පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
එම විවාදය හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර පස්වරු හයට ඡන්ද විමසීම පැවැත්වෙයි.
ඒකාබද්ධ විපක්ෂයද සීමා නිර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය ලබා දෙන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පමණක් මෙම පනතට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ආණ්ඩු පක්ෂයේ බහුතර බලය හිමි එක්සත් ජාතික පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය විරුද්ධව ඡන්දය භාවිත කරන නිසා සීමා නිර්ණය වාර්තාව සම්මත කිරීම අසීරු වනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියයි.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන්නේ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd