එක්සත් ජාතික පක්ෂය දිනන මාවතට යොමු කිරීම සඳහා ඉහළ පෙළේ මණ්ඩලයක් පත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
එලෙස පත්කරන කමිටුවට දැනට පක්ෂ නායකත්වය සතු ඇතැම් බලතල ද කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණවලට යටත්ව පැවරීමට අද එකඟත්වය පල වී ඇත.
එම මණ්ඩලය පත් කරන ආකාරය, ස්වභාවය, සංයුතිය සහ වගකීම් ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායකවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් සමග මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය වී ඇතැයි එම ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු.එන්.පී.එකේ පරාජයට හේතුව ඒ ගොල්ලන්ගේ අතීත කෙරුවාවල්.දැන් රනිල්ගේ පිටින් ඔක්කොම යවන්න හදන්නේ.කවුරු නායකයා වුනත් ජනතාවට හොඳට මතක තියෙනවා. ඒ ගොල්ලන්ගේ කෙරුවාවල්. (ස)
කරු රනිල් සජිත් එකට එකතු වී පක්ෂය දිනවන්න වැඩකරන්න. මුලිකම දේ සමගිය විනය එඅකමුතුකම කණ්ඩායම් හැගීම ඔබලාගේ තීරණ ජනතාව බලාසිටිනවා. හොද තීරණ අරගෙන රටට ඔබින ජය මාවත කරා ගෙනියන්න කැපවෙමු. අපි ඔබ සමගයි එකිනෙකා අතර හොද ගරුකරීමක් තියෙන්න ඕනි සජිත් ඔබ පක්ෂ නායකත්වයට ගරුකරන්න හැම කෙනාටම වෙලාව එනවා !(නදී)
හැකි ඉක්මනටම ඔබ සැම එක්වී රටට යහපත් පාලනයක් කරා ගෙන යාමට සියලු ශක්තිය ලැබේවා. මුලින්ම තනතුරු පිළිබද ආකල්පය බැහැර කර එක්සත් වී පක්ෂය ගොඩ නගා ජනතාවට ඔබලාගේ ප්‍රතිපත්තිය ප්‍රකාශකර ජනතාවගේ හිත දින ගන්න. ඔබ සැමට ජය!(නදී)
ඕක නම් හරියන්නේ නෑ බහිරවයා ඉන්නකම් (නදී)
හොදට මේගොල්ලෝ එකතු උනොත් ආණ්ඩුව ගෙදර යවන්න හරිම ලේසියි කල්පනාවෙන් වැඩ කරන්න ජය නියතයි (නදී)
සජිත් රනිල් කරු එකතු වීම හරිම වැදගත් (නදී)
මොනවා කලත් තවත් අවරුදු අටකට කාටවත් ජනාදිපති පුටුවේ ඉදගන්න ලැබෙන්නේ නොමැත ,සියල්ලෝම දවල් සිහින දකිනවා (නදී)
විග්නේශ්වරන්ව එජාප නායකත්වයට පත් කරන්න එතකොට දිනන්න පුළුවන්....(අ)
ඕවා කළා කියලා හරියයිද ඉතින්? (නි)
මොන මණ්ඩලයකින්වත් අරයා ඉන්නකන් පක්ෂය දිනවන්න බැහැ.සියයට 90ක් පමණ තරුණ කොටස් ඔහුට කැමති නැහැ. (නි)
මම ප්‍රබල යූ.එන්.පී. කාරයෙක්. එහෙත් මහින්ද ජනාධිපතිතුමා ඉන්නකන් වෙන කිසිවෙකුට ඡන්දෙ දෙන්න හිතෙන්නේ නැහැ.එතුමා ගැමි සුවඳ හඳුනනවා. (නි)
ඊළග ජනාධිපතිවරණය එනතුරු කොමිටි පත් කරකර ඉදලා වැඩක් වෙයිද? (නි)
