බස්නාහිර පළාත් අය වැය වැඩි ඡන්ද 14කින් සම්මත විය.

පක්ෂව ඡන්ද 55ක් ද, විරුද්ධව ඡන්ද 42ක් ද ලැබිණි.

සන්ධාන මන්ත්‍රීවරු සමග ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.

එක්සත් ජාතික පක්ෂ, ප්‍රජාතන්තවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.

ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා, මනෝ ගනේෂන් ඇතුළු අට දෙනෙක් සභාවට පැමිණ නොසිටියහ.

ඡන්ද විමසීම අවසන්වී මහ ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ බස්නාහිර පළාත් සභාවේ බලය විපක්ෂයට ගැනීමේ මෙහෙයුමක් තිබූ නමුත් එය හීනයක්ම වූ බවයි.

ඊට පිළිතුරු දුන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා කීවේ ජනවාරි මාසයේ බස්නාහිර පළාත් සභාව රැස්වන විට තමන් ඇතුළු පිරිස ඇමැතිවරුන් බවයි. දැනට ඇමැතිකම් දරණ උදවිය එවිට සාමාන්‍ය මන්ත්‍රීවරු ලෙස සිටිනු ඇතැයි ද ඔහු කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීවේ ඉදිරියේ දී පළාත් සභාවේ වෙනස්කම් රැසක් සිදුවන බවයි.