බස්නාහිර පළාත් අය වැය වැඩි ඡන්ද 14කින් සම්මත විය.
පක්ෂව ඡන්ද 55ක් ද, විරුද්ධව ඡන්ද 42ක් ද ලැබිණි.
සන්ධාන මන්ත්‍රීවරු සමග ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
එක්සත් ජාතික පක්ෂ, ප්‍රජාතන්තවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.
ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා, මනෝ ගනේෂන් ඇතුළු අට දෙනෙක් සභාවට පැමිණ නොසිටියහ.
ඡන්ද විමසීම අවසන්වී මහ ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ බස්නාහිර පළාත් සභාවේ බලය විපක්ෂයට ගැනීමේ මෙහෙයුමක් තිබූ නමුත් එය හීනයක්ම වූ බවයි.
ඊට පිළිතුරු දුන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා කීවේ ජනවාරි මාසයේ බස්නාහිර පළාත් සභාව රැස්වන විට තමන් ඇතුළු පිරිස ඇමැතිවරුන් බවයි. දැනට ඇමැතිකම් දරණ උදවිය එවිට සාමාන්‍ය මන්ත්‍රීවරු ලෙස සිටිනු ඇතැයි ද ඔහු කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීවේ ඉදිරියේ දී පළාත් සභාවේ වෙනස්කම් රැසක් සිදුවන බවයි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාපය/ ජවිපෙ පේන කියයි
නිශාන්ත Thursday, 04 December 2014 11:09 AM
ඕවාට කියන්නේ පේන කියලා නම් නෙවෙයි. හීන කියලා.මහ දවල් දකින හීන.(හේ)
දුමින්ද Friday, 05 December 2014 07:51 AM
නොකෙරන වෙදකමට කොන්දුරුතෙල් හත් පට්ටියත් මදිලු (දිල්)
සඳුනි Thursday, 04 December 2014 11:31 AM
කොපමණ නම් ආශාවකින් හා දොලදුකකින් පෙලෙනවද ඇමති පදවියක රසය ලබන්න.(හේ)
ලියෝන් Thursday, 04 December 2014 08:46 PM
මේ වෙලාවේ රටේ වෙනසක් අවශ්‍යයි. ලොකු තැන් වෙනස් කරන්න ලෙහෙසියි පොඩි තැන් වෙනස් කළවිට (නි)
සුනෙත් Thursday, 04 December 2014 12:32 PM
වෙනසක් වෙනවා නම් දැම්මම කරලා පෙන්නන තිබුනනේ.(හේ)
ශ්‍රියන්ත Thursday, 04 December 2014 10:50 PM
නිශාන්තගේ හීනය නම් බොඳවෙලා. (නි)
කසුන් Thursday, 04 December 2014 01:18 PM
හීන දැකපු අය කෝ දැන්? (නි)
සමන් Thursday, 04 December 2014 03:08 PM
මට මේ මොකුත් තේරෙන්නෑ, අනේ මන්ද.(හේ)
බන්දු Thursday, 04 December 2014 03:10 PM
මිනිස්සු ඉදිරියට යන්නේ කුමන හෝ සිහිනයක් තිබුණොත් පමණයි.(හේ)