ඔය මොන මණ්ඩලය ආවත් විපක්ෂය ගැනනම් නැවත අපේ විශ්වාසයක් නැහැ (නි)
පොර කුකුල්ලු වගේ ඇන කොටා ගන්නා ඔය නායකයෝ පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කරන තාක් කල් ඔය පක්ෂේ දිනන්නේ නැහැ. කවුරුත් බලන්නේ පුටුවේ වැජඹෙන්න මිසක් පක්ෂේ දිනවන්න නොවේ. පුටුවේ ඉඳන් ජනාධිපති සිහිනේ තමා හැමෝටම තියෙන්නේ. මම මැරෙනකල් හරි ඔය පුටුවේ ඉන්න ඕනි කියන තීරණය අමතක නොකලොත් ඔය පක්ෂේ අවසානය තමා. මණ්ඩල පත් කලා කියලා හරි යන්නේ නැහැ. 2014 සිහිනයක් පමණි. 2014 පැරදුනාට පස්සෙත් තවත් මණ්ඩලයක් මේ ගොල්ලෝ පත් කරාවී. අනේ මේ පක්ෂෙටත් ගිය කලක හැටි. (ස)
හොද කණ්ඩායමක් හදල මේ රට ගොඩ ගනිමු. රනිල්, කරු, සජිත් එකතු වීම හරිම වැදගත්. හොද තීරණ අරගෙන පක්ෂය ගොඩ ගන්න. ජය නියතයි!! (නි)
තෙලෙන් බැද්දත් කොබෙයියා... (නි)
අනේ වාසනාවන්! (නි)
ඔය මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ, රටේ ජනතාව ගැන විශ්වාසයක් නැතුව ඡන්ද දිනන්න බැහැ. යු ඒන් පී එකට අද වෙලා තියෙන්නේ හැමවෙලේම බලන්නේ ජනතාවගේ ඡන්දෙන් දිනන්න නෙමෙයි. ඕනෑ ඔට්ටුවක් අල්ලන්නම්, ඔය විදියටම නම් යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයිනි, මීළඟ ඡන්දෙදි තුන්වන බලවේගය වීමට සුදානම් වෙන්න. (නි)
දිනන්න කරන්න තියෙන්නේ එකම දෙයයි (නි)
සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් ගතානුගතික වුවහොත් පමණයි ගොඩනැගිය හැක්කේ (නි)
කල්ප ගණනක් පෙරුම් පුරා බුදුන් වහන්සේ උත්සාහ කළේ තණ්හාව නැතිකරන්න. මේ වැඩත් පටන් ගන්න ඕනෑ එහෙම තමයි (නි)
හැම රජයකම කාලය තීරණය කරන්නේ ජනතාව.ඔය කියන දවල් හීන එළි වුණ අවස්ථා අතීතයේ ඕනෑ තරම් තියනවා (නි)
මෙම මණ්ඩලයේ ඒකමතික තීරණය කුමක්ද? (නි)
පාන් බාගෙටයි, පරිප්පු පීරියකටයි කත් අදින අය ඉන්නකල් ඕක වෙනස් කරන්න බැහැ අපිට නම්. කරන්න දෙයක් නැහැ. අපේ පාන්ශුකූලේ දෙන්න වෙන්නෙත් මෙහෙ තමා (නි)
කීවැනි වරටද මේ එකතු වෙන්නේ? (නි)
සමහරුන්ට ඕනෑ එක පාරින්ම බුදුවෙන්න. එහෙම බැහැ. ඒවාට කැපකිරීම් කරලා වැඩ පෙන්නලා එන්න ඕනෑ.ඔච්චර ජනමතයක් තියනවා නම් කෝ තමුන්ගේ ආසනේවත් දිනුවාද? ඇඟිල්ලේ තරමට වැඩිය ඉදිමෙන්න යන්න එපා. (නි)
මගේ සුබ පැතුම්. දැන් තියෙන්නේ හැමෝම එකමුතු වෙලා ආණ්ඩුව පරදන්න. මුළු ලෝකෙම කීර්තියක් තියෙන මේ පක්ෂය ගම මට්ටම, බිම් මට්ටම, මුදු මට්ටම කියකියා දගලන ජාතිවාදින්ගෙන් බේරා ගත යුතු කාලය පැමිණ ඇත (නි)
