටවීම ඉන් එකක් බව ද කීවේය.
උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙහිදී පැවසුවේ එක්සත් ජාතික පක්ෂය මේ වන විට ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් දැවැන්ත නායයෑමකට ලක්ව තිබෙන බවයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු තවත් විශාල පිරිසක් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සම`ග එක්වන බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය පාරත් හුඟක් අය එකතුවුණා . නමුත් අන්තිමේ ජනේලේ තමයි එල්ලෙන්න වුණේ
රෙදි විතරක් නොවෙයි මේ මිනිහා පස්සත් හොඳට හෝදනවා
මේ අයට එකතු වෙනවා නම් අදුනත් බදුර්දීනුයි හකීමුයි දේශප්‍රේමී කියයි ඔයකටින්ම. පෙන්නේ නැද්ද හිස්බුල්ල, ශිවාජිලිංගම්, රතන හිමි , ඥානසාර හිමි එක්ක ඔය යස රගට ඉන්නේ. දැන් මොකද දන්නා සාෆි ගේ ගබ්සා ප්‍රශ්නයට වුණේ. මන් හිතන්නේ ගෝඨාභය එම නාට්‍යය එකපාරටම ගබ්සා කරලා දැම්මද කොහෙද?
එක්කො අනාථයන් නැති නම් බරපතල දුෂිතයෝ. පේ.වි. පෙරමුණ වගේ තැනකට එක්වෙන ප්‍රබලයෙක් ගැන කිසි දවසක අසා නැත. එතන ආරක්ෂාවත්, කෑමත් නැති නිසාදෝ අපි නොදනිමු.
එහෙමනං ඒ තිදෙනාම දැන් දේශප්‍රේමීන් බවට පත් වෙනවා.
එතකොට ඒ එන කට්ටිය පිවිතුරු මිනිස්සුද? මේ රට කවදාවත් ගොඩ ගන්න නම් ලේසි වෙන්නේ නෑ
සිහින දකින්න තහනම් කරන්න ඕන නැත්නම් මේ යක්කු විහින් මැරෙනව
දැන්ම හෙළිකරන්න එපා සුදුවෑන්වලින් උස්සයි
ඔය කියන්නේ සජිත්, රනිල් සහ කරු ජයසූරිය මහත්වරු ගැන නේද?
ජනතාව ගෝඨාභයට ඡන්දෙ දෙන්නේ එජාපය එපා වෙලානේ. ඉතින් ඒ එපා වුණු පක්ෂේ ප්‍රභලයෝ එනවා කියන්නේ ගෝඨාභයට ඡන්දේ දුන්නත් ඉන්න එජාපයම උන්නත් එකයි කියන එක නේද? අලුත් ආණ්ඩුවක් හදලා අලුතින් ලිපිද්‍රව්‍ය මුද්‍රණය කරලා, අලුතින් වාහන දීලා, රටේ සල්ලි වියදම් කරන්න ඕන නැහැනේ. බලාගෙන ගියාම ඉන්න ආණ්ඩුවම ඉන්න එක රටේ ආර්ථිකයට වාසි ආවා කියලා වෙනසකුත් නැති නිසා.
ඔය මොන ලොක්කා පැන්නත් යූඇන්පී කාරයෝ ඉන්නේ සජිත් එක්ක බව මතක තියාගන්න ගම්මන්පිල මහත්තයෝ