දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව ඉතා ඉහළින් අගය කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් මහතා කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් රජයේ යහ පාලනය අනුමත කරන බව ද රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමු වන බව ඉන් පෙන්නුම් කරන්නේ යැයිද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට මතකයි හිටපු ජනපතිතුමා ඔහුට තුන්වන වර ඡන්දෙකට ඉදිරිපත්වීමට පුලුවන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසූ ආකාරය. (නි)
කට්ටියම එකතුවෙලා ආණ්ඩු පක්ෂ, විරුද්ධ පක්ෂ, අර පක්ෂ මේ පක්ෂ කිවුවට ඔය ඔක්කොම මට නම් එකම වල්ලේ පොල්. (නි)
ප්‍රබාකරන් එක්ක තමන්ගේ කැබිනට් එකටත් හොරෙන් අත්සන් කරපු ගිවිසුම වගේ හොරට දාපු පිටු දොළහක ඇමිණුම ගැන කබීර් ඇමති තුමා මොකද කියන්නේ. අපි හැමදාම මෝඩයට අන්දන්න හදන්න එපා. අපේ පිළිතුර දරුණු වෙන්න පුළුවන් (නදී)
මෝඩයට අන්දන්න අාපු කට්ටිය ජනවාරි 8 හොඳ පිළිතුරක් දුන්න නේද.? මතක නැද්ද ? (ම)
සම්පත්ලා වගේ මහත්වරුනට ජනවාරි 08 වෙනිදා කරපු ගොන්කමේ තරම තේරෙන්න තව අවුරුදු 2ක් යනවා.එතකොට කෝච්චිය ගිහින් එවරයි.(ම)
යහ පාලනය නිසා උසාවිය බේරුනා නැත්නම් අග විනිසුරු තුමා ගෙදර (ම)
දැන් රට ආරාජික වෙන්න පටන් ගත්තා.දැන් ඉතින් ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වගේ තමයි.මේවාට වගකින්න ඕනැ අපේ රටෙ මිනිස්සුම තමයි.(බ)
මෙයාල මුට්ටිය දාල බැලුවේ ජනමතවිචාරණේ මග ඇරගන්න පුලුවන්ද කියල ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගයෙන්, හරිගියේ නැතුවම වෙන බයිලා කියවනවා දැන්! (බ)
හොඳයි අපි බලමුකෝ දැන් ඔය කියන විදියටම වෙයිද කියලා (නි)
පෙරලුන පැත්ත හොඳයි කියනවා (නි)
මට නම් තේරෙන්නේ විධායක ජනාධිපති අහෝසි කරලා විධායක අගමැති කෙනෙක් හදන්න යනවා කියලයි. මොකක්ද මේකේ තේරුම? දෙකම එකයි නේද? අමත්‍යංශ වෙන්කරලා තියෙන හැටි දැක්කම හිතෙනවා විධායක අගමැති කෙනෙක් ආවොත් රාජ්‍ය සේවය නත්තටම් නැතිවෙයි කියලා. මිනිසුන්ට ඕනෑ මොන ක්‍රමයකින් හරි රට සංවර්ධනය වෙනවා දකින්න. තමන්ගේ දරුවන්ට හරි සතුටින් ජීවත්වෙන්න. ඒකට කැපවීම් කරන්න වෙනවා. කාලාබීලම රට සංවර්ධනය කරන්න බැහැ. අන්වශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා රටේ සංවර්ධනය නැවතිලා. ගිය ආණ්ඩුවේ සංවර්ධනය දිගටම ගියා නම් අපි 2020 වෙනකොට හොඳ මට්ටමකට ඇවිල්ලා (නි)
මට නම් කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ (නි)
හොඳ දේ අගය කරන්න ඕනෑ (නි)
ඉස්සර නම් අපි කලින්ම නඩු තීන්දුව දන්නවා (ස)