ගරු මහතුනේ, තේරුම් ගන්න ඔබලා බේද බින්න කරන්නේ කවුද කියන එක. මොකද අප පක්ෂයේ එකමුතුකමට අනිත් හැම පක්ෂයක්ම අකමැතියි. ඔබලා එකතු වුණොත් ජයග්‍රහණය නියත බව ඔය හැමෝම දන්නවා (නි)
ගරු රනිල් මැතිතුමනි ,ඔබතුමා තව ටිකක් අනිත් අයට ඇහුන්කම් දෙන්න. දයාසිරි මහ්ත්තයට පක්ෂයේ උප නායකකමට නැවත ආරාධනා කරන්න. විනය පරීක්ෂණ නවත්වා සියලු දෙනාම නැවත බඳවා ගන්න. (නි)
අපි ඔක්කොම රජවරු ඔක්කොමලා අලි, මේ මුළු පක්ෂෙම අපි කනවෝ.... (නි)
අපි අහලා තියෙන විදියට නම් රනිල් කියන්නේ මහත්තයෙක්. ඔහු නියම මහත්තයෙක් කියලා පෙන්නන්න තියෙන හොද අවස්ථාවක් මේක. කරන්න තියෙන්නේ මෙච්චරයි. සජිත්ට නායකත්වය දීලා ඔහු ටිකක් විවේක ගන්න එක. (නි)
රටේත් අපෙත් යහපත උදෙසා ප්‍රබල ආණ්ඩුවක් මෙන්ම ප්‍රබල විපක්ෂයකුත් අත්‍යවශ්‍යයි. නැත්නම් පාලු ගෙයි වලං බිඳීම වළක්වන්න බැහැ. ප්‍රබල විපක්ෂයක් ලෙස හැදෙන්න කලින් රජ වෙන්න බලන එකනේ දැන් වෙලා තියෙන්නේ. පක්ෂයේ ලොකු ලොක්කෝ කවුරුත් හිතනවා නම් මුලින් විපක්ෂය ලෙස බලවත් වෙලා දෙවනුව රජවෙන්න, අන්න එහෙනම් හරිපාරට වැටුනා. මහත්තුරුනේ, එහෙම හරිපාරට වැටෙනකල් මිනිස්සු ඔයගොල්ලන්ට ඡන්දෙ දෙන්න මැලිවෙන බව මතක තියාගන්න. (නි)
රනිල් කොතරම් බුද්ධිමත් උනත් දිනා ගැනීමට බුද්ධියක් නැතිකම ප්‍රශ්නය.පාක්ෂිකයෝ රනිල්ට කැමති නැත්තෙ ඒකයි. (ස)
මුදල් තිබුන පලියට පොහොසතුන් පැණියෙන් අධෝමුඛය සෝදන්නේ නැත. එසේම පක්ෂයක කුණු සෝදන්න පැණියෙන් නොහැකි බව වටහා ගෙන ඔවුන්ට ඔවා දෙන්නේ නම් යහපති. එකිනෙකා කුළල් කා ගැනීමෙන් පවා ඔවුන් කරන්නේ පවතින ජරාජීර්ණ ආණ්ඩු ක්‍රමයට වක්‍ර මාර්ගයෙන් සේවය කිරීමකි. අහෝ දෙව්දත් නොදුටු මොක්පුර. (නි)
අරයලා දිනන්නේ මෙයාලාගේ සහයෙන් කියලත් හිතෙනවා (නි)
සමගිය බලයේ වේ . නැගී සිටියහොත් එක්සත් වී . නැතිනම් සුන්වී යනවා අනිවාර්ය .එනිසා බලයට ලොබ නැතුව පක්ෂයේ සියලු දෙනාගේ සමගිය තුලින් එජාපය දිනවන්න . අපිටත් අලුත් වෙනසක් බලන්න (ස)
දිනුවත් වැඩක් නැහැ. දෑත් ශක්තිමත් කරන්නත් කට්ටිය යනවනේ (නි)
දෙවන පෙළ නායකත්වයකුත් අවශ්‍යයි (නි)
බලමු එහෙමවත් කරලා (නි)
මොනතරම් ඉහල මණ්ඩලයක් පත්කළත් අරයා ඉන්නේ ඊටත් ඉහළින් නම් ඒ මණ්ඩලය පත්කිරීමෙන් වෙන සෙතක් නැහැ. (නි)
හොඳයි. දැන් මේ මණ්ඩලයේ ඉන්නේ කවුද? රටේ ජනතාවගේ නියෝජිතයෝද? එසේ නම් මොන යෝජනා ගෙනාවත් පලක් වෙයිද? එහෙම නම් මේ මණ්ඩලයේ මුල්ම යෝජනාව විය යුත්තේ වහාම රටේ පක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමුව පත් කර ඊට පසු ඔය කියන පත්වීම් කරන්න කියායි. මේක රටේ ජනතාවගෙන් ඔය ඉන්න මණ්ඩලයට කරන ඉල්ලීමක්. (නි)
ගොඩ වෙදකම් දැන් හරියන්නේ නැහැ.එක්කෝ පිළිකාව හොද කරන්න, නැත්තම් ඉවත්ම කළයුතුයි. (නි)
පක්ෂයට විනකරන අය සමග එකට වැඩකරන්න පුලුවන්ද මන්දා. (නි)
මහජනයාගේ දේශපාලන බුද්ධිය ශ්‍රී ලංකාවේ වර්ධනය වී නැත.අපි සියල්ලම දීන පුද්ගලයන්ය. රේඩියෝ අහන්නේ බෝර්ඩ් ගහගෙන සල්ලි දෙන නිසාය. කොච්චර තිබුනත් ආණ්ඩුවෙන් දෙන සහනාධාර ගන්නවා.සුදුස්සාට සුදුසු රැකියා නොදී නුසුදුස්සෝ ඒවා ගන්නවා.ජාති ,කුල භේද වපුරනවා. සේවයට ගොස් වැඩ කරන්නේ නැත. 2500 ක අතීතය කියා කියා නිකන් ඉන්නවා. අපිට පසුව නිදහස වූ රටවල් බලන්න. එම මිනිස්සු අදිනය. උත්සාහවන්තය.රටේ සැමට එකම ක්‍රමයකි. ඡන්දය එදාට පමණය. දන්සල් වන්දනාව නැත (නි)
මොන මණ්ඩලය පත් කළත් වැඩක් නැහැ මණ්ඩලය කචල් නම්. දැන් බොහෝ කලක ඉඳන් මණ්ඩලය කචල්. (නි)
ඔය මණ්ඩලයට මංගල සමරවීර හා රවී කරුණානායක ඇතුළත්ද? (නි)
අපේ "වන්ෂොට්" ට නායකත්වය දුන්නොත් හොද නැද්ද? (නි)
අරයගේ ජනාධිපති සිහිනය තියෙනකල් ඔය එකතුවීම් වැඩක් නැහැ.රනිල්ට කෙනහිලිකම් කරන්නේ නැතුව එකතුවෙලා පක්ෂය ගොඩ ගන්නේ නැතුව කරන මෝඩ වැඩ නිසා තමයි අද එජාපය මේ තත්වයට පත් වුණේ. ජනාධිපති වෙන්න හුඟක් කැප කිරීම් කරන්න ඕනෑ. අනික ප්‍රේමදාස යුගයක් නම් ආයෙත් මේ රටේ ඇති වෙනවට හුඟ දෙනෙක් කැමති නැහැ.ඒ කාලේ පණ බේරාගෙන රටින් පැනලා ගිය උගත් සිංහල බෞද්ධයෝ කොච්චරක්ද? (නි)
"එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක්" ඒක මොනවගේ වේවිද දන්නෙ නැහැ (නි)
එදා කළ වැරදි වලට සමාවත් ගතයුතුයි (නි)
වැඩක් වෙයිද? (නදී)
අපේ රට ජාතිය බේරාගත් ජාතියේ වීරයා වන සරත් ෆොන්සේකා මැතිතුමාව අපි මීළඟ වාරයේ දිනවමු (නි)
ඒ පාර මණ්ඩලයක් පත් කරගෙන වගේ. ඔය වගේ කොච්චර දේවල් කරාද වැඩක් වුනාද? කරන්න ඕන මුලික දේ නොකර අනික් දේවල් කොච්චර කරත් වැඩක් නැහැ . (නදී)
ඒ මන්ඩලෙත් කචල් වෙයිද දන්නේ නැහැ.(නදී)
ආඩි සත් දෙනාගේ කන්ද හැලිය වුනොත් ඉවරයි.(නදී)
දසුනි, ඔයා 1994 ඉදන් දවල් හීන බලබල ඉන්නවා නේද? ඔයා හිටිය වගේ තව අවුරුදු 20ක් විතර තව ඉවසන්න. (නදී)
මොන මණ්ඩලේ පත් කෙරුවත් මොළේ තියන අයව දැම්මේ නැත්නම් සේරම ඉවරයි.(නදී)
ලොක්කා දැන්වත් ගෙදර යන්න. අපට ලැජ්ජා කරන්නේ නැතුව. (ස)
රනිල් - සජිත් - කරු එකා වගේ කැපවීමෙන් කටයුතු කලොත් සමගිව ජනතාව අතරට ගියොත් මීළඟ රජය පිහිටුවනවා සිකුරුයි. කාලය ගෙවීයා නොදී වහාම එක්ව එක්සත්ව ජනතාව අතරට යන්න. (ස)
යු එන් පී.යට අරක්ගත් අර අහවල් බහිරවයා ඉන්නකම් කවදාවත් දිනන්න බැහැ (නි)
මේක පත්කරන්නේ කවුද එතකොට? (නි)
සජිත් ප්‍රේමදාසට අපි සහයෝගය පල කරමු. එජාපයට ඕනෑ බිම් මට්ටමේ අයටත් ගරු කළ හැකි නායකයෙක්. ඔබ පැමිණියොත් කරන්න බලාපොරොත්තු වන වැඩ කොටස ගැන සඳහන් කළොත් හොඳයි. (නි)
පැරදුනා ඇති සහ පැරදුනා මදි කියන කණ්ඩායම් දෙක අතරේ සටන තමයි ඔය.කොච්චර පැරදුනත් රනිල්ට මදි.එජාපය දිනවන එකම මඟ රනිල් ගෙදර යැවීම.ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකු නිසා රනිල් තවමත් බලය අල්ලාගන ඉන්නවා.රටේ සාමාන්‍ය මිනිස්සු එක්ක බද්ධ වෙන්න බැරි රූකඩයක් කොහොමද පක්ෂය දිනවන්නේ? (ස)
සොරිම තමා...... (ස)
එජාපයට වැදුණු ලොකුම සාපය තමයි රනිල්ගේ දුර්වල නායකකම.පරාජය උරුම කරගත්ත, මහජනයාගෙන් වියුක්ත වූ කෙනෙක් කොහොමද රටේ නායකයා වෙන්නේ? (ස)
රනි ,සජිත්,කරු. යා දෙක නොරත රත, සමඟ පෑහීමක් නැත. (ස)
පක්ෂ නායකත්වයට ඔබ තිදෙනා කුළල් කා ගත්තට කමක් නෑ. හැබැයි රටේ නායකත්වයට ඔබ කිසිවෙක් සුදුස්සෝ නොවේ. (ස)
සජිත් හා කරු එකතු වීම ඉතාම වැදගත්. යූ එන් පී එකේ වැටීම තියෙන්නේ ප්‍රධාන පුද්ගලයන්ගේ එකමුතුකමක් නැති කමයි. අනෙක් අතට සජිත් නායකත්වයට පත් වීමට දැඟලුවාට වැඩක් වෙන්නේ නැහැ. ප්‍රේමදාස මහතා වුවත් නායකත්වයට දැඟලුවේ නැහැ. නියම වේලාවේදී එය ඔහුට ලබා දීමට සිදුවුනා. සජිත් ඔබත් එසේ කටයුතු කළ යුතුයි. නායකත්වය ලබාගත් පමණින් ජයග්‍රහණයක් ලබා ගැනීමට නො හැකි බව තේරුම් ගන්න. ඒ වාගේම කරු ඔබ පක්ෂයට සිදු කළ හානිය මකා ගැනීමට නම් සමගිව පක්ෂය දිනවීමට පුරෝගාමී විය යුතුයි. ඒ වාගේ ම පක්ෂ නායකත්වය පවා නම්‍යශීලී වීම ද ඉතාම වැදගත්. යන අය තවත් ඉන්නවා නම් ඔවුන්ටත් යාමට කාලය ලබා දී සජිත්, කරු හා රනිල් පක්ෂය දිනවීමට කටයුතු කරන්න. අපි ඉතා ඕනෑකමින් බලා සිටින්නේ ඔබගේ සමගිය තුලින් ජයග්‍රහණයක් ලබා ගැනීමට. කාලය සීමිතයි. අවස්ථාව ඇත. ජනතාව ඔබ පිළිගැනීමට බලා සිටින බව සඳහන් කරමි. ඔබ සැමට ජය! (නදී)
තවත් එක් ගොන් රැස්වීමක් .... (ස)